රොබෝ Groot

                 ඩිස්නි කියන්නෙ ලෝකයම ආදරේ කරන සජීවීකරණ චිත්‍රපටි නිර්මාණය කරන සමාගමක්. ඉතින් මේ සමාගමේ කරන නිර්මාණ වලින් තරමක් එහාට ගිහින් කරන අපූරු වැඩක් ගැනයි මේ ලිපිය.

                   ඩිස්නි සමාගමේ R&D (Research and Development) සිදු කරන Imagineering studio එක මගින් මෙතෙක් කල් සජීවී කරණයන් පමණක් වූ ඩිස්නි චරිත රොබෝවරුන් ලෙස නිර්මාණය කිරීමට පටන්ගෙන තියෙනවා. මේ ව්‍යාපෘතිය නම් කරලා තියෙන්නෙ project Kiwi කියලා.

                    මේ ව්‍යාපෘතිය පටන් ගෙන දැනට අවුරුදු 3ක් පමණ වෙනවා. මේ නිර්මාණය කරන රොබෝ වරුන්ගෙන් ඩිස්නි චිත්‍රපටිවල සිටි චරිත සැබෑ ලෙස නිර්මාණය කිරීම තමයි අරමුණ. ඒකෙ පළවෙනි අද්දැකීම විදියට Baby Groot චරිතය සාර්ථකව ගොඩනගන්න පරීක්ෂකයින්ට හැකිවී තිබෙනවා. මේ චරිත යොදාගෙන Disney theme parks වෙත එන අමුත්තන්ට අලුත් අද්දැකීමක් දෙන එක තමයි සමාගමේ අරමුණ.

          මේ රොබෝවරු නිපදවන්න පටන් ගන්න අවස්ථාවෙ එයට ගැලපෙන රොබෝ සැකැස්මක් සොයාගැනීමට නොතිබූ නිසා බොහෝ කොටස් ඔවුන් විසින්ම නිපදවා තිබෙනවා. උදාහරණයක් විදියට රොබෝවරුන්ගේ සැකිල්ල මෝටර් හා අනෙකුත් යාන්ත්‍රික කොටස් සිසිලනයට අවශ්‍ය සිසිල් වායුව ගෙනයාමට භාවිතා කර තිබෙනවා.

                කෙසේ නමුත් මේ Kiwi රොබෝ වරු සැබෑ ලෙසම සේවයට පැමිණෙන්න තව කාලයක් ගතවනු ඇතී. එහි සිටින පරීක්ෂකයන් පවසන අන්දමට එහි තිබෙන actuators වැනි යාන්ත්‍රික කොටස් වැඩිදියුණු කිරීමටත් මිනිසුන් හා අවට පරිසරය හඳුනාගත හැකි ආකාරයට එහි ඇති සංවේදක හා මෘදුකාංඟ තවත් දියුණු කිරීමටත් තිබේ. තවද දැනට මෙහි ඇති බැටරිය විනාඩි 45 පමණ කාලයක් රොබෝව ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් බවද එයද තව දුරටත් වැඩි දියුණු කිරීමට ද ඔවුන් බලාපොරොත්තු වේ.


4 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ඩිස්නිලන්තයේ මිකිමවුස් වාගේ කාටුන් චරිත ඇදන් ඉන්න මිනිස්සුන්ට රස්සාවල් ටික නැතිවේවි

    ReplyDelete
    Replies
    1. මේක වෙනස් අද්දැකීමක් නිසා එහෙම වෙන්නෙ නැතිවේවි අයියෙ. මොකද මේවාට මිනිස්සු තරම්ම තාත්වික වෙන්න අමාරුයිනෙ ටිකක්.

      Delete
Previous Post Next Post

Recent Post

Features