ට්‍රම්ප් තහනම හුවාවි වලින් ඉවතට?

                                                 චීනයේ හුවාවි සමාගම තම රට තුල තහනමට ලක් කරමින් ඇමරිකාව විසින් එම සමාගම අසාදුලේඛන ගත කරා.එම නිසා ඉදිරියට නිකුත්වන හුවාවි දුරකතන සඳහා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ලබා නොදීමටත් ඉදිරියට රජයේ අනුමැතියකින් තොරව කිසිඳු හුවාවි උපාංඟයක් හෝ කොටසක් එරටට ගෙන්වීම ඇමරිකාවේ සමාගම් වලට තහනමක් ද  පැණවුනා. එසේම හුවාවි දුරකතන වලට චිප්සෙට්, මෙමරි කාඩ් ස්ලොට් පවා තහනම් වුවා.
                                   මේ නිසා හුවාවි සමාගම පත්වූ දැඩි අපහසුතාවයකටයි අලුත්තෙන් එන දුරකතන තබා දැනට වෙළඳපොලේ ඇති දුරකතන ද විකුනා ගැනීමට ද අපහසු වූයේ පාරිභෝගිකයින් පවා අනිසි ලෙස කලබල වී උපාංඟ මිලට නොගැනීම නිසයි. මේ නිසා ඩොලර් බිලියන 30 ක පමණ පාඩුවක් හුවාවි සමාගමට සිදුවී ඇත.
                                     මෙවන් පසුබිමක හුවාවි සමාගම තමන්ගේම මෙහෙයුම් පද්ධතියක් යටතේ දුරකතන නිපදවීමට කටයුතු කරන බවට කියැවුණා. කෙසේ නමුත් මේ බාධකය ලිහිල් කිරීමට ඇමරිකා ජනාධිපති ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ඒ නිසා නැවතත් හුවාවි සමාගමට ඇමරිකානු සමාගම් සමග ගණුදෙනු කල හැකි තත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. එයට අනුව හුවාවි සමාගමට ඇමරිකානු සමාගම් වලින් උපකරණ මිලට ගැනීමටත්, ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවනු ඇතැයි තහවුරු කරගන්නා ලද උපකරණ පමණක් දැනට ඇමරිකාවේ විකිණීමට හැකි බවත් ඔහු පවසා තිබේ. ට්‍රම්ප් මේ බව පවසා තිබුණේ G20 සමුළුව අතරතුර චීන අගමැති අතර සාකච්ඡාවකදී ඇතිවූ එකඟතාවක් මතයි. තත්වය මෙසේ වුවත් තවම අසාදුලේඛනයෙන් හුවාවි සමාගම ඉවත් කිරීමට ඇමරිකාව තීරණය කර නැත. ඒ නිසා මේ තාවකාලික සහනය කොයි අතකට පෙරලේදැයි තවම සැක සහිතය.

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features