ලංකාවේ ප්‍රථම ඉලෙක්ට්‍රික් සුපිරි මෝටර් රථය VEGA ධාවනයට සූදානම්!

                        වේගා කියන නම නොදන්න කෙනෙක් නැති තරම් දැන්. ලංකාවේ ප්‍රථම ඉලෙක්ට්‍රික් සුපිරි මෝටර් රථය. නිර්මාණය කරන්නෙ CodeGen සමාගම. ඉතිං මේ කාර් එක හැදෙන හැට් ගැන ලිපි පෙළක්ම tech සයුරෙන් අරගෙන ආවා.
                    දැන් මේ විදිහට ලස්සනට තිබුණට ඒ හැඩ වැඩ ගන්න මේක හදපු හර්ෂ සුබසිංහ, බෙශාන් කුලපාල ඇතුලු අනෙකුත් ඉංජිනේරුවරුන්ගේ වසර ගණනාවක කැපකිරීම් හා ශ්‍රමය යොදවනු ලැබුවා. මේ රථයේ පරීක්ෂණ ධාවන මීට දින කීපයකට ඉහතදී සිදුකරනු ලැබූ අතර ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත අන්තර්ජාතික මෝටර් රථ ප්‍රදර්ශණයක් වන Geneva Motor Show දී එළි දැක්වීමට නියමිතයි. ඒ බව එහි වෙබ් අඩවියේද සඳහන්ව තිබේ.
                    කිලෝ වොට් 300 ක බැටරි පැක් එකක් සමග එක් වරක් ආරෝපණය කිරීම මගින් කිලෝමීටර් 240ක් ගමන් කිරීමට හැකි මෙම රථය 0mph සිට 100mph දක්වා වේගයක් ලබා ගැනීමට ගතවන්නේ තත්පර 3.1 පමණ ඉතා කුඩා කාලයක්! අශ්ව බල 900 ක බලයක් 260kmph ඇති මෙහි මෝටරය හා බැටරි පැක් එක හැර අනෙක් සියලු උපාංඟ දේශීය වශයෙන් නිර්මාණය කරන ලද ඒවා වේ. එසේම මෙහි බැටරිය වි.15 ඇතුලත ආරෝපණය කල හැකි වීමද අනෙක් ඉලෙක්ට්‍රික් මෝටර් රථ වලට වඩා මෙහි ඇති විශේෂත්වයකි.
                              "අපිට නෑ, බෑ" කියනවා වෙනුවට "අපිට කරන්න පුළුවන්" යන දේ ඔප්පු කරීමට දරන ලද වෑයමක් ඵල දරා ඇති අන්දම පෙන්වීමට වේගා මෝටර් රථය ශ්‍රී ලාංකික තරුණ පරම්පරාවට හා අනෙකුත් සියලු දෙනාට කදිම උදාහරණයකි. වේගා හි ඉදිරි කටයුතුත් සර්වප්‍රකාරයෙන් සාර්ථක වීමට tech සයුරේ අපෙන් උණුසුම් සුබ පැතුම්!


(වැඩි දුර තොරතුරු සඳහා Vega Innovations ෆේස්බුක් පිටුවට යොමු වෙන්න)
(සියලු පින්තූර සහ වීඩියෝ Vega Innovations හා හර්ෂ සුබසිංහ මහතාගේ ෆේස්බුක් පිටුවලිනි)


2 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. මහ පාරේ තාප්ප බෝක්කු ලයිට් කණු වල දුටුගැමුණුලා වලගම්බලා අදිනවාට වඩා මේවාගේ අලුත් දෙයක් කරන්නට අපේ රටේ තරුණ පරපුරේ මනස දියුණුවේවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන් අයියේ.. මොළ තිබුණට වැඩක් නෑ. වැඩක් ගන්නෙ නැත්තන්ම්. හැමදාම කියනවා වගේ. ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕනිම නෑ.

      Delete
Previous Post Next Post

Recent Post

Features