eSIM තාක්ෂණය

             ඉස්සරම ෆෝන් ආපු මුල් කාලේ ෆෝන් එකට වඩා ගානක් ගියේ සිම් එක ගන්න. කාලෙන් කාලෙට වෙනස් වෙවී ඇවිල්ලා දැන් සල්ලිත් එක්කම නොමිලේම සිම් කාඩ් එක දෙන්න පටන් අරගෙන. සිම් එකක් කියන්නෙ මොකද්ද ඒක වැඩ කරන්න කොහොමද කියලා දැනගන්න ඕනි නම් මීට කලින් ලියපු පෝස්ට් එකක් තියෙනවා කියවන්න. මේ ලියන්නේ සිම් වලට අලුත්ම තාක්ෂණය වෙන eSIM තාක්ෂණය ගැන තොරතුරු ටිකක්.
              eSIM කියන එකේ තේරුම electronic / embedded SIM කියන එක. ඒ කියන්නෙ eSIM එකේඉස්සර තිබුනා වගේ භෞතිකව අතට අහුවෙන කොටසක් නෑ. ඒ වෙනුවට සිම් එකට අදාල තොරතුරු ගබඩා කරන්න චිප් එකක් දුරකතනය තුලම පැමිණෙයි.
                    බලපු ගමන් පොඩි අවුල් ටිකක් මේකෙ තියෙනවා කියලා දැනේවි. ඉස්සර වගේ සිම් එකක් ගලවලා වෙන එකක් දාගන්න බැරිවෙයිද? කියන එක එන එක ප්‍රශ්නයක්. ඒත් eSIM වලදි මේ වැඩේ ඊටත් වඩා ලේසියි. කෙනෙක් සිම් එකකට වඩා පාවිච්චි කරනවා නම් ඒ එක් එක් සිම් එකට අදාල වෙන විදිහට multiple accounts හදාගන්නත් ඒවා අතර මාරු වෙන්නත් පහසුකම eSIM වලදී තියෙනවා. මේ තාක්ෂණයත් සිම් තාක්ෂණ ගැන වගකීම දරණ  GSM Alliance (GSMA) ආයතනයේ අනුමැතිය ඇතුව පැමිණෙන එකක්.
                          Google Pixel 2 තමයි eSIM එකක් එක්ක ආපු මුල්ම ෆෝන් එක. eSIM හසුරවන්න වෙනම ඇප් එකක් ඒකට තිබුණා. ඊට පස්සේ ආපු iPhone Xs වලදී සාමාන්‍ය සිම් එකක් එක්ක eSIM එකක් හසුරවන්න හැකියාව ලබා දුන්නා. eSIM වලින් ලැබෙන වාසි අතර උපාංඟය කුඩාවට නිර්මාණය කරන්න ලැබෙන හැකියාව වැදගත්ම එකක්. මේ නිසා කුඩා Smart Watch වගේ උපකරණ වල සිම් එකට යන ඉඩ නැති කරගන්න පුළුවන් (Apple Watch Series 3 හා 4).ලංකාවේ නම් දැනට Dialog විතරයි මේ සේවාව ලබා දෙන්නෙ. 

5 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ඉස්මාට් පෝං එකක් ගත්ත දවසක..... එක්කො ඒ කතා ඕන නෑ. හැක්..

    අතට අහුවෙන කොටස් නැත්තං ගතියක් නෑ බොල.

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතිං වින්ඩෝස් එක්ස් පී දාගෙන පොඩි නොකියා පෝන් එකක් එක්ක ගල් යුගේට යං අයියන්ඩී.. හැක්!

      Delete
  2. අපරාදේ මේක කලින් දාන්න එපැයි මලේ. iphone xR එකක් නේ ගත්තේ :(

    ReplyDelete
    Replies
    1. එකේ eSIM තියෙනවා නේද? මේක බලන්න iPhone XS, iPhone XS Max,iPhone XR ඔක්කොටම තියෙනවා නේද?

      Delete
    2. You are right. I will check with my carrier.

      Delete
Previous Post Next Post

Recent Post

Features