tech සයුරට අවුරුද්දයි...!

         ගිය අවුරුද්දෙ අදවගේ දවසක, ඒ කියන්නේ මැයි 4 වෙනිදා තමයි මම tech සයුරට මුලින්ම පෝස්ට් එකක් දැම්මේ... අද තමයි tech සයුරෙ පළවෙනි උපන්දිනය සමරන්නෙ! මම මේ බ්ලොග් එක ලියන්න හේතුවක් තිබුණා. මම  පොඩි කාලෙ ඉඳන්ම ඉලෙක්ට්‍රොනික් වලට ආසයි. අපේ ගෙදර තියෙන ඉලෙක්ට්‍රොනික් උපකරණ වල මම නොගලවපු එකක් නෑ.. කැඩුනත් නැතත් නිකන් හරි ගලවලා බලනවා. එහෙම කරල අම්මගෙන් බැනුම් අහපු වාර අනන්තයි. මට කොම්පියුටරය ලැබුනෙ 2012 දී ඊට පස්සෙ මම ඒකෙන් එක එක වැඩ කරා. දැන් PIC ප්‍රෝග්‍රැමින් කරන්නත් පුලුවන්. මම දන්න පොඩි දෙයක් හරි තියෙනවනම් මම අනික් අයට කියල දෙනවා. ඉතින් මට හිතුන බ්ලොග් එකක් ලිව්වනම් ගොඩක් අයට මම දන්න දේවල් කියල දෙන්න පුලුවන් කියලා. tech සයුර බ්ලොග් එක පටන් ගත්තෙ එහෙමයි. එදා ඉඳලා අද වෙනකම් පෝස්ට් ලියනවා. මට ඉඩක් තියෙන හැම වෙලාවකම මම පෝස්ට් එකක් ලිව්වා. හැබැයි මේ බ්ලොග් එක පටන් ගත්තේ කාවවත් අනුකරණය එහෙම නෙවෙයි. මම දන්න පොඩි දෙයක් හරි කාට හරි ඉගෙන ගන්න.
අද අපේ රටේ බ්ලොග් ලියන අය ගොඩක් ඉන්නවා. ඒක ගොඩක් හොඳ දෙයක්. තාක්ෂණික, සාහිත්‍ය, මතවාද ගැන ලියවුණ බ්ලොග් රාශියක් දැන් තියෙනවා. ඒ හින්දම මේ වෙන කොට බ්ලොග් ලියන්නන් එකතු වුණ හොඳ සංඟමයක් තියෙනවා. ඒක විශේෂ නමක් තියෙන, විශේෂ ස්ථානයක තියෙන එකක් නෙවෙයි. ඒක ඉන්ටනෙට් එක හරහා ඉබේ නිර්මාණය වුණ දෙයක්. බ්ලෝග් ගැන කතා කරන කොට සින්ඩිකේටර් ගැන නොකියම බෑ. බ්ලොග් වල තියෙන පෝස්ට් පාඨකයන් අතරට අරගෙන යන්නෙ මේ සින්ඩිකේටර් සයිට් වලින්. මගේ බ්ලොග් එකත් මේ තත්වයට එන්න lionlk.com, mathalangesindiya.blogspot.com, වගේ සින්ඩිකේටර් ගොඩක් උදව් වුණා (තව ගොඩක් තියෙනවා..).ඒ වගේම දැන් අපිට නෙළුම් යාය බ්ලොග් එකමුතුවක් තියෙනවා!. දැන් අපේ රටේ තියෙන තාක්ෂණික භාවිතය ගැන මට සතුටක් තියෙනවා. අවුරුදු 30 ක් යුද්ධය නිසා අපේ රටේ ඉදිරියට යන්න තිබුණු අවස්ථාවන් ගොඩක් නැති වුණා. දැන් ටිකෙන් ටික ඒ තත්වය අඩුවෙමින් යනවා. මේ වෙන කොට විදුලිය තියෙන ගෙවල් බොහොමයක පරිගණකයක් තියෙනවා.ඉස්සර ඉස්කොලෙ උගැන්වීම හුණු කූරටයි, කලු ලෑල්ලට විතරක් සීමා වුණ දෙයක්.  දැන් ගොඩක් ගුරුවරු පන්තිකාමරයට යන්නේ ලැප්ටොප් එකක් අරගෙන. ඒක යොදාගෙන සිසුන්ට වඩාත් ආකර්ෂණය හිතෙන විදිහට පාඩම් උගන් වන්න ගුරුවරු උත්සහ කරනවා. අන්තර්ජාලයේ සැරිසරලා අලුත් විශය කරුණු ලබාගෙන සිසුන් හට ලබා දෙන්න ඔවුන්ට දැන් පුලුවන්. ගමනා ගමනය නිවැරදිව සිදුකරන්න බස්රථ වල GPS සවි කරලා ඒවා නිරීක්ෂණය කරනවා. CCTV කැමරා පද්ධති නිසා රටේ අපරාධ ‍රැසක සුලමුල දැන ගැනීමට අද වනවිට හැකිවී තිබෙනවා.පරිගණක විතරක් නෙවෙයි සම්පූර්ණයෙන්ම ලංකාව තුලම නිපදවන ඉලෙක්ට්‍රික් කාර් පවා දැන් අපේ රටේ තියෙනවා. තව නියමුවන් රහිත යානා. ලියනවනම් පි‍ටුවක් පිරෙන්න ලියන්න පුලුවන්. මම හැමදාම විශ්වාස කරන දෙයක් තමයි ලංකාවෙ තමයි ලෝකයේ හොඳම මොළකාරයො ටික ඉන්නවා කියන එක. ඒකට හොඳම උදාහරණය තමයි කපුගේ කියන අපේ නව නිපැයුම් කරුවා. ඔහුගේ නමින් දැන් අහසේ තරුවක් පවා නම් කරලා තියෙනවා. ලංකාවෙ අපේ අයටම කියල හදපු මෙහෙයුම් පද්ධති තියෙනවා (හන්තාන, සිලෝන් ලිනක්ස්). ඇප් ලියන, සෝෆ්ට්වෙයා හදන ගොඩක් දක්ෂයො අපේ රටේ ඉන්නවා. මගේ අදහස ඔවුන්ට අත හිත දීම අප රටේ රජයේ වගකීමක් බවයි. හැමදාටම පිටරටියන් යටතේ නොයැපී අපේ රටේ මානව සම්පතෙන් ප්‍රයෝජනයක් ලබා ගන්න නම් රජයේ සහයොගය ඔව්නට ලැබිය යුතුය. වාණිජ මෘදුකාංඟ වල ව්‍යාජ පිටපත් භාවිතා කිරීම වෙනුවට ‍ෆ්‍රී ඇන්ඩ් ඕපන් සෝස් සොෆ්ට්වෙයා වලට අප මතු පරපුර හුරු කිරීම අවශ්‍යය. දැන් තරමක් දුරට එය ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද කිව යුතුයි. ඒ පාසල් පරිගණක විද්‍යාගාර සඳහා ඉසුරු ලිනක්ස් මෙ.පද්ධතිය ඇතුලත් කිරීම නිසාය. ඒ වාගේම අප රටේන් බිහිවන නව නිපැයුම් කරුවන් අන් සතු වීමට නොදී අප රට තුලම නිසි ඇගයීමකට ලක්කර ඔව්න්ට ඉදිරියට යාමට සුදුසු වටපිටාවක් සකස් කර දිය යුතුය.
      මා මේ දේවල් ලිවීමට සිතුවේ අන්තර්ජාලය තුලදීම මා නෙත ගැ‍ටුණු තොරතුරු නිසාය. බ්ලොග් අඩ්විය tech සයුර කියා නම් කලද මා දන්නේ මහා සාගරයක් තරම් වූ තාක්ෂණික දැනුමෙන් ඉතා අල්පයකි. ඒ දන්නා කුඩා දේ හෝ tech සයුර තුලින් ගෙන ඒමට බලාපොරොත්තු වෙමි..... අවසාන වශයෙන් මේ දක්වා tech සයුරට පැමිණ අදහස් දැක්වූ, කරුණු ලබාදුන් හා නන් අයුරින් උදවු කල සැමට ස්තූතිවන්ත වෙමි!

10 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. වසරට සුබ පැතුම්.. දිගටම ලියමු,,

    ReplyDelete
  2. සංවත්සරයට ඔන්න මගෙනුත් සුබ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි විභීෂණ ...!

      Delete
  3. හැපී බර්ත්ඩේ ටෙක් සයුර.. ඔබගේ අදහස් හා දැනුම් සයුරෙන් දෝතක් ගෙන හැකි සෑම විටෙකම එන්න අපිත් එක්ක බෙදා ගන්න.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්යූ කල්‍යාණ මිත්‍ර! දිගටම ලියන්න හිතාගෙන ඉන්නවා

      Delete
  4. සුභ පැතුම් ලොක්කා.............................. දිගට ම ලියමු.....

    ReplyDelete
  5. අපෙනුත් සුභ පැතුම් යාළුවා. බොහොම වටිනා දෙයක් ඔබ කරන්නේ. දිගටම ලියන්න සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. නව ලොව දැනුම ගොඩක් ස්තූතියි!

      Delete
Previous Post Next Post

Recent Post

Features