සීමා බිඳුන GitHub!

                  දැනටමත් ගිට් හබ් යූස් කරන, ෆ්‍රී අකවුන්ට් අයටනම් මේ අවුරුද්ද පටන් ගන්නකොටම සතුටු හිතෙන ආරංචියක් තමයි අහන්න ලැබෙන්නෙ. ඉස්සර නම් ගිට් හබ් එකේ නොමිලේ ලැබෙන එකවුන්ට් වල කෝඩ් එක හැමෝටම බලන්න පුළුවන් විදිහට පබ්ලික් විදිහට හදන්න ඕනි. ප්‍රයිවට් රෙපොසටරි එකක් ඕනි නම් ගෙවීමක් කරලා ඒ සේවාව ගන්න ඕනි වුණා. ඒත් මේ මාසේ ඉඳලා ෆ්‍රී එකවුන්ට් තියෙන අයටත් unlimited private projects හදන්න දැන් පුළුවන්.
මේ ප්‍රයිවට් රෙපොසටරි වල උපරිම 3 දෙනෙකුට විතරයි වැඩකරන්න පුළුවන්. පබ්ලික් රෙපොසටරි වල තවමත් ඕනෑ තරම් අයට එකට එකතු කරගෙන වැඩ කරන්න පුළුවන්.
                  පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මයික්‍රෝසොෆ්ට් සමාගමෙන් ගිට් හබ් වෙබ් අඩවිය මිලදී ගනු ලැබුවා. සමහරු නම් මේ ගැන වැඩි ප්‍රසාදයක් දැක්වුයේ නම් නෑ. ඒ ගිට් හබ් වල තිබුණු සාම්ප්‍රදායික නීති රීති වෙනස් වී මුදල් උපයන අරමුණින් නව නීති රීති ඒවි යැයි සිතාය. නමුත් මේ සිදුවුණේ වෙනස්ම පෙරලියකි. ඒ අනුව මයික්‍රෝසොෆ්ට් සමාගම කුඩා කණ්ඩායම් වලින් මුදල් ලබා නොගෙන ආදායමක් උපයන විශාල ව්‍යාපාර වලින් මුදල් ලබා ගැනීම සිදුවේවි.
ඒ වගේම Enterprise Cloud හා Enterprise Server යන සේවාවන් දෙකම GitHub Enterprise විදිහට අලෙවි කරන්න වගේම GitHub Developer කියන නමත් ඉදිරියට GitHub Pro විදිහට වෙනස් කරන්නත් මයික්‍රෝසොෆ්ට් සමාගම තීරණය කරලා තියෙනවා.
කොහොම වුණත් කාටත් සාදාරණ වෙන විදිහට ගිට් හබ් එක වෙනසක් කරන්න මයික්‍රෝසොෆ්ට් සමාගමට හැකිවෙලා තියෙනවා. ඒ වගේම මේ වෙනස නිසා තව තවත් අය ගිට් හබ් වෙත ආකර්ෂණය වේවි.

5 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. මාඤ්ඤමිකයි වගේ.

    ReplyDelete
    Replies
    1. සොෆ්ට්වෙයා වලට කෝඩ් ලියන බාධාවක් නැතුව එකට එකතුවෙලා වැඩකරන්න පුළුවන් තැනක් තමයි ගිට් හබ් කියන්නේ. කෝඩ් ලියන අයට ගැටලුවක් නැතුව වැඩ කරන්න පුළුවන් ඔන්ලයින් වර්ෂන් කන්ට්‍රෝල් ෆ්ලැට්ෆෝම් එකක්. මේ නිසා කිහිපදෙනෙකුට එකම ප්‍රොජෙක්ට් එකේ ගැටලුවක් නැතුව වැඩ කරන්න පුළුවන් කම ලැබුණා. ගිට් වල ප්‍රොජෙක්ට් ෆයිල් රඳවලා තියෙන කොටසක් රෙපොසටරි එකක් කියලා කියනවා. දිගටම ආඩුඊනෝ කරනකොට තේරෙයි!

      Delete
  2. මටත් account එකක් තියනව වැඩේ හොඳයි

    ReplyDelete
    Replies
    1. ඕන ඒවා ටික සේරම මමත් දාගත්තා අයියේ

      Delete
Previous Post Next Post

Recent Post

Features