IBM කතාව

                                              International Business Machines Corporation නැත්නම් IBM කියලා කිව්වම අද පරිගණක ක්ෂේශ්ත්‍රයේ නොදන්න කෙනෙක් නැති තරම්. අද අපි භාවිතා කරන පරිගණකයේ ඉතිහාසය දිවෙන තරම්ම දුරක් මේ IBM සමාගමටත් තියෙනවා. ඉතින් අද ලිපිය IBM සමාගම ගැනයි.
ආරම්භය
                 IBM සමාගම ආරම්භවෙන්නේ 1911 දී Tabulating Machine Company, International Time Recording Company හා Computing Scale Company සමාගම් 3 ක එකතු වීමක් විදිහටයි. ඒ  Computing-Tabulating-Recording Company යන නම සහිතව Thomas J. Watson ගේ ප්‍රධානත්වයෙන් යුතුවයි.
Thomas J. Watson
                  වසර 1914 දී මේ නම දැන් කවුරුත් දන්නා International Business Machines Corporation (IBM) ලෙස වෙනස් කෙරුණා.කොහොම වුණත්  සමාගමේ මුල්ම වෙළඳාම වුණේ පරිගණක විකිණීම නම් නෙවෙයි. පුද්ගලික පරිගණක ජනප්‍රිය නැති ඒ කාලේ වෙනත් ආයතන වලට අවශ්‍ය සිදුරු පත් (punch card) හා ඒවා වගු ගත කරන යන්ත්‍ර්‍ර (tabulators)  විකීණීම ඔවුන්ගේ අරමුණ වුණා. ඒත් එක්කම ඔවුන්ගේම පරීක්ෂණ සිදු කිරීමේ ඒකකයක් (R&D) ද ඒත් සමගම ඔවුන් පවත්වාගෙන ගියා.
පරිගණක වෙත
              වසර 1930 දී IBM සමාගම විසින් ඔවුන්ගේ සිදුරු පත් තාක්ෂණය උපයෝගී කර ගනිමින් ගණක යන්ත්‍ර (calculators) නිර්මාණය කරන්න පටන්ගන්නවා. එම පරික්ෂණ වල ප්‍රතිපලයක් ලෙස 1944 දී හාවඩ් විශ්වවිද්‍යාලය ද සමග එක්ව Mark 1 නිපදවනු ලබනවා. එය ලොව ප්‍රථම විද්‍යුත් යාන්ත්‍රික පරිගණකයයි.  Mark 1 ක්‍රියාත්මක වුණේ සිදුරු පත් හා රිලේ ස්විච මගින් වන අතර ටොන් 50 ක් පමණ බර විය. අවු:15 ක් පමණ මෙය භාවිතයේ පැවතුනි.
             වසර 1953 වන විට IBM සමාගම පූර්ණ වශෙයෙන් පරිගණක නිපදවිය හැකි සමාගමක් බවට පත්ව තිබුණා. ඒ අනුව යමින් වාණිජ වශෙයෙන් සාර්ථක වූ ඔවුන්ගේ පළමු පරිගණකය  IBM 701 EDPM නිපදවූවා.

පුද්ගලික පරිගණක නිපදවීම (PC)
               වසර 1980 දී මයික්‍රෝසොෆ්ට් සමාගමේ හිමිකරු වන බිල් ගේට්ස් හට IBM සමාගම අලුත් වැඩක් පවරණවා. ඒ ඔවුන්ගේ පරිගණකය සඳහා මෙහෙයුම් පද්ධතිය ලිවීමට. එය බිල් ගේට්ස් වගේම මයික්‍රෝසොෆ්ට් සමාගමේද හැරවුම් ලක්ෂයක් බවට පත්වුණා. ඒ අනුව සිය පළමු පුද්ගල පරිගණකය 4.77 MHz වේගයක් ඇතිව Intel 8088 ප්‍රොසෙසරයද සහිතව 1981 දී වෙළඳපොළට එක් කරනවා.
                 එයින් පටන් ගත් ගමන අද වන විට දෘඩාංඟ, මෘදුකාංඟ පමණක් නොව කෘතිම බුද්ධි වැඩසටහන් මගින් ද කර්මාන්ත සඳහා සේවා සපයන්නෙකු බවට පත්ව සිටී. 

6 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features