කොයි එකටත් USB!

     මොනවා හරි ෆයිල් ටිකක්, ‍ෆිල්ම් එකක්, සින්දුවක් අරන් යන්න කොයි කවුරුත් දැන් ගන්නේ USB Flash Drive එහෙම නැත්තන් pen drive (ගොඩක් අය දන්නේ එහෙමනේ) එක. ගානත් අඩු හින්දා ගොඩක් අය ගාව pen drive තියෙනවා. ඒ විතරක්යැ දැන් USB mp3 Player එහෙමත් වැහි වැහැලනේ!. කොහොම උනත් ලෝකයේ තාක්ෂණික දියුණුවත් එක්ක මේ උපකරණයත් දියුණු වෙලා තියෙනවා. දැන් තියන අලුත්ම ප්‍රමිතිය තමයි USB 3.0 කියන්නේ.
මම මේ කියන්න යන්නේ මේ තාක්ෂණය දියුණු වෙච්ච තව්ත් පැතිකඩක් ගැන. මේ තාක්ෂණය හඳුන්වනේ USB OTG කියලා. USB on the go තමයි මේකෙ තේරුම. සාමාන්‍යයෙන් අපිට  pen drive එකක් කොම්පියුටරයට සවි කර්න්න පුලුවන් උනත් ඒක ෆෝන් එකකට සම්බන්ද කරන්න බෑ. මේක මේ උපකරණවල තිබුණු ලොකු අඩු පාඩුවක්.මේකට විසඳුමක් ලෙස තමයි  මේ  USB OTG හඳුන්වලා දීලා තිබෙන්නේ. මේ උපකරණයේ එක පැත්තක් පරිගණකයටත් අනෙක් පැත්ත smart phone වැනි උපකරණ වලටත් සම්බන්ද කරන්න පුලුවන් විදිහට හදලා තියෙනවා.මේ හින්දා මොබයිල් ෆෝන් එකක තියෙන pen drive එකකට ගන්න ඒක කේබල් හයි කර කර ඉන්න ඕනි නෑ. ඒ වගේම කියන්න ඕනි මේක අනෙක් pen drive වලට සාපෙක්ෂව පොඩි මිලක් විතරයි වැඩිවෙන්නේ (8GB එකක් රු.1450 විතර) . ඒ වගේම මේක අනෙක් pen drive වලට වඩා පොඩියි.




Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features