ගූගල් වෙතින් හුවාවි වෙත තාවකාලික සහනයක්

               ගූගල් සමාගම විසින් සිය සේවාවන් හුවාවි සමාගමට ලබා දීම අත්හිටුවීමත් සමග, හුවාවි සමාගම දැඩි අර්බුදයකට මුහුණ දුන්නා. ගැටලුව තවත් වැඩි කරමින් Intel හා Qualcomm යන සමාගම් ද සිය චිප් හා අනෙකුත් දෘඩාංග සැපයීම තාවකාලිකව නවතා දැමුවා. 
                 මේ අතර අගෝස්තු මාසයේ මැද දක්වා ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට්ස් ලබා දීමට තාවකාලික අවසරයක් ගූගල් සමාගම ලබා දී තිබෙනවා. දැනගැනීමට ලැබෙන හැටියට අනෙකුත් ඇමරිකානු සමාගම් වලටද හුවාවි වෙත මේ සහය ලබා දීමට හැකියාව පවතිනවා. 
        ඒ එක්කම ගූගල් ප්ලේ සේවාවන්ද එලෙසම මේ කාලය ඇතුලත ලබාගැනීමට පුලුවන්. කොහොම උනත් මේ අවසරයත් අගෝස්තු 19 පසු අවලංගුවනවා. මේ කාලය ඇතුලත යම් එකඟතාවයකට එන්න හුවාවි සමාගමට නොහැකි වුවහොත් නැවතත් අතරමැද සිරවීමට ඔවුන්ට සිදුවනු ඇත. 
          හුවාවි සමාගමට ඉන්ටෙල් හා ක්වාලකොම් සමාගම් චිප් සැපයීම නවතා දැමුවද, ඔවුන්ගේම චිප් තාක්ෂණයක් (Kirin chipset) දැනටමත් ඔවුන් සතුව ඇත. මෙතෙක් කල් එය nova 3i වැනි hi-end දුරකථන සඳහා භාවිත කලත්, mid-range දුරකතන සඳහා ද එම තාක්ෂණය භාවිතා කිරීමට හැකිවනු ඇති. Kirin චිප් පද්ධතිය Qualcomm හා Snapdragons සමග තරඟ කිරීමට තරම් බලසම්පන්න බව දැනටමත් ඔප්පු කොට තිබේ. එහෙත් හුවාවි යනු හුදෙක් දුරකතන පමණක් නිර්මාණය කරන සමාගමක් නොවේ. ඒ නිසා උදාහරණයක් ලෙස ලැප්ටොප් සඳහා ප්‍රොසෙසර් සෑදීමට තරම් තාක්ෂණයක් ඔවුන් සතුව නොමැති නිසා AMD වැනි සමාගම් වලට යොමු වීමට සිදුවේවි. 
http://www.hisilicon.com/
          හුවාවි සමාගම ඉතා ප්‍රබල තාක්ෂණික සමාගමක් විදිහට ඉහලට ආවේ ඇපල් සමාගමද පසුකර ලෝකයේ වැඩියෙන්ම දුරකතන අලෙවියේ දෙවන ස්ථානයට පත්වෙමිනි. ඔවුන්ගේ ඊළඟ අරමුණ වූයේ 2020 දී ලෝකයේ ලොකුම දුරකතන නිෂ්පාදකයා බවට පත්වීමයි.
       ඇමරිකාවට, චීනය සමග තිබෙන සීතල යුද්ධයට මෙය තදින්ම දැනෙන්නට ඇත. ඇත්තෙන්ම හුවාවි සමාගමට ඇමරිකාව අතහැර සිය වෙළඳාම සිදුකල හැක. නමුත් ගැටලුව වන්නේ ඇන්ඩ්‍රොයිඩ් නොමැතිව මේ දුරකතන ලබා ගැනීමට ලෝකයා කැමති වේවි ද? එසේ නම් ඔවුන්ට ඇන්ඩ්‍රොයිඩ් පරයා යන හෝ ඊට තරඟයක් දිය හැකි මෙහෙයුම් පද්ධතියක් සැකසීමට අනිවාර්‍යයෙන් ම සිදුවේ.

Updated : හුවාවි හට SD card ද අහිමි වෙයි!

2 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. අනෙහ්.. උං යුද්ද කරගන්නැතැයි. නරකද අර ආඩියුනෝ ගැන කිව්වනං.

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features