රැම් ස්ටූඩියෝ, වේගා, භාෂා තව...

                                                           ලංකාවෙ කොල්ලො ටික දෙනෙක් එකතු වෙලා RAM Studio වලින් හදපු අලුත්ම ගේම් එක තමයි Extraction Valley කියන්නේ. මේක විශේෂත්වය තමයි multiplayer game එකක් වීමයි. 
 
                ඉතිං මේ ගේම් එක ගැන වැඩි විස්තර පහල තියෙන pcguidelk එකෙන් කරපු වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.


                මීට කලිනුත් මේ වගේ ගේම් හදපු ඒවා තිබුණා මතක ඇති. කංචායුධ ඉස්සරහට එන්න තියෙන නීරෝ වගේ Arimac සමාගමෙන් නිර්මාණය කරපු ගේම් එහෙමත් අපිට අමතක කරන්න බෑ. මේ වගේම තව වේගා කාර් එක, භාෂා සමාගම වගේ අද ලෝකයට ගැලපෙන නිර්මාණ කරන්න උපන් හපන්කම් තියෙන මිනිස්සු ඕනෙ තරම් අපේ ලංකාවෙ ඉන්නවා. ඒත් මේ ඒ අයටම ගැලපෙන රටක් ද?
               රුපියල් ලක්ෂ නවයකට කාර් එකක් හදපු කෙනෙක් ගැන ෆේස්බුක් එකෙන් යූ ටියුබ් එකෙන් දකින්න ඇති. ඒත් ඒ කෙනාට ඒ වාහනේ නිෂ්පාදනයක් විදිහට ඉදිරියට යන්න අවස්ථාවක් නෑ. ඒකට හේතුව ඒ වාහනේ තත්ව පරික්ෂාවක් කරන්න තරම් පහසුකම් දෙන්න මේ රටේ ආයතන අසමත් වීම. අවුරුදු ගාණක කැපවීමක් කරලා, සල්ලි වියදම් කරලා නිර්මාණයක් කරාම ලැබෙන දේ මේක නම්?
               පොඩි කුණු බෑග් එකට නඩු දාන (ඒවත් වැරදි තමයි), කන්ටේනර් ගනන් කුණු ගෙනාපු ඒවට වෙච්ච දෙයක් දන්නෙ නැති, රට හැදීම පැත්තකට දමා මෙලෝ වැඩකට නැති දේ වලට ගුටි ඇන ගන්න පොල්බූරුවන් පාලනය කරන අසිරිමත් රට ලංකාව. මෙච්චර දක්ෂයෝ ඉඳලත් ඉදි කට්ටෙ ඉඳලා රටින් ගේන්න ඳඟලන (කොමිස් කාක්කෝ) කට ඇරියොත් මරි මෝඩ කතා කියන හැමදාම කඩා වැටෙන ආර්ථිකයක් එක්ක "ඉන්න හිතෙන රටක්" මේක.
                 හම්බ කරන සල්ලි ගෙන්න ගන්න ක්‍රමයක්වත් නැතුව (PayPal) තමංඟේ හැකියාවෙන් විදේශ විනිමය ගේන්න කට්ට කන පිරිසක් ඉන්න, බඩගින්නෙ හාමතේ  මිය යන ලමයි ඉන්න "ඉන්න හිතෙන රටක්" මේක. ජනාධිපති අපේක්ෂකයන් කියාගන්න උන් ටිකකගෙ රෙදිත් මේ ලඟදි ගැලවුණා මතක ඇති. එක අතකින් උන් ඉල්ලන්න කලින් හැටි දැන ගත්තු එක තවත් හොඳයි.තව කියන්න දේවල් ගොඩයි... ඉතිරිය හිතන්න. හොඳට මතක තියාගන්න අපිට ඉස්සරහට එන්නෙ අන්තිම අවස්ථාව... මේකත් නැති වුණොත් ලංකාවක් නෑ කියලා හිතාගන්න එක හොඳයි.

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features