Arduino Serial වලින් SQL ඩේටාබේස් එකකට ඩේටා යවමු

                                ආර්ඩුඉනෝ වලින් එක එක සෙන්සර් යොදාගෙන කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. ඒ වගේ Arduino එකක සෙන්සර් වලින් ගන්න ඩේටා, සර්වර් එකක තියෙන ඩේටාබේස් එකකට යවන විදිහ ගැනයි මේ ලිපිය.

                              ඒත් ඉතිං මේකට Arduino Ethernet Shield එකක් හරි WiFi Shield එකක් හරි තියෙන්න ඕනි. ඒත් එහෙම Shield එකක් නැතුව serial connection එක හරහා MySQL ඩේටාබේස් එකකට ඩේටා යවන්නෙ කොහොමද කියලා කරපු පොඩි project එකක් තමයි මේ.
                                         මේක හැදුවෙ මල්ලි කෙනෙක් ගෙ  ප්‍රදර්ශණයකට හදපු පොඩි weather station එකකට. project එක ඉවර කරන්න දවසක් තියෙද්දි තමයි වෙබ් පේජ් එකකින් ඩේටා පෙන්නන ඕනි කියලා කිව්වෙ. ඉතිං Shield එකකුත් නැතුව, ගන්න විදිහකුත් නැතුව වැටුනෙ ලෝක අමාරුවක. ඉතිං කල්පනා කරලා මේක හැදුවා.
                                          මේක වැඩ කරන්නෙ මෙහෙමයි. ආර්ඩුඉනෝ එකට සම්බන්ධ කරලා තියෙන Humidity sensor එකෙන් එන data ආර්ඩුඉනෝ එකේ serial connection එකෙන් PC එකට එනවා. ඒක ඕනි නම් Arduino IDE එකේ serial plotter එකෙන් බලන්න පුළුවන්. ඔක්කොටම කලින් xampp හරි Wamp Server හරි install කරලා ඒකෙන් weather_station කියලා database එක හදා ගන්න ඕනි. දැන් ෆෝල්ඩර් එකේ තියෙන weather_station.sql කියන SQL ෆයිල් එක import කරලා table එක හදාගන්න.
                           ඊළඟට පොඩි ජාවා ප්‍රෝග්‍රෑම් එකක් හැදුවා Arduino එකේ COM port එක තෝරන්නයි ඊට පස්සෙ ඒ ඩේටා ටික ඩේටා බේස් එකට යවනයි .ඒ ගැන වැඩි විස්තර ප්‍රෝග්‍රෑම් එක බැලුවම තේරෙයි. ඊට පස්සෙ PHP, JavaScript වලින් හදපු වෙබ් පේජ් එකකින්  පෙන්නන එක තමයි කරන්නෙ. මේ project එක ටිකක් කලබලෙන් හදපු නිසා bug තියෙන්න පුළුවන්. Java application එක හැදුවෙ NetBeans project විදිහට. .ඕනි කෙනෙකුට Download කරගන්න පුළුවන් GitHub වලින්. මේ ප්‍රොජෙක්ට් එක කැමති කෙනෙක්ට වෙන ඒවට වෙනස් කරලා ගන්නත් පුළුවන්. වැඩි විස්තර ඕනි නම් අහන්න ඕනි කෙනෙකුට කියලා දෙනවා. 😄

15 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. වැඩි විස්තර ඕන නෑ. හැක්..

    ReplyDelete
  2. මම ෆයර් ෆොක්ස් 70 ස්ථාපනය කලෙමි. දැන් මට ෆේස්බුක් යන්න බැරිය. සමහර බ්ලොග් වලට යන්න බැරිය,
    ගූගල් ගිනුමට පිවිසීමටත් බැරිය.

    මොකද කොරන්නේ?

    විසඳුමක් දුන්නොත් උඹට ජේසු පිහිටයි.

    ReplyDelete
    Replies
    1. ෆයර් ෆොක්ස් 70 එහෙම අවුලක් මටනං නෑ.

      Delete
    2. Jagath Pathirana, ඔබගේ ෆයර් ෆොක්ස් 70 යුදෙව් ක්‍රිස්තියානිකාර බටහිරයන් විසින් අවහිර කර ඇත. වහාම සූදුරු නලින්ගේ බ්රෙසියරය ලබාගන්න.
      ස්තුතියි

      Delete
  3. @Praසන්ன අනේ ඉතිං... හැක්!

    @Jagath Pathirana වෙන බ්‍රව්සරයකින් උත්සහ කලාද?

    ReplyDelete
    Replies
    1. ඔව්, ක්‍රෝම්වල වැඩ

      Delete
    2. firefox uninstall කරලා clean installation විදිහට නැවත install කර බලන්න

      Delete
  4. firefox කියන්නේ විවෘත කෙතකේත ඇති මෘදුකාංගයක්.
    ඒ නිසා ඒක ඔ්නේ කෙනෙක්ට දියුණු කරන්න පුළුවන්.
    ඉතින් firefox සම්පූර්ණයෙන්ම අස්ථාපනය කලහැකි විාදියට දියුණුකරලා බෙදා හැරපංකෝ

    ReplyDelete
    Replies
    1. මේක නම් ඒ වගේ ලොකු ලෙඩක් නෙවෙයි. Setting වලින් වෙනස් වුණ එකක් වෙන්න ඕනි.

      Delete
  5. මට පෙන් ඩ්‍රයිවයක් විබෙදුම් 10කට විතර කඩලා එයින් 9කට මෙහෙයුම් පද්ධති 9ක් බූටබල් ආකාරයට ස්ථාපිත කරන්නත් ඉතිරි විබෙදුම දත්ත ගබඩා කරන්නත් යොදා ගන්න අවශ්‍යයි. එසේම එසේ ස්ථාවිත මෙහෙයුම් පද්ධති අවශ්‍ය වෙලාවට වෙනස් කරන්නත් අවශ්‍යයි.

    මේ වැඩේ කරන හැටි සරලව විස්තර කරලා දියංකෝ.

    ජේසු පිහිටයි!

    ReplyDelete
    Replies
    1. පෙන් එකක් මෙහෙම partition කරලා වැඩක් වෙයි ද?

      Delete
    2. දැන්කාලේ ගිගාබයිට් 32, 64 පෙන් වුනත් තියෙනවනෙ. ඔය වැඩේට හරියන මෘදුකාංග තියෙනවා. ඒත් කරගන් තේරෙන්නේ නෑ. පුළුවන්නම් උදව්වක් දෙන්න.

      ජේසු පිහිටයි!

      Delete
    3. පෙන් එකේ perfomance එක්ක බලනකොට වැඩක් වෙයිද දන්නෑ. අනික පෙන් එකක් පාටිශන් කරන කොට damage වෙන්න පුලුවන්. වැඩේ කරගන්නම ඕනි නම් මෙන්න මේ ලිංක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. මේක හරියටම හරි.
      https://www.partitionwizard.com/download/v11/pw11-free.exe

      Delete
  6. අඩේ දියබ්ලෝ 4 (Diablo IV) ඇවිල්ලා.
    මම දියබ්ලෝ 3 බාගත කරගත්තත් ඒක ක්‍රියාත්මක කරගන්න තේරුනේ නෑ.
    දියබ්ලෝ 3 නම් හම යනකං ගැහුවා
    මේ සම්බන්ධ ලිපියක් දාපංකෝ

    ReplyDelete
    Replies
    1. මං හොයලා ඉක්මනින් දාන්නම්.

      Delete
Previous Post Next Post

Recent Post

Features