මහාචාර්‍ය සෙල්වදුරෙයි මහලින්ගම් මහතා...


රටට ලෝකයට වැඩක් ඇති ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ගැන අප කතා කල යුතුය. තමන් ගැන පමණක් නොසිතා අනාගත පරපුර ගැන සිතා කටයුතු කරන අය ගැන අනිවාර්‍යයෙන් කතා කල යුතුය. එයට ජාතිය, ආගම, කුලය අදාල නැත.මහාචාර්‍ය සෙල්වදුරෙයි මහලින්ගම් ද එසේ නිහඬ සේවයක් කර අප අතරින් සමු ගත් අයකි.
හදපු අයටවත් සොයාගත නොහැකිව තිබූ ඇව්රෝ ජෙට් ඇන්ජිමේ දෝෂය හඳුනාගෙන නිවැරදි කලේ මහාචාර්‍ය S. මහලින්ගම් මහතා විසිනි. එයට ගරු සරු වශයෙන් තමාට විශාල මුදලක් ලබාගත හැකිව තිබුණ ද , තමාගේ සැපත පමණක් නොසිතා තම රටේ සිසුන්ගේ අධ්‍යාපණ කටයුතු සඳහා අවශ්‍ය ව තිබූ ජෙට් එන්ජිමක් ඒ වෙනුවට එංගලන්තයෙන් එල්ලීය. මේ ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවාගේ එම ඉල්ලීම පිලිගත් ඔවුන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ජෙට් එන්ජිමක් ලබා දුනි.
මහාචාර්‍ය S.මහලින්ගම් මහතා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් විද්‍යාව සඳහා උපාධියක් ලබා ඇත. 1970 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්‍ය වරයෙක් වශයෙන් පත්වූ ඔහු එවකට එවැනි සුදුසුකමක් සපුරා තිබූ එකම පුද්ගලයාද විය. කා සමගත් ඉතා සුහදශීලී පුද්ගලයකු මොහු සිසුන්ගේ ද සිත් දිනා ගත් අයෙකි. ඔහුගේ වියෝව ගැන සිසුන් පල කල අදහස් වලින් එය මනාව පැහැදිලි වේ. මෙවැනි අමිල සේවයක් කල මහාචාර්‍ය S. මහලින්ගම් මහතා මෙම මස 3 වනදා උදෑසන යාපනය රෝහලේදී අභාවප්‍රාප්ත විය. අනුන් පාගා දමා තම සැපත වැඩිකර ගැනීමට දඟලන අය අතරෙ මෙවැනි විශිෂ්ඨ මිනිසුන්ද සිටී... ඔවුන් මියගියද ඒ මතකයන් මැකී නොයයි....

5 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. හැට්ස් ඕෆ්.. ඔහු ගැන සැහෙන කරුණු මේ ටිකේ ඉගෙන ගත්ත.. (බ්ලොග් වලින් පමණි.)

    ReplyDelete
    Replies
    1. අනිවා ක.මී. ඒවයෙ හැටි එහෙම තමයි...

      Delete
  2. සුරේෂ් ?
    මේ අහුබුදු ගේ අඩවියද? මැරිච්ච මිනිස්සුන්ට අලුත් නම් දාන්නේ?

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය සෙල්වදුරෙයි මහාලිංගම් විය යුතුයි නේද?

      Delete
    2. සමාවෙන්න ඕනි.... වැ‍රැද්ද නිවැරදි කලා...

      Delete
Previous Post Next Post

Recent Post

Features