5G තාක්ෂණය ගැන දැනගමු

                               ඉන්ටනෙට් භාවිතය වැඩි වීමත් එක්ක mobile broadband තාක්ෂණයන් වන 3G, 4G වගේ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණයන් ප්‍රචලිත උනා. 5G කියන්නෙ ඒ තාක්ෂණයේ අලුත්ම සංස්කරණය නැත්නම් පරම්පරාවයි. තවම ලෝකය පුරා වැඩිපුර පැතිරී නැතත් මේ තාක්ෂණය ලෝකයට ඉදරිපත් කර දැන් දශකයකට ආසන්න වනවා. මේ ලිපිය ඒ 5G තාක්ෂණය ගැනයි.

මොකක් ද මේ 5G තාක්ෂණය

                        5G තාක්ෂණය ගැන විස්තර කිරීමට පෙර, ඒ ගැන සරල අවබෝධයක් ලබාගෙන ඉඳිමු. සරලවම 5G කියන්නෙ 5th generation of mobile broadband කියන එක. මේ තාක්ෂණය යොදාගැනීම පටන් ගත්තේ 2019 පමණ උවත් එයට අදාල ප්‍රමිතීන් (standards) එළිදැක්වූයේ වසර 2016 දී යි.දැනට ජනප්‍රිය 4G තාක්ෂණයට වඩා වැඩි Upload, Download වේගයක් වගේම උපාංග අතර සන්නිවේදනයට ගතවන කාලය (Latency) ඉතා අඩුවේ.

                        එසේම 5G ජාලයට සම්බන්ධ කුළුනකින් සේවාව ලබා දිය හැකි සබඳතා ප්‍රමාණය (connections per tower) වැඩිවනවා සේම ඒ සෑම සබඳතාවකටම වැඩි වේගයක් සහිතව සන්නිවේදනය කල හැකියාව ඇත. එසේම 5G තාක්ෂණයේදී පුළුල් පරාසයක රේඩියෝ තරංඟ ආයාමයක් භාවිතාවේ . එනම් ultra-high mmWave (millimeter-wave) band භාවිතාව නිසා පුලුල් පරාසයක් ඔස්සේ සන්නිවේදන කටයුතු කල හැකිවේ. 5G තාක්ෂණය මෙසේ වෙනම සංඛ්‍යාත පරාසයක් හා පද්ධති යොදා ගන්නා නිසා දැනට ඇති 4G උපාංඟ මේ සඳහා භාවිතා කල නොහැකි වේ.

📡 5G තාක්ෂණය වැඩ කරන්නෙ කොහොමද?


                      දැනට තිබෙන 4G තාක්ෂණයේ 4G LTE (Long Term Evolution) මෙන් නොව නව 5G තාක්ෂණයේදී 5G NR (New Radio) ලෙස භාවිතා වේ. එයට හේතුව කලින් කී ආකාරයට 5G තාක්ෂණයේදී mmWave තරංඟ භාවිතා වීමයි. මෙය Sub-6 ලෙස හඳුන්වයි.
                    Sub-6 යනුවෙන් අදහස් වන්නෙ මෙහි භාවිතා වන සංඛ්‍යාත පරාසය 6GHz ට පහලින් තිබෙන බවයි. මෙම Sub-6 spectrum හි සංඛ්‍යාත ගොඩනැගිලි හා තාප්ප හරහා බාදාවකින් තොරව වැඩි දුරකට සම්ප්‍රේෂණය කල හැකිය. ඒ නිසා අඩු කුළුණු ගණනකින් වැඩි ප්‍රදේශයක් ආවරණය කල හැකිය.

🚖 කොතරම් වේගවත් ද?


                      5G ජාලය 4G වලට වඩා වේගවත් බව දැනටමත් දන්නා කරුණකි. නමුත් එය කෙතරම් ද?
  • Peak data rate (උපරිම දත්ත ගලායාමේ වේගය) : එක mobile base station එකකට 20Gbps downlink වේගයක් හා 10Gbps uplink වේගයක් ලැබේ. නමුත් මෙයින් කියැවෙන්නෙ සෑම කෙනෙකුටම මෙම වේගය ලැබෙන බව නොවේ. එම කුළුණට සම්බන්ධ සම්බන්ධතා අතර මෙම වේගය බෙදී යයි.
  • සැබෑ වේගය : Peak data rate ලෙස ඉහත දත්ත වේගය පෙන්නුම් කලත් සැබෑ ලෝකයේදී එක් සම්බන්ධතාවයකට download වේගය ලෙස 100Mbps හා upload වේගය 50Mbps තරම් වේ.
  • Latency : Latency, නැත්නම් ස්ථාන දෙකක් අතර දත්ත හුවමාරුව සඳහා ගතවන කාලය මිලි තප්පර 4 ක් පමණ වේ. උපරිම වේගයෙන් සන්නිවේදනය කරන අවස්ථාවේදී මෙය මිලි තප්පර 1 පමණ වේ.
  • කාර්‍යක්ෂමතාව : 5G උපාංග භාවිතා නොකරන අවස්ථාවේදී අඩු ශක්ති පරිභෝජනය කරන අවස්ථාවට පත් වේ. මෙය මිලි තප්පර 10 ක කාලයක් ඇතුලත හඳුනාගෙන ශක්ති භාවිතය අවම කිරීමට හැකියාව ඇත.
  • Mobility : මෙම තාක්ෂණයේදී 0 වේ සිට පැයට සැතපුම් 310 ක් දක්වා වේගයක් ඇතුලත චලනය වෙමින් සම්බන්ධතාව නොකඩවා ලබා දීමට 5G ඇන්ටනා වලට හැකියාව ඇත. එනම් ගමන් ගන්නා දුම් රියක් හෝ වාහනයක් තුල සිට බාධාවකින් තොරව සබඳතා පවත්වා ගත හැකිය.
  • සම්බන්ධතා ධාරිතාව. 5G තාක්ෂණයේදී 4G වලට වඩා වැඩි උපාංඟ ගනනක් හැසිරිය හැකිවිය යුතු ලෙස ප්‍රමිතීන් වල දක්වා ඇත. එනම් වර්ග කිලෝමීටරයක් ඇතුලත IoT වැනි උපාංඟ මිලියනයකට පමණ සේවා සැපයීමට හැකි විය යුතුය

            කෙසේ උවත් සැබෑ ලෙස සේවා සපයන්නන් විසින් සේවා සැපයීමේදී මේ වේගයන් බොහෝ සෙයින් වෙනස් විය හැකිය. එනම් ලබා දෙන සංඛ්‍යාත පරාසයන් හා සම්බන්ධ වන උපාංඟ ප්‍රමාණය අනුව මෙම වේගය 50Mbps සිට 400Mbps දක්වා අගයකට සීමා වනු ඇත.


🗺 දැනට 5G තියෙන තැන්


   
            ලෝකය පුරා මෙම තාක්ෂණය යොදාගෙන සන්නිවේදන කටයුතු කිරීමට දැන් ආරම්භ කර ඇති අතර යුරෝපය, උතුරු හා දකුණු ඇමරිකාව, මැද පෙරදිග, අප්‍රිකාව හා ආසියාවේ සමහරක් රටවල් වල දැනටමත් 5G තාක්ෂණය ලබා දී ඇත. මේ අතර ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, චෙක් ජනරජය වැනි සමහර රටවල් Huawei උපාංඟ එම රටවල තහනම් කර ඇත. එනම් 5G සේවා සපයන උපකරණ හා තාක්ෂණයන් Huawei ආයතනයට අයත් නිසා ඇතැම් විට 5G ජාල තවමත් එම රටවල නැති වීමට පුළුවන. ශ්‍රී ලංකාවෙ Dialog, SLT හා Hutch වැනි සමාගම් 5G දීමට කටයුතු කරන බව දැන් දැනගැනිමට ලැබී ඇත.

💪 5G වල ප්‍රතිලාභ
                
                        5G ජාලය මගින් නිවසකට අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා ගනී නම් පෙර පැවති වේගයට වඩා වේගයකින් අන්තර්ජාල සම්බන්ධතාවය ලබා ගත හැකිය. එසේම ස්ව්‍යංක්‍රීය වාහන වල සන්නිවේදනය සඳහා ද මෙය සුදුසු තාක්ෂණයකි. එම වාහන වල තත්වය පරික්ෂා කිරීම මෙන්ම තිරිංඟ යෙදීම වැනි අවස්ථාවකදි තවත් එවැනිම රථයක් සමග සන්නිවේදනය කීරීමට මෙම 5G තාක්ෂණය භාවිතා කිරීමට හැකිය. සංවේදක හා එලාම් ආදී ආරක්ෂක උපාංඟ වලදී වේගවත් සන්නිවේදනයටත්, අඩු ප්‍රමාදයක් සහිත දුරස්ථ පාලක නිපදවීමටත්, telemedicine, remote recovery වැනි වෛද්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සඳහාද විශේෂයෙන් IoT උපාංඟ වලටත් මෙය භාවිතා කල හැකිය.

🚑 5G තාක්ෂණය සෞඛ්‍යට අහිතකරද?

                මෙයට සරලම පිළිතුර නැත යන්නයි. 5G තාක්ෂණය යනු රේඩියෝ තරංඟ විශේෂයකි. රේඩියෝ තරංඟ අයනීකරනය වූ හා අයනීකරනය නොවූ ලෙස ආකාර දෙකක් පවතී. අයනීකරනය වූ රේඩියෝ තරංඟ ශරීරයට අහිතකරය .5G යනු අනෙක් ඒවා සේම අයනීකරනය නොවූ රේඩියෝ තරංඟ විශේෂයක් නිසා ශරීරයට අහිතකර නැත.කාලයකට පෙර රේඩියෝ තරංඟ මගින් ශරීරයේ පිලිකා ඇතිවිය හැකිද යන්න ගැන ලියූ ලිපිය කියවීමෙන් මේ ගැන වැඩි අවබෝධයක් ලබා ගත හැකිය.
   

12 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. බලමු අපිටත පයිජී එයිද කියල.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලා ටූජී වත් හරියට දුන්නොත් දෙයියංඟෙ පිහිටෙන්

      Delete
  2. dear ඔයාගෙ content වලින් මම video කලාට ගැටලුවක් නැද්ද.ඔයාගෙ බ්ලොග් එකේ copyright එක දෙන්නම්. කැමතිනම් රිප්ලයි එකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. Copyright එක දීලා හදන්න කිසිම ගැටලුවක් නෑ 😊

      Delete
Previous Post Next Post

Recent Post

Features