හෙළකුරේ පරිගණක ආගමනය

                                  ස්මාර්ට්ෆෝන් එකක් තියෙන කෙනෙක් නම් හෙළකුරු ගැන නොදන්නවා නම් ලොකු පුදුමයක්. ඇන්ඩ්‍රොයිඩ්  වලදි හරි ඇපල් වලදි හරි සිංහලෙන් ටයිප් කරන්න උදව් වෙන ඇප් එක තමයි හෙළකුරු කියන්නෙ. හෙළකුරු ස්මාර්ට් ෆෝන් එකට තිබුණත් පරිගණකයට සම්පූර්ණයෙන් නිම කරපු සංස්කරණයක් ලබාදීලා තිබුණෙ නෑ. ඒත් මීට දින කීපයකට කලින් පරිගණකයටත් හෙළකුරු ලැබුණා!
 
                                 හෙළකුරු පරිගණකයට දෙන්න භාෂා ආයතනය පටන් ගත්තේ අවුරුද්දකට විතර කලින් ඉදන්මයි. ක්‍රෝම් වෙබ් බ්‍රවුසරයට එන එක්ස්ටෙන්ෂන් එකක් විදිහට තමයි මුලින්ම හෙළකුරු ආවේ. ඒ වෙබ් අඩවි වලදී සිංහල භාවිතය පහසු වෙන්න.
                                පරිගණකයේදී සිංහල ඕනි නම් විජේසේකර යතුරුපුවරුව ස්ථාපනය කරගන්න ඕනි. ඒත් ඒකට අලුත් කෙනෙක් නම් ටයිප් කරන්න ටිකක් අමාරු වෙනවා. ඒත් හෙළකුරු වලින් ඒ ක්‍රමයට අමතරව සිංග්‍රීසි ක්‍රමයටත් ටයිප් කරන්න පුළුවන් නිසා ඒ අපහසුව නැති වෙනවා. හෙළකුරු වින්ඩෝස්, මැක් වගේම ලිනක්ස් වලටත් ගන්න පුළුවන්. https://www.helakuru.lk ට ගියාම මේ සොෆ්ට්වෙයා එක ලබා ගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරන්න ගියාම PERSONAL USE / COMMERCIAL USE කියලා සංස්කරණ දෙකක් තියෙනවා COMMERCIAL USE ඒ කියන්නෙ වාණිජ වශයෙන් තියෙන එක රුපියල් 1990.00 වෙනවා. PERSONAL USE එක නම් නොමිළයේම ලබා ගන්න පුලුවන්. ඒත් කැමති කෙනෙක් ඉන්නවා නම් රුපියල් 990.00 ක් දීලා ගන්නත් පුලුවන්. ඒකෙන් මේ මෘදුකාංගය තව තවත් දියුණු කරන්නට ශක්තියක් වේවි.
                                 තවම අලුත් නිසා සුලු සුලු අඩුපාඩු වගේම දෝෂ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම සමහර මෙහෙයුම් පද්ධති වල වැඩ නොකරන්නත් ඉඩ තියෙනවා. ඒ දෝෂ ඉදිරි සංස්කරණ වලදී නිවැරදි කර පැමිණේවි. මේ වගේ වටිනා මෘදුකාංග නිර්මාණය කිරීම විතරක් නෙවෙයි ඒවා නොමිළයේම ලබා දෙන භාෂා ආයතනයටත් එහි ප්‍රධානියා වෙන ධනික පෙරේරා ටත් ස්තූතිවන්ත විය යුතුයි.

10 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. windows 10 1809 ස්ථාපිත පරිගණකයකට ඩොංගලයක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ වී ඇත. සම්බන්ධ වී ඇත.
    අන්තර්ජාල සම්බන්ධය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. නමුත් microsoft store ක්‍රියාත්මක කිරීමේදී අන්තර්ජාල සම්බන්ධයක් නැති බවක් පැවසෙයි. එසේම මෙහෙයුම් පද්ධතියේ අප්ඩේට් වීමක්ද සිදු නොවෙයි. මෙයට විසඳුමක්දක්වන්න

    ReplyDelete
    Replies
    1. වින්ඩෝස් ඉන්ස්ටෝල් කරනකොට දාන ක්‍රැක් එකෙන්, ඒක අහුවෙන එක වලක්වන්න මේ විදිහට වින්ඩෝස් අප්ඩේට් වගේම වින්ඩෝස් සේවාවන් ඉන්ටනෙට් එකට පිවිසීම වලක්වනවා. නැත්නම් ෆයවෝල් සොෆ්ට්වෙයා වලින් බ්ලොක් කරන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් වින්ඩෝස් අප්ඩේට් ඩිසේබල් කරන සොෆ්ට්වෙයා එකක් දාලාද බලන්න.

      Delete
    2. මම ක්‍රැක් කලේ re-loaderbyr@1n වලින්
      කලිනුත් මෙහෙම තිබිලා හරිගියා.
      අලුතින් වින්ඩෝස් ස්ථාපනයෙන් පසු මේ දෝශය ආවා.
      0x800713AB කියලා පනිවිඩයක් එනවා.

      Delete
    3. https://answers.microsoft.com/en-us/windows/forum/windows_10-networking/windows-10-thinks-its-not-connected-to-the/b99ec10b-1157-44ba-a86d-99fe208e298a
      මේ ලිංක් එකේ ඕකට විසදුම් තියෙනවා. මේක නම් වින්ඩෝස් වල දෝෂයක් වගේ

      Delete
  2. ඔය ඉස්මාට් පෝං වලට දාපවු අපට එපා. පුරුදු එකම අපට හොඳා.

    ReplyDelete
    Replies
    1. -මීට විජේසේකර යතුරුපුවරුවෙක්
      හැක්!

      Delete
  3. ඒ File එක Virus Guard එකෙන් virus එකක් විදිහට අඳුනගෙන Download Block කරනවා. Virus Guard Disable කරලා Download කරොත් ගැටළුවක් වෙයිද PC එකට ??

    ReplyDelete
    Replies
    1. හෙලකුරු වෙබ් සයිට් එකෙන්ම ගත්තොත් කිසිම අවුලක් වෙන්නෙ නෑ සඳරු. මොකක්ද වයිරස් ගාඩ් එක?

      Delete
  4. google input tools wijesekara එකෙන් තමා දැනට කම්පියුටරේ use කරන්නේ හෙළකුරු ෆෝන් එකෙන් නං voice typing තමා ඉතින් වැඩිපුරම use කරගන්ඩ බලාගන්න විදිහක් නෑ internet connection ඔක්කොම විනාශ වෙලා අලුත් රවුටරයක් ගන්න විදියක් නැතුව ඉන්න බං බලමු මොකක් හරි ඉතින් කොරන්ට නේ

    ReplyDelete
    Replies
    1. google input tools තව ඉස්සරහට වැඩි දියුණු කරන්නේ නෑ මහේෂ් අයියේ. ඒත් ඒකෙ කිසිම අවුලකුත් නෑ. වැඩේ වෙනවනම් කෙක්ක මොකද, කොක්ක මොකද.. හැක්!
      //internet connection ඔක්කොම විනාශ වෙලා// අෆොයි අසුබ ආරංචියක්... ඉක්මනට සබඳතාවක් ලැබේවා!

      Delete
Previous Post Next Post

Recent Post

Features