HarmonyOS - හුවාවි අලුත් OS එක!

                                            ඇමරිකානු රජය විසින්, ඇමරිකාව විසින් හුවාවි සමාගම වෙත සපයන සේවාවලට මීට ටික කලකට කලින් වාරණයක් දැම්මා. ටික කලකට පස්සේ හුවාවි වාරණය ඉවත් කරනු ලැබුවාත් මතක ඇති. ඒත් වාරණය එල්ලවුණු වෙලාවෙ හුවාවි සමාගමට එල්ල වුණ ලොකුම ප්‍රශ්ණයක් වුණේ ගූගල් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ බලපත්‍රය අහෝසි කිරීමයි. ඒ නිසා හුවාවි විසින් අලුත් මෙහෙයුම් පද්ධතියක් Hongmeng OS නමින් එන බවට කියවුණා. දැන්  හුවාවි සමාගම මේ අලුත් මෙහෙයුම් පද්ධතිය HarmonyOS නමින් එළිදක්වනු ලැබුවා.
androidcentral
                       HarmonyOS මෙහෙයුම් පද්ධතිය Huawei Developer Conference 2019 දී එළිදක්වනු ලබමින් ඔවුන් කියා සිටියේ මෙය ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා වේගවත් සේම ආරක්ෂාකාරී බවයි. ප්‍රධාන වශයෙන් IoT නිෂ්පාදන (smart displays, wearables, smart speakers and in-car device) ඉලක්ක කරමින් HarmonyOS නිර්මාණය කර තිබේ. ඇන්ඩ්‍රොයිඩ් සහය ලබා දීම නවතා දැමුවහොත් එතැන් පටන් HarmonyOS තම ජංගම දුරකතන වලට ඇතුලත් කල හැකි බව ඔවුන් තව දුරටත් කියා සිටියා.
forbes
                                    HarmonyOS එක microkernel පාදක open source මෙහෙයුම් පද්ධතියක්. මෙය ඉදිරියට පැමිණිමට නියමිත microkernel පාදක Google Fuchsia OS ටද තරඟයක් වනු ඇත. මේ අලුත් microkernel නිර්මිතයට අනුව HarmonyOS හි ආරක්ෂක පියවරක් ලෙස root ප්‍රවේශය ලබා නොදෙනු ඇත.තවද සාමාන්‍ය මෙහෙයුම් පද්ධති වල ඇති verification ක්‍රම වලට එහා ගිය නව verification ක්‍රම මගින් HarmonyOS හි ආරක්ෂාව වැඩි කර ඇත. Deterministic Latency Engine නම් ක්‍රමවේදයක් මගින් පද්ධතියේ ඇති සම්පත් real time  ලෙස මනාව කළමණාකරනය කල හැකියාව ඇත. Inter Process Communication ක්‍රමවේදය මගින් microkernel එක හා external kernel එක අතර වේගවත් ලෙස දත්ත හුවමාරු කිරීමේ හැකියාව ඇති කර තිබේ. ඒ අනුව පෙර කී Google Fuchsia OS එකට වඩා HarmonyOS එක 5 ගුණයක් වේගවත් බවයි හුවාව් සමාගම පවසන්නේ.
pocketnow
                                            එසේම හුවාවි සමාගමේ ARK compiler එක මගින් මෘදුකාංඟ නිර්මාපකයන් හට ඇන්ඩ්‍රොයිඩ් සඳහා නිපදවූ ඇප්, අලුත් HarmonyOS සඳහාද යොදා ගත හැක. ඒ නිසා දැනට ඇති ඇන්ඩ්‍රොයිඩ් ඇප් ද ගැටලුවකින් තොරව, සමහර විට ඊටත් වඩා වේගවත්ව HarmonyOS තුල ක්‍රියාත්මක වනු ඇතී.
                                                 හුවාවි යනු දැනට ලොව දෙවනියට විශාලතම ජංගම දුරකතන නිපදවන සමාගමයි. ඉදිරියේදී එය එක වීමටද බොහෝ ඉඩ ඇති බව විචාරකයන් පවසයි. ඉතින් ඇමරිකාව පැනවූ වාරණයට හොඳ උත්තරයකට වඩා HarmonyOS එක කණේ පහරක් ද විය හැක!

4 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. I wonder what will be their alternative for Google Maps.

    ReplyDelete
    Replies
    1. I will be post a article about that with pros and cons of them.
      Welcome dedunu!

      Delete
  2. ඇපල් එක තමන්ගේම OS එකක් පාවිච්චි කරයි කියල එයාලට අඩුවක් පාඩුවක් උනේ නෑ නේ. ඒ වගේම හුවාවේ එකටත් ගැටළුවක් නැති වෙයි හරියට කරගත්තොත්. සිම්බියන් එක හරියට අරං ආවා නම් නොකියා එක වැටෙන්නෙත් නෑ ඒ කාලේ.

    ReplyDelete
    Replies
    1. මේ OS එක ඉදිරිපත් කරලා හුවාවි සමාගම පෙන්නුවෙ එයාලා වට්ටන්න බෑ වගේ දෙයක්. ඒ කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් නැති වුණා කියලා එයාලට ප්‍රශ්ණයක් නෑ කියලා පෙන්නන්න.
      //සිම්බියන් එක හරියට අරං ආවා නම් නොකියා එක වැටෙන්නෙත් නෑ ඒ කාලේ//
      ඔව් සිම්බියන් os එක දියුණු කරගන්න බැරි වුණේ එයාලට Nokia සමාගම MS ලට දුන්න නිසා. ඒත් ඒකමත්ම නෙවෙයි ලොකුම හේතුව. ඒත් නොකියා ෆෝන් වලට වින්ඩෝස් ගහපු එක ලොකුම අවුලක් වුණා.

      Delete
Previous Post Next Post

Recent Post

Features