2013 වසරේ ලොව වේගවත්ම සුපිරි පරිගණකය

       අප එදිනෙදා කරන වැඩ වලට සාමාන්‍ය පරිගණක භාවිත කලත් විවිධ පරෙයේෂණ,අධ්‍යන වැනි අති විශාල ගණනය කිරීම් සිදු කිරීමට භාවිතා කරන්නේ සුපිරි පරිගණකයි.මේ වායේ වේගය මනින්නේ ටෙරා ෆ්ලොප් (teraflop) වලින්.ටෙරා ෆ්ලොප් 1ක් කියන්නේ තත්පරයට ගණනය කිරීම් මිලියන x මිලියනය(10 12) ගණනක්.(හිතාගන්න පුලුවන්නේ වේගය!).මේ විදිහට ලෝකයේ විවිධ සුපිරි පරිගණක අතුරින් වෙගවත්ම ඒවා ‍තෝරනවා. www.top500.org කියන වෙබ් අඩවියෙන් තමයි මේක කරන්නේ.

මේ ‍තෝරා ගැනීමට අනුව 2013 වසරේ ලොව වේගවත්ම සුපිරි පරිගණකය වෙලා තියෙන්නේ Tienhe-2 (MilkyWay-2) කියන සුපිරි පරිගණකයයි. චීන ජාතික ආරක්ෂක තාක්ෂණ විශවවිද්‍යාලයට (China’s National University of Defense Technology) තමයි මේක අයිති මේකෙ වේගය තත්පරයට පිටාෆ්ලොප් 33.86 [33.86 petaflop/s (1 petaflop = 1024 teraaflop)].ඒ කියන්නේ තත්පරයට ගණනයකිරීම් ක්වාඩ්‍රිලියන 33.86! මේක කොටස් 16,000 ක එකතුවක් විදිහට තමයි සම්බන්ද කරලා තියෙන්නේ. මේ සෑම කොටසකම Intel Ivy Bridge Xeon ප්‍රොසෙසර් 2 කුත් Xeon Phi  චිප් ප්‍රොසෙසර් 3 කුත් ඇතුලත් වෙනවා.මේ සියලුම ප්‍රොසෙසර්  හා චිප්සෙට් වලින් උපදින මතක ධාරිතාව ටෙරාබයිට් 1,375 (1,375 TiB) විතර වෙනවා (1.34PiB).මේ අය මේක යොදාගන්නේ ආරක්ෂක උපක්‍රම ක්‍රියාත්මක කිරීම හා පරික්ෂාකිරීම් වගේ කටයුතු වලට.



Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features