ස්වයං නියමු පාලනය නිසාන් ලීෆ් රථයට

නිසාන් ලීෆ් කියන්නෙ ලෝකයේ හැම රටක වගේම අපේ රටෙත් ජනප්‍රිය ඉලෙක්ට්‍රික් කාර් එකක්. මේ රථය නිපදවන නිසාන් සමාගම දැන් සැරසෙන්නේ ලීෆ් රථය  ස්වයංක්‍රීය ධාවනය වන රථයක් බවට පත් කිරීමටයි. දැනටමත් පළමු පරම් පරාවේ නිසාන් ලීෆ් රථය යොදා ගෙන අර්ධ ස්වයංක්‍රීය රථයක් සාර්ථකව අත්හදා බලා ඇත (Leaf Piloted Drive 1.0 Concept).
සංවේදක හා කැමරා යොදාගෙන ක්‍රියාත්මක වන පරිගණක පද්ධතියකින් ක්‍රියාත්මක වන මේ රථයට එක් පාරකින් තවත් අතුරු පාරකට හැරවීම, අධිවේගී මාර්ගයකට පිවිසීම හා පිටවීම, තවත් වාහනයක් ඉස්සර කිරීම වැනි දේ රියදුරුගේ සහයක් නොමැතිව සිදු කල හැකියි. මේ අනුව යමින් 2020 ට ප්‍රථම පූර්ණ ස්වයංක්‍රීය රථයක් නිපදවීමට හැකි බව නිසාන් සමාගම පවසයි.
මේ සතියේ ජපානයේ දකුණු ටොකියෝ හි පිහිටි නිසාන් සමාගමේ අධිතාක්ෂණික පර්යේෂණ ආයතනයේ (Nissan’s Advanced Technology) දී මෙම ස්වයං නියමු පාලන පද්ධතිය අත්හදා බැලීම ආරම්භ කෙරුනා. මේ තාක්ෂණය මගින් නවක රියදුරක් ට පවා පළපුරුදු රියදුරෙක් ලෙසම රථය හැසිරවීමට හැකියාව ලැබෙයි.
මෙම පද්ධතියේ නිවැරදි ක්‍රියාකාරිත්වය සඳහා කැමරා 12 ක්, රේඩාර් සෙන්සර් 5ක්, ලේසර් ස්කැනර් 4ක් හා අතිධ්වනි(ultrasonic) සංවේදක ඇතුලත් පද්ධතියකින් සමන්විතයි. දැනට පරික්ෂා කර බලා ඇති ස්වයංක්‍රීය පද්ධතියක් වන Tesla’s Model S Auto Pilot ට වඩා ලීෆ් රථය සාර්ථක බව නිසාන් සමාගම පවසයි. 
                                                              අධිවේගී මාරගයක ධාවනය කල හැකි ස්වයංක්‍රීය පද්ධතියක් ඇති රථයක් 2016 වන විට ජපානයේ මාර්ගයට එක් කිරීමට නිසාන් සමාගම බලාපොරොත්තුවෙන් සිටින අතර 2016 දී වෙළඳපොලට එන නව ලීෆ් රථයේ කිලෝවොට් 30ක් බැටරියක් හා හැතැක්ම 107 දුරක් යාමට හැකියාවක් සහිතව පැමිණේ.

6 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ඔටෝ පයිලට් එක්ක මට වොච් එක්කුත් ඕන.. දුර ඉද්දි කතා කරල වරෙං මචං කියන්න
    නයිට් රයිඩර් වගෙ

    ReplyDelete
    Replies
    1. බලන් හිටහන්.

      ලීෆ් එක මොකක් වුනත් මෙහෙට මුලින්ම වොච් එක නම් එයි.

      කාර් එක එන්න ටික කාලයක් යයි.

      Delete
    2. ඒක අපිට බැරියැ හදාගන්න....!

      Delete
Previous Post Next Post

Recent Post

Features