LG සමාගම දුරකථන නිෂ්පාදනය නවතා දමයි!

       ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදන කොරියානු සමාගමක් වන LG සමාගම සිය ජංගම දුරකථන නිෂ්පාදනය නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.LG යනු වෙලඳපොල තුල දුරකථන අලෙවි කරනයේ ඉතා ඉහලින් සිටි සමාගමකි.

        මෙසේ LG සමාගම නවතා දමන්නෙ සිය සමාගමට අයත් දුරකථන නිෂ්පාදන අංශයයි.  එසේ ඔවුන් දුරකථන නිපදවීමෙන් ඉවත් උවත් 6G වැනි දුරකථන සන්නිවේදන තාක්ෂනයන් සංවර්ධනය කිරීමට සිය තාක්ෂණය හා මුදල් යොදවන බව පවසා සිටී.


Gadgets Now

    කෙසේ නමුත් දැනටත්  ඔවුන් සතුව අලෙවි කිරීම සඳහා නිෂ්පාදනය කල දුරකථන ප්‍රමාණයක් තිබෙන බව පවසා තිබේ. එවා අලෙවි කලද ඒවාටත් දැනට අලෙවි කර තිබෙන දුරකථන වලටත් අවශ්‍ය අලෙවියෙන් පසු සේවාව හා Software Updates ලබා දීමට කටයුතු කරන බව ඔවුන් පවසා සිටී.

          මෙසේ ඔවුන්ගේ දුරකථන නිෂ්පාදනය නවතා දැමීමට ප්‍රධානම හේතුව ලෙස ඔවුන් නිපදවූ නිෂ්පාදන වල හැඩය හා ඒවා ගැන පාරිභෝගික ආකර්ෂණය අඩුවීම ප්‍රධාන ලෙස හේතු විය. විශේෂයෙන් ඔවුන්ගේ Velvet හා Wing ලෙස වෙළඳපොළට එක් කල හැරවිය හැකි තිරයක් සහිත අමුතු දුරකථන දෙකම සාර්ථක නොවීම ඔවුන්ගේ දුරකථන වෙළඳපොල කඩා වැටීමට දැඩි ලෙස බලපෑය. එම නිසා වෙලඳපොලේ ඉතා ඉහලින් සිටි Apple, Samsung, OnePlus හා Xiaomi වැනි සමාගම් හා තරඟයක් දීමට LG සමාගමට හැකියාවක් නොවීය.

LG Wing 

LG Velvet

        LG සමාගම සිය දුරකථන නිෂ්පාදන අංශය වසා දැමීමට පෙර එය විකුණා දැමීමට ජර්මනියේ Volkswagen සමාගම, වියට්නාමයේ Vingroup සමාගම සමග කල සාකච්ඡා ද අසාර්ථක වී ඇත. Samsung වැනි සමාගම් චිප් සෙට් වැනි දෑ නිපදවනු ලැබූවද, LG සමාගම සියල්ල ගෙන්වා එකලස් කිරීමද ඔවුන්ගේ නිෂ්පාදන කරගෙන යෑමට දැඩි ලෙස බලපෑවේය.

LG සමාගම සිය දුරකථන නිෂ්පාදන නැවත්වීම ගැන කල නිවේදනය පහත දැක්වේ.

"LG Electronics Inc. (LG) announced that it is closing its mobile business unit. The decision was approved by its board of directors earlier today.

LG’s strategic decision to exit the incredibly competitive mobile phone sector will enable the company to focus resources in growth areas such as electric vehicle components, connected devices, smart homes, robotics, artificial intelligence and business-to-business solutions, as well as platforms and services.

Current LG phone inventory will continue to be available for sale. LG will provide service support and software updates for customers of existing mobile products for a period of time which will vary by region. LG will work collaboratively with suppliers and business partners throughout the closure of the mobile phone business. Details related to employment will be determined at the local level.

Moving forward, LG will continue to leverage its mobile expertise and develop mobility-related technologies such as 6G to help further strengthen competitiveness in other business areas. Core technologies developed during the two decades of LG’s mobile business operations will also be retained and applied to existing and future products.

The wind down of the mobile phone business is expected to be completed by July 31, although inventory of some existing models may still be available after that."

Chris Velazco and Richard Lawler contributed to this story.

3 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. LG සෑහෙන කාලෙක ඉඳන් ඔය ෆීල්ඩ් එකේ ඩවුන් ද පල්ලම් ගියේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පස්සෙ කාලෙ ආපු ෆෝන් වල ඩිසයින් එහෙමත් අන්තිමයි

      Delete
  2. මේක බලන කොම්පියුටර් වැඩකැලි දන්න කෙනෙක්ගෙන් උදව්වක් අවශ්‍යයයි.

    මට පරිගනක දෙකක් ක්‍රොස් ඕවර් නෙට්වර් කේබලයකින් සම්බන්ධ කරලා,
    පරිගණක දෙකේම පෝටබල් මෘදුකාංගයක් ක්‍රියාත්මක කරලා. එකකින් අනිකට ෆයිල් යවාගන්න අවශ්‍යයි.
    හරියට බලූටූත් වලින් යවන ආකාරයට.
    මේකට හරියන මෘදුකාංගයක් හොයලා දෙන්න.

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features