EDGE බ්‍රව්සරය Chromium වෙයි

                                            පරිගණක ලෝකයේ එක එක තරඟ නිතර දකින්න පුළුවන්. මෙහෙයුම් පද්ධයති අතර තියෙන තරඟයටත් වඩා බ්‍රව්සර් අතර ඇති තරඟය ඉතා තියුණුයි. "බ්‍රව්සර් යුද්ධය" කියලා කියන්න තරම් එය තරඟකාරීයි.
                                             අන්තර්ජාලය බිහිවූ මුල් කාලයේ තිබූ යුද්ධයෙන් Netscape Navigator පරදා Internet Explorer ජයගත්තත් පසුකාලීනව Google Chrome පැමිණීමත් සමග Internet Explorer වලට නරක කාලයක් අත් වුණා. මේ නිසා Microsoft සමාගම එම ව්‍යාපෘතිය නවතා දමා Edge නමින් අලුත් වෙබ් බ්‍රව්සරයක් Windows 10 සමග ලබා දීමට කටයුතු කලා. නමුත් එයත් සිතූ තරම් ජනප්‍රිය වුණේ නෑ. මේ නිසා නව ලෝගෝවක් ද සහිතව අලුත් Edge බ්‍රවුසරයක් Google Chrome ගොඩනගා ඇති chromium වෙබ් බ්‍රවුසරයේ කේතය මත පදනම්ව මීට දින 6 කට පෙර නිකුත් කරනු ලැබුවා. 
                                               මෙය වින්ඩෝස්, මැක් හා ලිනක්ස් යන සියලු මෙහෙයුම් පද්ධති වලට ලබාගත හැකි අතර පෙරට වඩා වැඩි ආරක්ෂාවක්, 4K Video Streaming, Windows 10 සඳහා වඩා වැඩිදියුණු කිරීම් සහිතව Google Web Store හා Microsoft Store හි ඇති extension වලට සහය ඇතිව පැමිණෙයි.
                                                   Microsoft සමාගම පවසන ආකාරයට නව සංස්කරණය පෙර පැවති එකට වඩා දෙගුණයක් වේගවත් බවයි. එහි තේරුම Chrome බ්‍රව්සරය කලින් පැවති Edge බ්‍රව්සරයට වඩා හොඳ බවයි. දැන් ඉතින් බලා සිටිය යුත්තේ අලුත් Edge බ්‍රව්සර් එක පරිශීලකයින් කෙලෙස භාර ගනීද යන්නයි. මෙවරත් අසාර්ථක වුවහොත් Edge ට ද හිමිවන්නේ Internet Explorer වලට අත් වූ ඉරණමමය.

2 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. අපිනම් කවදත් පාවිච්චි කරන්නේ ගිනි හිවලා.
    දැන් අපි නාකි මිනිස්සුස. අළුත් මෝස්තර අපිට පුරුදු නෑ.

    ReplyDelete
    Replies
    1. තමන්ට ඕනි වැඩ ටික කරන්න තියෙන එක ඇති නම් මොකටද අලුත් ඒවා නේද!

      Delete
Previous Post Next Post

Recent Post

Features