Microsoft Surface October 2019

                 මයික්‍රෝසොෆ්ට් සමාගමේ සර්ෆේස් උපාංඟ එලිදැක්වීමේ උළෙල ඉකුත්දා (2) පවත්වනු ලැබුවා. සර්ෆේස් කාන්ඩයට අයත් නව උපාංඟ 6ක් මෙහිදී එළිදක්වනු ලැබුවා. ලැප්ටොප්, ටැබ්ලට්, ෆෝන් හා ඉයර් බඩ්ස් මේ උපාංඟ වලට අයත් වෙනවා. තවත් විස්මිත කරුණක් වන්නේ ඔවුන් ඉදිරිපත් කල තිර දෙකක් සහිත දුරකතනය හා ටැබ්ලට් උපාංඟයයි.

  1. Microsoft Surface Laptop 3
  2. Microsoft Surface Pro 7
  3. Microsoft Surface Pro X
  4. Microsoft Surface Neo
  5. Microsoft Surface Duo
  6. Microsoft Surface Buds
                           මෙන්න මේ උපාංඟ 6 තමයි Microsoft Surface event එකේදී ඉදිරිපත් කලේ.

Surface Laptop 3
engadget
               Surface Laptop 3 උපාංඟය අඟල් 13 හා 15 යන තිර ප්‍රමාණයන් සහිතව පැමිණෙනවා. අඟල් 13 ලැප්ටොප් එක 10th-generation quad-core ප්‍රොසෙසරයක් සහිතව හා අඟල්  15 තිරය ඇති ලැප්ටොප් එක AMD Ryzen 7 සමග පැමිණෙනවා. පෙර තිබූ Surface Connect port  එකට අමතරව USB-C port එකක්  ද නව උපාංඟයට ඇතුලත් කර තිබෙනවා. ඇලුමිනියම් නිමාවක් සහිත මෙහි පෙරට වඩා හොඳ ට්‍රැක් පෑඩයක් සහිත අලංකාර නිමාවකින් පැමිණෙයි.

Surface Pro 7
thenextweb
                        Surface Pro 7 යනු Surface Laptop 3 ට වඩා තරමක් වැඩිදියුණුකල මාදිලියකි. Surface Pro සමග ලැබෙන Surface Pen එක මගින් වර්ඩ් සමග වැඩ කිරීමටත් Studio mics සමග වඩා හොඳ voice command මගින් හැසිරවීමේ හැකියාවක් ද ලබා දී තිබෙනවා.

Surface Pro X
engadget
                        මේ උළලේ ඉදිරිපත් කල සිහින්ම උපාංඟය මෙයයි. රැගෙනයාමට ඉතාම පහසු ලෙස නිපදවා ඇති මෙහි ඝණකම 5.3 mm කි. MSFT SQ1 කියන Snapdragon ප්‍රොසෙසරයෙන් බලය ලබන මෙහි LTE තාක්ෂනයද ඇති අතර 7w පමණ කුඩා ශක්ති පරිබෝජනයක් ඇත.  2,880x1,920 විභේදනයක් ඇති edge-to-edge PixelSense තිරයක් සහිත නිසා ඉතා පැහැදිලි රූප ලබා දීමේ හැකියාව මෙහි තිරයට පවතී.

Surface Neo
engadget
                      ලැප්ටොප් හා ටැබ්ලට් අතර පවතින ගැටුම නතර කිරීමේ අරමුණින් තිර දෙකක් සහිතව ඉදිරිපත්කල නව Surface Neo ටැබ්ලට් උපාංඟය කාගෙත් අවධානය යොමුවුණා. 
                         මෙය තිර දෙකක් සහිත ඉන්ටෙල් තාක්ෂණයෙන් බලගැන්වූ උපාංඟයක් වන මෙහි, තිර දෙකම බෙදා රූප පෙන්වීමේ හැකියාව ඇත. ග්‍රෑම් 655 පමණ බරකින් යුක්ත Surface Neo හි Gorilla Glass හා තිරය මත ලීවිය හැකි පෑනක් සහිතව පැමිණෙයි. අවශ්‍ය නම් Keybord එකක් සම්බන්ද කර ද වැඩ කල හැකිය.

Surface Duo
digitaltrends
                      Surface Duo යනු මයික්‍රෝසොෆ්ට් සමාගම ඉදිරිපත් කල තවත් සිත් ඇදගන්නා උපාංඟකි. මෙය දෙකට නැවිය හැකි තිර දෙකක් සහිත දුරකථනයකි. මෙය හරියට Samsung Galaxy Fold මෙනි. වෙනසකට ඇත්තේ Galaxy Fold හි මෙන් සම්පූර්ණ තිරය එක දිගට නොගොස්, මැඳින් වෙන් කර තිබීමයි. දෙපසම අඟල් 5.6 ක තිර ඇති නිසා තරමක් විශාල තිරයක් භාවිත කරන්නාට ලැබේ. තවත් සතුටු හිතෙන කාරණය නම් මෙහි ක්‍රියාත්මක වන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වීමයි.

Surface Buds
wccftech
                  ඇපල්, සැම්සුන් වගේ සමාගම් වයර්ලස් ඉයර් බඩ්ස් ඉදිරිපත් කලත් කාලයක් යනතුරු මයික්‍රෝසොෆ්ට් සමාගම ඉදිරිපත් කලේ නැත. එම අඩුව පුරවමින් දැන් Surface Buds ඉදිරිපත් කර තිබේ. මයික්‍රෝසොෆ්ට් Omnisonic sound තාක්ෂණයෙන් යුතුව එන මෙහි රඳවනය මගින් ඉයර්බඩ් ආරෝපණය කල හැකිය. එක් වරක් ආරෝපණය මගින් පැය 24 ක කාලයක් භාවිතා කිරීමට පුළුවන.

                 මේ උපාංග අතරින් බොහෝමයක් තවමත් වෙළඳපොලට ඉදිරිපත් කිරීමට සූදානම් නොමැති අතර ලබන අවුරුද්දේ මුල් කාලයේ ඒවා වෙළඳපොලට එවනු ඇත. එසේම මේ තොරතුරු එම උළෙලේදී ඉදිරිපත් කල කරුණු පමණක් වන අතර සම්පූර්ණ විස්තර ඉදිරියේදී දැනගැනීමට හැකිය.

4 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. මාකට් එකට ආවම බලමු.

    ReplyDelete
  2. surface කිව්වාම මම හිතුවේ මේක
    https://www.google.com/url?sa=i&rct=j&q=&esrc=s&source=images&cd=&ved=2ahUKEwjbh7mHy4TlAhVLfH0KHeeOAwIQjRx6BAgBEAQ&url=https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3DiCwzgKAcreY&psig=AOvVaw1ZNfsqnrMbMqWp2sE5DmYc&ust=1570346577009226

    ReplyDelete
    Replies
    1. ඔය වගේ පටන් ගත්ත ගොඩක් ප්‍රොජෙක්ට් අතරමග නවත්තල දාලා තියෙනවා.

      Delete
Previous Post Next Post

Recent Post

Features