June 29, 2014

Nokia Games වලටත් cheats codes!

         අපි දන්න විදිහට Game වලට cheats codes එහෙමත් නැත්තන් password තියෙන්නේ කොම්පියුටරේ ගහන ඒවා වල විතරයි. ඒත් මේවා සමහර Nokia phone වලටත් තියෙනවා.මේ තියෙන්නේ ඒ වගේ ඒවා.

Snake Xenzia අසීමිතව ලකුණු ‍රැස් කරමු!



     මෙය ඇත්තටම Snake Xenzia හි දෝශයකි.කෙසේ නමුත් තවමත් මෙය සකස් කර නොමැත .
  • මේ සඳහා මුලින්ම Game type-->Champion ‍තෝරන්න.
  • නැවත Back කර New Game තොරා නැවතත් Back කර Game type-->Champion ‍තෝරා නැවත වරක් Back කරන්න
  • ඉන් පසු Snake Xenzia-->Continue කරන්න.
                        දැන් තිරයේ පහතින් ඇති තීරුව පිරෙන තෙක් ලකුනු ‍රැස් කර නැවත වතාවක් පෙර පරිදි Game type-->Champion ‍තෝරන්න.මෙලෙස දිගින් දිගටම ලකුණු ‍රැස් කල හැක.

Bounce Game සඳහා cheats codes

  • මුලින්ම New Game වෙත ගොස් නව ක්‍රිඩාවක් ගන්න.
  • ඉන් පසු 787898 යන අංක ඔබන්න.මේ ක්‍රමයෙන් පසු ක්‍රිඩා කිරීමේදී ඇතිවන බාධක වල ගැ‍ටුනද ක්‍රීඩා කල හැක.
  •  787899 යන අංක ඔබා අංක 5 එබීම මගින් ලකුණු 5000 සමග level complete කල හැක.
  •  787899 යන අංක ඔබා අංක 1 එබීම මගින් පෙර අදියරටත් අංක 3 එබීම මගින් ඊලඟ අදියරටත් යා හැක.

ක්‍රියා කරන දුරකතන:-Nokia 1112,1600,2310,1208,1650,3100,6100,7250

June 22, 2014

කරදරයක් නැතුව You Tube video බාගන්න

        You Tube  එකේ video  එකක් බලනකොට ඒක ඩව්න්ලෝඩ් කරන්න හිතුනොත්. සමහර අය කියයි "සිම්පල් නෙ" කියලා. ඒත් ඇත්තටම වැඩේ ඇන ගන්නේ ඒක කරගන්න ගියාම.රටේ නැති Downloder install කරගෙන මේ වැඩේ කරන්න try  කරලා බැරිම තැන වැඩේ අතෑරලා දාන අය ඕන තරම් ඉන්නවා. මේ කියන්න යන්නේ මොන software එකක්වත් නැතුව You Tube  එකේ video  බා ගන්න තියෙන ක්‍රමයක් ගැන. මේක දෙන්නේ savefrom.net කියන site එකෙන්.කරන්න තියෙන්නේ පොඩි දෙයක් .You Tube video  එකේ URL එකේ youtube  ට ඉස්සරහින් s අකුරු දෙකක් එකතු කරන එක විතරයි. උදාහරණයක් විදිහට http://www.youtube.com/watch?v=Cf-V-giXiRw කියන URL එකට s අකුරු දෙකක් එකතු කරලා http://www.ssyoutube.com/watch?v=Cf-V-giXiRw විදිහට type කරලා Enter කරන්න.දැන් open වෙන savefrom.net කියන site එකෙන් මේ Video එක එක එක format වලින් වගේම විවිධ resolutions වලින් බා ගන්න පුලුවන්.
try කරලා බලන්න!







June 16, 2014

Browser තරඟය

     
       අන්තර්ජාලයේ සැරි සරන්න අපි එක එක web browser යොදා ගන්නවා.Crome , Fire Fox , Internet Explorer කියන ඒවා මේ ලිස්ට් එකේ මුලටම එනවා. ඔය මොන බ්‍රව්සර් එක උනත් දැන් හදන්නේ ඒකෙන් වැඩ ගන්න කෙනාට පහසුවෙන් හා ඉක්මනින් ඉතා ඉහල මට්ටමට වෙබ් පි‍ටු පෙන්වන්නයි. එක බ්‍රව්සරයකට වඩා අනෙක ඉක්මන් නම් පරිශීලකයන් ඒ දෙසට යොමුවෙනවා. ඒ වගේම මේවායේ දෙන පහසුකමුත් ඒකට බලපානවා. උදාහරණයක් විදිහට Chrome adress බාර් එකේ URL වගේම අපිට search කරන්න ඕනි එක උනත් type කරන්න පුලුවන්. මේ වගේ හේතු නිසා web browser අතර තරඟයක් ඇති වෙලා තියෙනවා. මුල් කාලයේ  Internet Explorer මුලට හිටියත් Fire Fox නිසා ඒක පහලට බැස්සා. දැන් මේ ඔක්කෝටම උඩින් Chrome ඉන්නවා. ඇත්තම කිව්වොත් මම ඉන්ටනෙට් යන්නෙත් chrome එකෙන් . Internet Explorer කියන්නේ මගේ අප්‍රියජනකම බ්‍රව්සර් එක. මගේ බ්ලොග් එකට යන එන අය උනත් වැඩිහරියක්ම පාවිච්චි කරන්නේ Chrome.( ඇඩ් දානවා නෙවෙයි!).

     
     පහල තියෙන්නේ 2013 මැයි වල් ඉඳලා 2014 මැයි වෙනකන් ඉන්ටනෙට් යන අය යොදා ගත් බ්‍රව්සර් ගැන ප්‍රස්තාරයක්.

Source: StatCounter Global Stats - Browser Market Share

June 8, 2014

2013 වසරේ ලොව වේගවත්ම සුපිරි පරිගණකය

       අප එදිනෙදා කරන වැඩ වලට සාමාන්‍ය පරිගණක භාවිත කලත් විවිධ පරෙයේෂණ,අධ්‍යන වැනි අති විශාල ගණනය කිරීම් සිදු කිරීමට භාවිතා කරන්නේ සුපිරි පරිගණකයි.මේ වායේ වේගය මනින්නේ ටෙරා ෆ්ලොප් (teraflop) වලින්.ටෙරා ෆ්ලොප් 1ක් කියන්නේ තත්පරයට ගණනය කිරීම් මිලියන x මිලියනය(10 12) ගණනක්.(හිතාගන්න පුලුවන්නේ වේගය!).මේ විදිහට ලෝකයේ විවිධ සුපිරි පරිගණක අතුරින් වෙගවත්ම ඒවා ‍තෝරනවා. www.top500.org කියන වෙබ් අඩවියෙන් තමයි මේක කරන්නේ.

මේ ‍තෝරා ගැනීමට අනුව 2013 වසරේ ලොව වේගවත්ම සුපිරි පරිගණකය වෙලා තියෙන්නේ Tienhe-2 (MilkyWay-2) කියන සුපිරි පරිගණකයයි. චීන ජාතික ආරක්ෂක තාක්ෂණ විශවවිද්‍යාලයට (China’s National University of Defense Technology) තමයි මේක අයිති මේකෙ වේගය තත්පරයට පිටාෆ්ලොප් 33.86 [33.86 petaflop/s (1 petaflop = 1024 teraaflop)].ඒ කියන්නේ තත්පරයට ගණනයකිරීම් ක්වාඩ්‍රිලියන 33.86! මේක කොටස් 16,000 ක එකතුවක් විදිහට තමයි සම්බන්ද කරලා තියෙන්නේ. මේ සෑම කොටසකම Intel Ivy Bridge Xeon ප්‍රොසෙසර් 2 කුත් Xeon Phi  චිප් ප්‍රොසෙසර් 3 කුත් ඇතුලත් වෙනවා.මේ සියලුම ප්‍රොසෙසර්  හා චිප්සෙට් වලින් උපදින මතක ධාරිතාව ටෙරාබයිට් 1,375 (1,375 TiB) විතර වෙනවා (1.34PiB).මේ අය මේක යොදාගන්නේ ආරක්ෂක උපක්‍රම ක්‍රියාත්මක කිරීම හා පරික්ෂාකිරීම් වගේ කටයුතු වලට.



June 1, 2014

කොයි එකටත් USB!

     මොනවා හරි ෆයිල් ටිකක්, ‍ෆිල්ම් එකක්, සින්දුවක් අරන් යන්න කොයි කවුරුත් දැන් ගන්නේ USB Flash Drive එහෙම නැත්තන් pen drive (ගොඩක් අය දන්නේ එහෙමනේ) එක. ගානත් අඩු හින්දා ගොඩක් අය ගාව pen drive තියෙනවා. ඒ විතරක්යැ දැන් USB mp3 Player එහෙමත් වැහි වැහැලනේ!. කොහොම උනත් ලෝකයේ තාක්ෂණික දියුණුවත් එක්ක මේ උපකරණයත් දියුණු වෙලා තියෙනවා. දැන් තියන අලුත්ම ප්‍රමිතිය තමයි USB 3.0 කියන්නේ.
මම මේ කියන්න යන්නේ මේ තාක්ෂණය දියුණු වෙච්ච තව්ත් පැතිකඩක් ගැන. මේ තාක්ෂණය හඳුන්වනේ USB OTG කියලා. USB on the go තමයි මේකෙ තේරුම. සාමාන්‍යයෙන් අපිට  pen drive එකක් කොම්පියුටරයට සවි කර්න්න පුලුවන් උනත් ඒක ෆෝන් එකකට සම්බන්ද කරන්න බෑ. මේක මේ උපකරණවල තිබුණු ලොකු අඩු පාඩුවක්.මේකට විසඳුමක් ලෙස තමයි  මේ  USB OTG හඳුන්වලා දීලා තිබෙන්නේ. මේ උපකරණයේ එක පැත්තක් පරිගණකයටත් අනෙක් පැත්ත smart phone වැනි උපකරණ වලටත් සම්බන්ද කරන්න පුලුවන් විදිහට හදලා තියෙනවා.මේ හින්දා මොබයිල් ෆෝන් එකක තියෙන pen drive එකකට ගන්න ඒක කේබල් හයි කර කර ඉන්න ඕනි නෑ. ඒ වගේම කියන්න ඕනි මේක අනෙක් pen drive වලට සාපෙක්ෂව පොඩි මිලක් විතරයි වැඩිවෙන්නේ (8GB එකක් රු.1450 විතර) . ඒ වගේම මේක අනෙක් pen drive වලට වඩා පොඩියි.




එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.