Windows 10 වලදී Laptop Battery Report ගන්න හැටි

                                     ලැප්ටොප් එකක් අවුරුදු ගානක් වැඩ කරන කොට එක එක ලෙඩ එනවා. ඒ ලෙඩ අතරින් උඩටම එන කොටසක් තමයි ලැප්ටොප් එකේ බැටරිය කියන්නේ.
                                      බැටරියේ එන ලෙඩ වලින් අංක එක මුලින් තිබුණා වගේ චාර්ජ් එක තියෙන්නෙ නැතුව ඉක්මනට බහින එක. ඉස්සර පැය දෙක තුනක් තිබුණ එක දැන් විනාඩි 15 දුවන්නෙත් හරි අමාරුවෙන්. මේකට නම් ගොඩක් වෙලාවට හේතු වෙන්නෙ බැටරියේ චාර්ජ් කරන්න පුළුවන් වාර ගණන (Charging Cycle) අවසන් වෙලා තියෙන එක. සාමාන්‍ය‍යෙන් බැටරිය වාර 500 විතර තමයි චාර්ජ් කරන්න පුළුවන් වෙන්නෙ. ඒත් එක්කම බැටරිය 0 වෙනකම්ම වැඩ කරන එකත් බැටරිය ඉකමනින් නරක් වෙන්න බලපානවා.
                                  ඒ කොහොම උනත් අලුත ගෙනාපු එකකත් මේ විදිහට බැටරිය බහිනවා නම් ඒක බැටරියේ ලෙඩක්ම වෙන්න බෑ. ඒක චාජින් ඇඩැප්ටර් එකේ, සර්කිට් එකේ හෝ ඩ්‍රයිවර්ස් වල ගැටලුවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා බැටරිය ගැන තක්සේරුවක් ගන්න පුළුවන් නම් අපිට ලෙඩේ හොයා ගන්න ලේසි වෙනවා. Windows 10 වලදී මේ පහසුකම දීලා තියෙනවා. පහල වීඩියෝ එකේ තියෙන්නේ ඒක කරන හැටි.

[tech සයුරේ You Tube channel එක Subscribe කරලා මේ වගේ තව වීඩියෝ බලන්න] 


Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features