WhatsApp's හි අලුත් Communities feature එක.

         මෑතකදී නිකුත්කල WatsApp අලුත් සංස්කරණය සමග communities tab නම් අලුත් විශේෂාංඟයක් නිකුත් කරණු ලැබුවා. මේ අලුත් විශේෂාංඟයෙන් ගෲප් කිහිපයක් එකිනෙක හා සම්බන්ධ කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා.

    WhatsApp communities මගින් කෙනෙකුට යම්කිසි දෙයක් ගැ කුඩා group chats පවත්වාගෙන යා හැකි අතර පහසුවෙන් ඒවා අතර හුවමාරු වීමටද හැකියාව ඇත. මේ සමග administrator user හට broadcast announcements සියලු group members ලා අතර බෙදා හැරීමටත්, බෙදාහරින group තෝරා ගැනීමටත් හැකියාව පවතිනවා.

WhatsApp

    උදාහරණයක් ලෙස පාසල් කාලයේ මිතුරන් සිටින group එකක හා තම සේවා ස්ථානයේ මිතුරන් සිටින group එකක සිටින අය කුමන හෝ club එකක සිටිනවා යැයි සිතමු. දැන් මේ අය එකතු කර club community එකක් ආකාරයෙන් නිර්මාණය කළ හැකිය. මෙම විශේෂාංගය භාවිතා කිරීමේදී දැනට තිබෙන group මෙන්ම අලුතින් නිර්මාණය කරන ලද group එකක් උවද එක් කල හැකිය. 

WhatsApp

     Community විශේෂාංඟය හරියට Facebook group එකක් වැනිය. එහෙත් Facebook group එකක තිබෙන ගිණුම් වල අනන්‍යතාව නිශ්චිතවම අඳුනා ගැනීමට නොහැකි නමුත් WhatsApp ගිණුමක් දුරකථන අංකය සමග තිබෙන නිසා සිටින සියලුම දෙනා හට අනන්‍යතාවක් තිබේ. සමාජිකයන් විශාල ප්‍රමාණයක් සිටින අවස්ථාවලදී දුරකථන අංක සැඟවීමටත් group වල සිටින අය අතුරින් community admin හා සංවාද ගොඩ නැගිය හැකි අය තෝරාගෙන ඒ අයට පමණක් කතා කිරීමේ හැකියාවද මෙයට ඇතුලත්. තවද Facebook group මෙන් නොව මෙම WhatsApp communities බාහිර ලෝකයෙන් සැඟවී ඇති අතර admin විසින් එවනු ලබන link එකක් හරහා පමණක් සම්බන්ධ විය හැකිය.WhatsApp හි භාවිතා වන end-to-end encryption දත්ත ආරක්ෂාව මෙම අලුත් විශේෂාංඟයට ද ඇතුලත්. එසේම අලුත් සංස්කරණයේ  එකවර 32 කුට encrypted වීඩියෝ කෝල් ගැනීමේ හැකියාවත්, Polls පැවැත්වීමේ හැකියාවත් ලබා දීමට නියමිතය. මීට අමතරව group එකක සිටින සාමාජිකයින් ගණන 1024 දක්වා වැඩි කිරීමටත් කටයුතු කර ඇත. 

2 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. එකවර 32කුට කෝල් ගන්න වැඩේනම් පංකාදුවැඩක්

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features