twitter අත්පත් කරගත් Elon Musk

    බොහෝ දෙනා දන්න විදියට ඉලෝන් මස්ක් හා twitter සමාගමේ හවුල්කාරිත්වය පිළිබඳ මතබේදය මාස ගනනාවක් තිස්සේ ඇදී ආ එකකි. කෙසේ හෝ පසුගිය දිනක ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් විසින් twitter සමාගමේ වැඩිම කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමත් සමග එහි බලතල ඔහුට ලැබුණා. මෙය මහත් ආන්ඳෝලනයකට ලක්වුණු සිදුවීමක් වූයේ twitter හි ප්‍රධාන විධායක නිලධාරී Parag Agrawal ඇතුලු ප්‍රධාන පෙලේ නිලතල දැරූ කිහිපදෙනෙක්ම ඉලෝන් මස්ක් විසින් සේවයෙන් නෙරපා දැමීම නිසයි. ඔහු පවසා සිටින ආකාරයට ඉදිරියේදී ප්‍රධාන විධායක නිලධාරි තනතුර ඔහු විසින් ඉදිරියේදී ලබා ගැනීමට නියමිතයි.

    ඉකුත් අප්‍රේල් මැද පමණ ඉලෝන් විසින් twitter ඩොලර් බිලියන 44 ක ලංසුවක් twitter සමාගමට ඉදිරිපත් කලද, පසුව twitter සමාගම පවසනවාටත් වඩා ව්‍යාජ ගිණුම් එහි ඇති බවට පවසා එම ගණුදෙනුව ඉවත් කරගන්නා ලදී. කෙසේ නමුත් මෙම හේතුව මත සමාගම සමග නඩු මගට බැසීමට යන බවත් එහිදී ඉලෝන් මස්ක් හට අවාසිදායක තත්වයක් පැවති නිසා  "try to help humanity" ලෙස පවසා ඔහු මුලින් ඉදිරිපත් කල මිලටම මිලදී ගැනීමට ඉදිරිපත් විය.

    තවත් අපූරු සිදුවීමක් වන්නේ ඉලෝන් මස්ක් සැන්ෆැන්සිස්කෝ නුවර ඇති twitter මූලස්ථානයට පසුගියදා sink එකක් රැගෙන පැමිණීමයි. ඔහු ඔහුගේ twitter ගිණුමේ මෙය "Let that sink in!" යනුවෙන් සඳහන් කර පළකර තිබුණි. කෙසේ නමුත් කලින් පැතිරී ගිය ආරංචියක් ලෙස 75% සේවකයින් ඉවත් නොකරන බවත්, ඔහුගේ අරමුණ twitter වඩාත් ලාබදායි සේවාවක් කිරීම බව වැඩි දුරටත් පවසා ඇත. ඉලෝන් මස්ක් ගේ ආගමනයත් සමග කලින් කී ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කල Prag Agrawal, ප්‍රධාන මූල්‍ය නිලධාරී Ned Segal, twitter හී නීති අංශයේ ප්‍රධානී Vijaya Gadde හා දශකයක පමණ කාලයක් උපදේශකයෙකු ලෙස කටයුතු කල Sean Edgett යන අය සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
    twitter හි නිදහස් අදහස් දැක්වීමට ඇති හැකියාව වැඩි කිරීමට මෙන්ම එය අනිසි ලෙස අවභාවිතා කිරීම වැලැක්වීමටත් ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන Donald Trump ට පනවා ඇති ස්ථිර තහනම ඉවත් කිරීමටත් ඉලෝන් අදහස් කරගෙන සිටින බවට පැවසෙයි. 
    අත්පත් කර ගැනීමෙන් පැය කිහිපයකට පසු ඔහු ඔහුගේ ගිණුමේ bio සටහන "chief twit" ලෙස වෙනස් කර ඇති අතර "the bird is freed" ලෙස ට්විට් එකක්ද පළ කර ඇත.මේ අනුව ගත් කල ලොව මූල්‍ය බලවතෙකු හා නව නිර්මාණ කරුවකු වන ඉලෝන් මස්ක් හට twitter  සමාගම අයිති වීමත් සමග සැලකිය යුතු වෙනස් කම් රැසක් ඉදිරියේදී දැක බලාගැනීමට එහි පරිශීලකයින් හට ලැබෙනු ඇත.

11 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ලොව ධනවත්ම පුද්ගලයා එයා මිලදීගත් ආයතනයට එන හැටි දැක්කාම අපේ රටෙ ආයතන ප්‍රධානියෝ පිලිගන්න හැටි එයාලට උගන්වන්න වෙනවා. ලොක්කා පිලිගන්න සේවක සේවිකාවෝ හොදම සාරි ටයි පොලු පටලන් පොලිම් ගැහිලා ඉන්නවා ආවාම හොදම ගොට්ටා බුලත් අතක් දීලා පිලිගන්නවා. ඊට පස්සේ අනෙක් නිලධාරින්ගේ පිලිගැනිමේ කථාව අන්තිමට ලොක්කාගේ කථාව. අවාසනයේ කෑම බිමෙන් සංග්‍රහය. කොහොම නමුත් අන්කිමට දවසම වැඩක් නොකරම ගෙවලා හවසට ගෙදර යනවා.

    ReplyDelete
    Replies
    1. අපේ රට හදන්න නම් කොනක තියලා මකවන්න වෙනවා අයියා. මට තාම විශ්වාසයක් නෑ මේක හදන්න පුළුවන් කියලා.

      Delete
    2. hondama gotta ha ha 😀 niyama yeduma

      Delete
  2. මටත් හිතෙනව ටෙක් සයුර කියල එක සල්ලිවලට ගන්න. හැක්..

    ReplyDelete
    Replies
    1. ඩොලර් මිලියන 43 කට කරමු... හුම් 😜

      Delete
    2. යසට තියෙයි... නයෙක්ගෙ යටතෙ ඉන්න උනහම

      Delete
  3. සෙලිබ්‍රිටිස්ත් පොඩ්ඩක් තක්කුමුක්කු වෙලා නෙ ඉන්නෙ... මේ හාදය මොකක් කරයිද කියල.

    ReplyDelete
    Replies
    1. සතපහකට ශුවර් නැති තීරණ ගන්න පොරක් තමයි ඉතිං

      Delete
  4. rohan malli mechhara vada karayaa vela, ayi mata me blog eke vitharak google eke sinhalen tayip karann bari

    ReplyDelete
    Replies
    1. ඈ.. ඇයි අෆ්ෆා එහෙම වෙන්නෙ. මගෙ එකේ විතරයි ද එහෙම 😥

      Delete
Previous Post Next Post

Recent Post

Features