Covid-19 මැඩලන්න ඔබේ පරිගණකයත් දෙන්න.

                        මාස හතරකින් විතර දාන පළවෙනි ලිපිය. ලෝකෙම කණපිට හැරිලා. Corona නැත්නම් Covid-19 වෛරසය ආසානය වීම නිසා මුලු ලෝකයේම මිනිස්සු ප්‍රීඩා විඳිනවා. ඒත් එහෙම කියලා එලිමහනට බැහැලා වැඩ කරන්න යන්න බෑ. කරන්න පුළුවන් ලොකුම උදව්ව ගෙදරට වෙලා ඉන්න එක. කොච්චර දියුණු උනත් තවමත් හරි හැටි බෙහෙතක් Covid-19 වෛරසයට නෑ. ඉතින් ගෙදර ඉඳන් මේ වැඩේට උදව් කරන විදිහක් තමයි මේ කියන්න යන්නේ.
මොකද්ද Folding@Home ?
                 Covid-19 වෛරසයට බෙහෙතක් හොයාගන්න ලොව පුරා ඉන්න විද්‍යාඥයන්ට ගොඩක් මහන්සි වෙන්න වෙලා. මේ විදිහට බෙහෙත් හොයන්න ගොඩක් පරීක්ෂණ වගේම ලොකු ගණනය කිරීම් කරන්න ඕනිවෙනවා. ප්‍රායෝගිකව මේවා මිනිස් මොළයෙන් විසඳන්න ගියොත් අවුරුදු ගාණක් ගතවෙන්න පුළුවන්. ඒ නිසා මේ ගණිත ගැටලු පරිගණකය මඟින් විසඳන එක තමයි තරමක් හෝ ලේසි වෙන්නෙ. ඒත් මේ ගැටලු විසඳන්න දැනට තියෙන පරිගණක බලය ප්‍රමාණවත් නෑ. ඒ නිසා ලෝකය පුරා තියෙන පරිගණක වල බලය භාවිතා කරලා මේ පරීක්ෂණ කරන්න ව්‍යාපෘතියක් Folding@Home නමින් පටන් අරගෙන තියෙනවා. මේ ව්‍යාපෘතියෙ ඉන්න පරීක්ෂකයින් Corona වෛරසයේ ඇති ප්‍රෝටීන ක්‍රියාකරන ආකාරයත් ඒවා නැවැත්විය හැකි ප්‍රතිජීවක නිර්මාණය කරන හැටි ගැනත් පරීක්ෂණ කරනවා. මේ ගැන හරි විස්තරයක් F@H වෙබ් අඩවියේ දාපු ලිපියකින් දැනගන්න පුළුවන්. 

කරන්නෙ මෙහෙමයි
   මුලින්ම කරන්න තියෙන්නෙ https://foldingathome.org/ කියන වෙබ් අඩවියට ගිහින් ඒකෙන් දෙන software download කරගන්න එක.

                 ඊට පස්සෙ ඒ සෙටප් එක සාමාන්‍ය විදිහට install කරගන්න ඕනි. ඊළඟට මේක system tray එකේ අයිකන් එකක් විදිහට පෙන්වනවා.
                    ඒත් එක්කම වෙබ් බ්‍රව්සර් එකෙන් control panel එක open වෙනවා. එතනදි අපිට අනන්‍යතාවක් නැතුව (Anonymous) විදිහට හරි User name දීලා ඒ විදිහට හරි ඉදිරියට යන්න පුළුවන්.
                      ඊළඟට control panel එකේ මේක පාලනය කරන්න පුළුවන් වින්ඩෝ එකක් බලාගන්න පුළුවන්.
1. උදව් කරන පරීක්ෂණය මොකද්ද කියලා මෙතනින් තෝරන්න පුළුවන්
2. පරිගණකය උදව් වෙන ගණනට Point එකතු වෙනවා. ඒක මෙතනින් බලන්න පුළුවන්.
3. දැනට පරිගණකයේ CPU එක මේ වැඩේට යෙදවෙන ගණන බලන්න පුළුවන්. ඒක Light , Medium, Full කියන විදිහට තෝරන්න පුළුවන්.
4. කොතරම් බලයක් යොදවනවාද යන එක තෝරන්න මෙතනින් පුළුවන්.
5. වැඩ කරන වෙලාවද (While I'm working) නැත්නම් වැඩක් නැති වෙලාවට(Only when idle) ද බලය ගන්න ඕනි කියන එක.
6. නවත්වන්නයි, පටන්ගන්නයි මේ බට්න් එකෙන් පුළුවන්.

අවුලක් වෙයිද?
               ප්‍රෝග්‍රෑම් එක වැඩ කලා කියලා කොම්පියුටර් එක slow වෙන්නෙ වත් වෙන මොකුත් අවුලක් වෙන්නෙවත් නෑ. මේ වැඩේට දායක වෙන එක එක අතකින් ලොකු පිනක්. ඒ වගේම දවසක බෙහෙතක් හොයාගත්තොත්, ඒකට දායක උනු එක ගැන හිතින් සතුටු වෙන්නත් ලෝකයාගේ යහපත වෙනුවෙන් ගෙදර ඉඳන්ම උදව් වෙන්නත් පුළුවන් වෙනවා.

4 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. Replies
    1. කිසිම අවුලක් නෑ. මං දැන් දවස් දෙකක් විතර ඉඳන් වැඩ. තාම කිසි අවුලක් උනෙ නෑ.

      Delete
  2. ස්තුතියි මේ ඔත්තුවට. මමත් ගිහිං බලන්නම්.

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features