NERO පරිගණක ක්‍රීඩාව නිකුත් වේ!

     ශ්‍රී ලාංකීය පරිගණක මෘදුකාංඟ සමාගමක් වන Arimac ආයතනය විසින් අවුරුදු හතරක පටන් සිදුකරන ලද උත්සහයේ හා කැපවීමේ ප්‍රථිඵලයක් ලෙස  NERO පරිගණක ක්‍රීඩාව අද දින එලි දක්වනු ලැබුවා.
  ඇරිමැක් සමාගම ගැන කතා කරනකොට ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ වෙනත් රටවල ප්‍රසිද්ධ ආයතන සඳහා මෘදුකාංඟ හා තාක්ෂණික සේවා සපයන ජනප්‍රිය ආයතනයක්. Software solutions වලට අමතරව game development, robotics , IoT වගේ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සිය සේවාවන් සපයන ආයතනයක්.

    ඉතිං ඇරිමැක් සමාගම ශ්‍රී ලාංකීය නිර්මාණයක් ලෙස නිකුත් කරන විශිෂ්ඨ ගණයේ පරිගණක ක්‍රීඩාවක් තමයි නීරෝ කියන්නේ. ඒත් නීරෝ කියන්නෙ ඇරිමැක් හදපු පලවෙනි ගේම් එක නෙවෙයි. වසර 2016 දී කංචායුධ නමින් පරිගණක ක්‍රීඩාවක් ඇරිමැක් සමාගම නිකුත් කරණු ලැබුවා සමහර විට මතක ඇති. ඓතිහාසික සිංහල යුගයේ සිටි සංකේතාත්මක චරිත සහ සිදුවීම් පාදක නිර්මාණය වුණු කංචායුධ ක්‍රිඩාව නොමිලේ නිකුත් කරණු ලැබූ අතර 60,000 ආසන්න ප්‍රමාණයක් මෙම ක්‍රීඩාව ක්‍රිඩා කරා. නීරෝ නිර්මාණය වන්නේ එම ආභාෂයද ඇතුවයි.

    නීරෝ ක්‍රීඩාව නිර්මාණය වන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ සිටි අති විශිෂ්ට ස්නයිපර් වරයකු වන නීරෝ පාදක කොටගෙනයි.Single-player stealth action game වන මෙය Unreal Engine මත නිර්මාණය වූවක්. ඒ වගේම මේක 100% ශ්‍රී ලාංකීය නිර්මාණ කරුවන් අතින් නිර්මාණය වූවක්. 

       ගේම් එක ගැන කතා කරනකොට ඉතා හොඳ ග්‍රැෆික්ස්, ඇනිමේෂන්ස් බලාගන්න පුළුවන්. ඒ වගේම තවමත් අඩුපාඩු කිහිපයක් නැතුවාම නොවෙයි. තාම පළවෙනි සංස්කරණය නිසා ඉදිරි සංස්කරණ වලදී ඒවා නිවැරදි වනු ඇතී. https://store.steampowered.com/app/1448610/NERO/ කියන ලිංක් එකට ගියාම මේ ගේම් එක මිලදී ගන්න පුළුවන්. මේ ලැබෙන ආදායමෙන් කොටසක් රණ විරු පවුල් වල දරුවන්ගේ අනාගතය උදෙසා වෙන්කරන බවත් ඔවුන් කියා සිටිනවා. ඒ නිසා ගේම් එක ව්‍යාජ විදියට ගන්නෙ නැතුව නිවැරදි ආකාරයට මිලදී ගන්න කියලා ඉල්ලා සිටින්න කැමතී.


SYSTEM REQUIREMENTS

    MINIMUM:
    • Requires a 64-bit processor and operating system
    • OS: 64-bit Windows 7, 64-bit Windows 8.1 or 64-bit Windows 10
    • Processor: Intel CPU Core i3-2100 or AMD equivalent
    • Memory: 4 GB RAM
    • Graphics: AMD Radeon HD 7870 (2GB) or NVIDIA GeForce GTX 660 (2GB)
    • Storage: 12 GB available space

    RECOMMENDED:
    • Requires a 64-bit processor and operating system
    • OS: 64-bit Windows 7, 64-bit Windows 8.1 or 64-bit Windows 10
    • Processor: Intel CPU Core i7-3770 or AMD equivalent
    • Memory: 8 GB RAM
    • Graphics: Nvidia GPU GeForce GTX 970 / AMD GPU Radeon RX 480
    • Storage: 12 GB available space

6 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ස්තූතියි..
    ඒ වගේම සතුටුයි ආයෙ ලියනව දකින්න ලැබීම..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ.. ලියන්න දාහක් දේ තිබුණත් වැඩ වැඩි නිසා අතපසු වෙනවා..

      Delete
  2. ලංකාවෙන් ජාත්‍යන්තරයට නියමයි.. එත් පරිගනක ක්‍රිඩා ඇබ්බැහියක් වන නිසා මම එයට නම් පෙෘද්ගලිකවම කැමති නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ. සමහරු රැයක් දවාලක් නැතුව ඇබ්බැහි වෙලා ගේම් ගහනවා. ඒක නම් හොඳ නෑ. පුද්ගලිකව මාත් ගේම් ගහන්නෑ. ඒත් හරියට කලොත් හොඳ ආදායම් මාර්ගයක් කරගන්නත් පුළුවන්.

      Delete
  3. හදන්න තිබුනේ අජේ ඔෆ් එම්පිරේ වගේ ගේම් එකක්.

    වලගම්බා රජ්ජුරුවන්ගේ කතාවෙන් හොඳ ස්කැනේරියෝවක් හදන්න පුළුවන්.

    ReplyDelete
  4. niyamayi ne. (oyage bloge sinhalen tayip venne naththe ayi.)

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features