Pen Drive එකකින් Boot වෙන OS එකක්

Pen Drive එකකින් Boot වෙන OS එකක්

       තවත් සුපිරි වැඩක් ගැන තමයි මම මේ කියන්න යන්නේ.වැඩ ගොඩ ගැහිල තිබුන හින්දා ගොඩක් කාලෙකට පස්සෙ තමයි post ඒකක් දාන්නේ. හරි...මෙන්න මේකයි වැඩේ.ගොඩක් අය කියනවා Windows,Mac වගේ විකුණන OS වලින් ඈත් වෙලා Ubuntu වගේ free,open-source OS එකක් පාවිච්චි කරන්න කියලා.ප්‍රශ්ණෙ තියෙන්නේ ඒක අත්හදා බලන්නත් කොම්පියුටරේ install කරන්න ඕනි මේකට විසඳුමක් තමයි Live CD එකක් පාවිච්චි කරන එක.ඒත් ඒකෙන් ඒකෙ නියම ප්‍රයෝජනය ගන්න බැහැ. මේ කියන්න යන්නෙ ඒ වගේ අපහසුතා නැතුව පාවිච්චි කරන්න පුලුවන් Linux OS එකක්.විශේෂත්වය තමයි මේක Pen එකක උනත් install කරලා බලන්න පුලුවන්!.එකට හේතුව තමයි මේක සම්පූර්ණයෙන් RAM (512 MB ප්‍රමාණවත්) මතකයෙන් පමණක් run කරන්න පුලුවන් වීම. මේකෙ නම තමයි Proteus. මුලින්ම කරන්න ඕනි Proteus website එකට ගිහින් මේකෙ iso image file එක download කරගන්න එක.එතකොට අපිට ඕනි web browser එක වගේ තවත් ගොඩක් සැකසුම් හදන්න පුලුවන්. මේක download කරගෙන virtual drive එකකින් mount කරලා හරි CD එකකට write කරලා හරි ඒකෙ තියන files ටික copy කරලා පෙන් එකකට pest කරන්න.ඊට පස්සේ එකෙ තියන boot කියන folder එක ඇතුලෙ තියන Porteus-installer-for-Windows.exe කියන එක run කරන්න. 





       ඊට පස්සෙ command promt එක ඕපන් වෙයි,දැන් ඒකෙ තියන විදිහට key bord එකේ key එකක් තද කරලා ඉස්සරහට යන්න.වැඩේ හරියට කලා නම් පහල තියෙන විදිහට ලැබේවි.



          ඊට පස්සෙ computer එක restart කරලා boot මෙනු (බයෝස් තිරයේ දි Esc key එක press කරන්න) එකෙන් pen drive එක ‍තෝරන්න.සමහර mother bord වල 3rd boot device එක විදිහට other ලෙස තේරිය යුතු වෙනවා.දැන් Proteus desktop එක ලැබෙයි.දැන් වැඩේ හරි.




1 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. Thanks a lot for sharing us about this update. Hope you will not get tired on making posts as informative as this. Games Online

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features