VEGA කාර් එකේ වැඩ ඉවරයි?

                                             VEGA කාර් එක ගැන නොදන්න කෙනෙක් නම් නැති තරම්. ලංකාවෙ හදන ඉලෙක්ට්‍රික් සුපර් කාර් එක තමයි වේගා කියන්නෙ (අලුත් කෙනෙක් නම් මෙතන ක්ලික් කරලා ලිපිය කියවන්න). ඉතිං මේ කාර් එක හදන හැටි ගැන විටින් විට ලිපි techසයුරෙ පළ කලා. දැන් ඔන්න කාර් එකේ වැඩ කටයුතු බොහෝ දුරට ඉවරවෙලා කියලා තමයි ආරංචි.
                                    VEGA කියන්නෙ ඇත්තටම සුපිරි කාර් එකක් (එහෙම කියන්න හේතුව ඇස් දෙකට දැකපු නිසා). හැඩය වගේම නිමාවත් ජාත්‍යන්තර ප්‍රමිතියේ තියෙනවා. ඒ වගේම තවත් එකක "කොපියක්" කියන්නෙ නැතිවෙන්න ඊටම ආවෙනික හැඩයක් එක්ක සිත්ගන්නාසුලු විදිහට වේගා කාර් එක හදන්න වේගා හි නිර්මාණ කරුවන්ට හැකි වෙලා තියෙනවා.
 
ඉදිරිපස ප්‍රධාන පහන් පද්ධතිය

පිටුපස පහන් පද්ධතිය

                  වේගා කියන්නෙ සුපිරි මෝටර් රථයක් කියන්න හේතුව තත්:3.5 ඇතුලත 0 -> 60 mph වේගයකට ළඟාවෙන්න පුලුවන් වගේම මේ  රථයට පැ.කි.මි 220 ක උපරිම වේගයක් ලබා ගන්න පුලුවන් වෙන නිසයි. වේගය වගේම දුරක් යන්න පුළුවන් වෙන්න එක පාරක් චාර්ජ් කරලා කි.මි 220ක් යන්න පුලුවන් තරමට මේ රථය බලවත්.
               
පරීක්ෂණ වලට ලක් කරමින්
                            වේගා නිපදවන CodeGen සමාගමේ ප්‍රධානියා වෙන හර්ෂ සුබසිංහ මහතා සිය ෆේස්බුක් ගිණුමේ වේගා රථයට VIN අංකය ලබාගැනීම සඳහා රැගෙන යාමට සූදානම් කර තිබෙන අයුරු සඳහන් කර තිබුණි. VIN(Vehicle identification number) යනු රථ වාහන ක්ෂේත්‍රය තුල එක් එක් වාහනයක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා නිකුත් කරන කේතයකි. මේ පරීක්ෂණ සමත් වුවහොත් ලංකාවේ නිපදවූ VIN අංකය ලබාගත් පලමු රථය වේගා බවට පත්වනු ඇත.
              "අපිට මොකුත් කරන්න බෑ" යන මතය අතහැර මෙවැනි විශිෂ්ඨ නිර්මාණ බිහි කිරීමට හැකිය යන්න සනාථ කිරීමට හොඳම සාක්ෂිය වේගා ය. ඉතින් මෙවැනි නිර්මාණයක් බිහිකිරීමට සිය ශක්තිය, දැනුම කැපකල හර්ෂ සුබසිංහ මහතා ප්‍රමුඛ වේගා හි කාර්‍යමණ්ඩලයට ඉදිරි වැඩ කටයුතු ද සාර්ථක වීමට සුභ ප්‍රාර්ථනා කරමු!

පෙර ලිපි:



(වැඩි දුර තොරතුරු සඳහා Vega Innovations ෆේස්බුක් පිටුවට යොමු වෙන්න)
(සියලු පින්තූර සහ වීඩියෝ Vega Innovations හා හර්ෂ සුබසිංහ මහතාගේ ෆේස්බුක් පිටුවලිනි)

2 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features