අලුතින් එන iPhone SE!

                      ඇපල් විසින් ඊළඟට පැමිණීමට තිබූනේ iPhone 9 වන නමුත් 2016 දී පැමිණි iPhone SE මාදිලිය නවමු විශේෂාංඟ සමග නැවත වෙළඳපොලට නිකුත් කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. ඒ අනුව මීළඟට පැමිණීමට ඇත්තේ iPhone SE 2020 යි.                             
                      මෙම මස 24 වන දා මෙය වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි. එසේම මේම මස 17 දා සිට පෙර ඇනවුම් සඳහා විවෘතව පවතිනවා. මෙහි මිල $399 (ලංකාවේ මුදලින් රු. 77,000 පමණ) වනු ඇති බව පැවසෙනවා. 64GB, 128GB, 256GB ලෙස මෙය පැමිණෙනවා.
                 මෙහි නිමාව හා හැඩය පැරණි iPhone යේ (iPhone 8,7) ලෙස නිකුත් වන මෙහි අඟල් Retina HD Display එකක් පවතිනවා. එහි පැරණි මාදිලියේ පැවති පරිසර තත්වයන් වලට තිරයේ ආලෝක ප්‍රමාණය සකසන TrueTone තාක්ෂණය සමග පැමිණෙනවා. අලුත් iPhone හි තිබුණු FaceID හා virtual button එකට කැමැත්තක් නොමැති වූ අයට නැවත තිරයට පහතින් සුපුරුදු Home බොත්තම සමග TouchID පැමිණෙනවා. නමුත් මෙහි 3.5mm Headphone jack එක ලැබෙන්නෙ නෑ. ඒ වෙනුවට Lightning Port එකට සවි කල යුතු ඇඩැප්ටරය ලබා ගත යුතු වෙනවා. මෙයට ජලයට හා දුහුවිල්ලට ඔරොත්තු දෙන IP67 සහතිකය ඇත.
                  මෙහි නිමාව පැරණි වුවත් අන්තර්ගතය අලුතින් පැමිණි අයිෆෝන් මාදිලිවල ඇති බලය ඇතිවන ලෙස නිර්මාණය කර තිබෙනවා.මෙහි පවතින්නෙ iPhone 11 හි පැමිණි A13 Bionic චිපයයි. ඇපල් සමාගම පවසන ආකාරයට මෙය 2016 ආ පැරණි iPhone SE ට වඩා දෙගුණයක් වේගවත් වේ. බැටරි බලය පෙර පැවති iPhone 8 හි මෙන් එක් වරක් චාර්ජ් කිරීම මගින් පැය 12 ක් භාවිතා කල හැකි වන මෙහි අලුත් පහසුකමක් ලෙස වයර්ලස් චාර්ජින් පැමිණෙනවා. මෙහෙයුම් පද්ධතිය ලෙස නව iOS 13 ක්‍රියාත්මක වන නිසා අලුතින් පැමිණි මෘදුකාංඟ හා විශේෂාංඟ මෙහි අත්විඳීමට පුළුවන්.
                      නව iPhone SE 2020 හි කැමරාව 12MP , f/1.8 aperture වන අතර iPhone 11 හි මෙන් ඉතා සුපැහැදිලි පින්තූර ලබා ගැනීමටත් full gamut of effects සහිතව portrait mode ඡායාරූප ගැනීමට හැකියාව ඇති මෙහි තත්පරයකට ෆ්‍රේම් 60 ක වේගයක් ඇතිව 4K වීඩියෝ පටිගත කිරීමේ හැකියා පවතී. කලු, සුදු හා රතු යන වර්ණ වලින් මෙය ලබා ගැනීමට හැකියාව ලැබේ.
                           පෙර සිට පැවති iPhone හි හැඩය හා නිමාව අලුත් සංස්කරණ වලදී වෙනස් වීම පාරිභෝගිකයින් එතරම් යහපත් ලෙස පිළිගෙන නැති බව ඇපල් සමාගම පිලිගත් නිසාදෝ පැරණි මාදිලිය නැවත වෙළඳපොලට නිකුත් කිරීමෙන් ඔවුන් නැවතත් පෙර පැවති සිය ආදිපත්‍ය ලබා ගැනීමට උත්සහ ගනිමින් සිටී. කෙසේ වෙතත් මේ නව iPhone SE 2020 රසිකයන් විසින් උණුසුම් ලෙස පිලිගනු ඇත.

(Photo Credit: https://www.apple.com/)

2 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. මම හිතුවා 3.5 ජැක් එක තියෙයි කියලා මේකේ. ඒක නැති කරපු එක නම් අපරාදේ. මෙයාල මේකට ඇඩැප්ටර් එකක් දෙන්නෙත් නැහැ නේ. ගන්න තියන එකත් සෑහෙන්න ගණන්.

    ReplyDelete
    Replies
    1. ඇපල් කොම්පැනියෙ වැඩ ඔහොම තමයි අයියෙ. කාර් එකක් හැදුවොත් වහලෙ එහෙමත් වෙනම විකුණයි 😂

      Delete
Previous Post Next Post

Recent Post

Features