Android වෙනුවට Fuchsia?

         අද වෙනකොට ලෝකයේ වැඩිම දෙනෙක් භාවිතා කරන mobile OS එක වෙන්නෙ Android. මේක open source නිසාත් google සමාගමේ සේවාවන් එක්ක එන නිසාත් ඉතා ජනප්‍රිය වී තිබෙනවා. Android වැඩ කරන්නෙ Linux kernel එක මත කියලා දැනටමත් දන්නවා ඇති. මේ නිසාම තව දුරටත් Android දියුණු කිරීමේදි නොයෙකුත් බාධක ඇති වී තිබෙන නිසා google සමාගම Fuchsia කියන අලුත් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරන්න පටන් අරගෙන තියෙනවා. ඇත්තටම ඉදිරියේදී Android හා Chrome OS කියන දෙකම වෙනුවට Fuchsia පැමිණේවි කියලයි අනුමාන කරන්නෙ.

👉ඇත්තටම මොකද්ද මේ Fuchsia OS කියන්නෙ?

    Fuchsia ගැන කරලියට එන්නෙ වසර 2016 අගෝස්තු මාසයේ Google සමාගම විසින් නිල නිවේදනයක් නිකුත් නොකරම ඔවුන්ගේ git repository එකට නිකුත් කරනු ලැබූ Fuchsia project එකක් සමගයි. පෙර සඳහන් කල ආකාරයටම එය Linux kernel එක මත පදනම් නොවූ සම්පූර්ණයෙන්ම වෙනස් Zircon නම් kernel එකක් මත පාදක වූවකි. Google සමාගම මෙසේ ව්‍යාපෘතිය නිකුත් කිරීමේ අරමුණ මේ ගැන මිනිසුන්ගෙන් අදහස් දැනගැනීමයි. ඔවුන්ගේ බොහෝ පර්යේෂණාත්මක අවධියේ ව්‍යාපෘති මෙලෙස අදහස් දැනගැනීමට නිකුත් කිරීම ඔවුන්ගේ එක් උපායකි. 

👉Fuchsia OS එක මොනවගේ වෙයිද?

        Fuchsia හි interface එක Armadillo ලෙස නම් කර ඇති අතර දැනට තිබෙන android මෙහෙයුම් පද්ධතියට වඩා දියුණු, සුමට හා වඩා වේගවත් එකක් වනු ඇති. එය නිර්මාණය කර ඇත්තේ Google සමාගමම නිර්මාණය කල cross-platform SDK එකක් වන flutter පාදක කරගෙනය. එනම් කලින් Android හා iOS සඳහා ඇප් නිර්මාණය කල ආකාරයෙන්ම එකම code base එකක් යටතේ Fuchsia සඳහා ද ඇප් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙනු ඇත. Fuchsia නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ ආරක්ෂාව අතින් ඉහල, පහසුවෙන් යාවත්කාලීන  (Updatability) කිරීමේ හැකියාව සහිත වේගවත් මෙහෙයුම් පද්ධතියක් තැනීමයි. මෙය තවමත් සාමාන්‍ය භාවිතයට නිකුත් කර නැතත් අවශ්‍ය කෙනෙකුට Fuchsia emulator එක මගින් එහි ක්‍රියාකාරිත්වය අත්විඳිය හැකිය. Fuchsia ගොඩනගා ඇති Zircon යනු medium-sized micro kernel එකකි. එනම් එය සම්පූර්ණ OS එක අවශ්‍ය නොවන IoT device සඳහා යොදාගත හැකි ආරක්ෂාව වැඩි kernel එකකි. එම නිසා කලින් තිබූ Android Things වෙනුවටද Fuchsia භාවිතයට එක් වේවි. 

👉Android වෙනුවට Fuchsia ඒවිද?

     Android වල ඇති ප්‍රධානම ගැටලුවක් වන්නෙ fragmentation ය. එනම් දැනට ඇති අලුත්ම සංස්කරණය වෙනුවට ලොව පුරා සිටින බොහෝ දුරකථන නිෂ්පාදකයින් ඔවුන්ගේ දුරකථන සඳහා වෙනස් කරන ලද custom version නිර්මාණය කිරීමයි. මෙවැනි හේතු නිසා මෘදුකාංඟ Updates කිරීමක් සිදු කිරීමට හා ඒවා සම්පූර්ණයෙන්ම ecosystem එක වෙත ලඟා වීමට වැඩි කාලයක් ගත වීම හා ගැටලු ඇති වීමක් සිදුවේ. එසේම Android පදනම් වී ඇති Linux kernel එකෙහි විවිධ නීතිමය ගැටලු හා තාක්ෂණික ගැටලු ඇති වීම නිසාත්, මෘදුකාංඟ දෝෂ හා ආරක්ෂක දුර්වලතා නිසාත් තව දුරටත් දියුණු කිරීමේ හැකියාව අඩුවී ගොස් ඇත. Fuchsia මගින් මේ සියලු දෝෂ මගහරවා වඩා ආරක්ෂාකාරී හා ස්ථායි, වැඩි උපාංඟ ගණනක් මත ක්‍රියාත්මක වන මෙහෙයුම් පද්ධතියක් බවට පත්වනු ඇත. කෙසේ උවත් තවමත් ලොව ජනප්‍රියම mobile OS එක වන්නෙ Android ය.

14 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. Important and Interesting article ❤

    ReplyDelete
  2. Replies
    1. ඒත් වින් windows xp තමයි හොඳම හි.. හී

      Delete
  3. mata ekama eka parayi android tibbe. ita passe digatama iphone vitharyai. android vala security gan sahimakata pathvenna amaruyi banking karanvanam mobile eke

    ReplyDelete
    Replies
    1. ඒකට ගොඩක්ම හේතුව විදියට මේ linux kernel එක වෙන්න පුළුවන්. මොකද OS එකට යන්න පුළුවන් සීමා වෙලා තියෙනවා linux kernel එකෙන්. iOS , Blackbery ගත්තොත් ඒවා එයාලටම ආවෙනිකයි. ඒත් දැන් තියෙන version වල security නම් හොඳට තියෙනවා. Banking app වලත් TFO එහෙම තියෙන නිසා ආරක්ෂාව හොඳයි. Fuchsia වලින් මේ ගැටලු හරියාවි කියලා හිතෙනවා.

      Delete
  4. ටෙක් මල්ලි, උඹෙ පුසියා කියෙව්ව. ඒ ගැන නෙමේ මං මේ කියන්නෙ. උඹ මල්ලි, අසංගගෙ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එක නියමයි. මගෙ ආචාරය ඒ ගැන!

    ReplyDelete
    Replies
    1. හෝව් හෝව් පුසියා නෙවෙයි ඩ්‍රැකී අයියේ 😂🤭🤭.
      බොහොම ස්තූතියි අයියේ... දේවල් දැක දැක ඇස් කන් පියාගෙන ඉන්න හොඳ නෑ.

      Delete
  5. ඇත්තට ම කිව්වොත් මට නම් Android එච්චර දිරවපු OS එකක් නෙවෙයි. සිම්බියන් වල ඉඳන් ඕක ට යන්න ගිහින් මට ෆෝන් දෙකකින් ඇති උනා වැඩේ. ඊට පස්සේ මම iOS ආවා. තාම එතන.

    ReplyDelete
    Replies
    1. ඕකට ප්‍රධානම හේතුව තමයි අයියෙ pure android. ඒකියන්නෙ කිසිම වෙනසක් නොකරපු Android. ඒවාගෙ එක්ක වැඩ කරනකොට ඔළුව විකාර වෙනවා. හැබැයි Samsung ෆෝන් වලට වගේ වෙනස් කරපු version වල ඇත්තටම හොඳ පහසුකම් තියෙනවා.හැබැයි Google එකට හිසරදයක් වෙලා තියෙන්නෙත් ඒකමයි. මේ අලුත් project එක ඒ වෙනුවෙන් කියලයි කියන්නෙ.

      Delete
    2. මම යුස් කරේ සෝනි දෙකක්. සැම්සුන් එකත් මට එච්චර ඇල්ලුවේ නැහැ.

      Delete
    3. ඒනම් ඉතිං Apple ecosystem එකටම ගැලපෙන කෙනෙක් අයියා!

      Delete
Previous Post Next Post

Recent Post

Features