වායු දූෂණය වලකන්නට කෘතීම ගස් - Artificial trees

                                            මේ පෝස්ට් එක බලන අයගේ සීයලා, ආච්චිලා ඉන්නවනම් කියයි මේවා කවදා අහපු දේවල් ද කියලා. හරියට නිකන් අටුව කඩලා පුටුව හදනවා වගේ වැඩක්. ඒකට හේතුව පෝස්ට් එක කියෙව්වාම තේරේවි. ගසක් කියන්නෙ ජීවයේ පැවැත්මට වැදගත් මෙහෙයක් කරන පරිසර කොටසක්. පරිසරයේ වායු පීරිසිදු කරන්න ශාක කොටස් දායක වෙනවා කියලා කවුරුත් දන්නවා ඇති.
techxplorer.com
                                       ලෝකය පුරාම මිනිසුන් කරන වැඩ නිසා සිදුවෙන අධික පරිසර දූෂණය නිසා මිනිසාට පවා සිටිය නොහැකි තරම් සමහර නගර වල වායූ දූෂණයට ලක් වෙලා. ඉතිං මේ වායු පිරිසිදු කරන්න තරම් ගස් නගරයක නෑ. ගස් වවන්න ගියත් ඒක ලේසි නෑ. මේ ගැන හිතපු මෙක්සිකාවේ Biomitech නම් සමාගම අපූරු විසඳුමක් හදලා තියෙනවා. ඒ අහිතකර වායු උරාගන්නා Biourban කෘතීම ගසක්. මොවුන් කියන විදිහට මේ නිර්මාණය නිසා ගස් වැවෙන්න යන කාලය වගේම වැයවෙන ඉඩ ප්‍රමාණය යන දෙකම ඉතිරි වෙනවා කියලා (😐).
Fedge No
                                          මේ තාක්ෂණය Biomitech ලෙස හඳුන්වා තිබෙනවා. මේ Biourban ගස ලෝහයෙන් තැනූ අඩි 14 පමණ උස එකක්. ඒක ඇතුලෙ තියෙන ක්ෂුද්‍ර ඇල්ගී විශේෂයක් මගින් වාතයේ ඇති කාබන්ඩයොක්සයිඩ් හා අනෙක් අහිතකර වායු අවශෝෂණය කර පිරිසිදු ඔක්සිජන් වායුව පිට කරනවා.  වසර 2016 පටන් ගත්ත මේ ව්‍යාපෘතියේ කෘතීම ගස් 3 ක් මෙක්සිකෝවේ, කොලොම්බියාවේ හා පැනමාවෙ දැනට ස්ථාපනය කර තිබෙනවා. මෙක්සිකෝවෙ වෙනත් නගර සඳහා තවත් කෘතීම ගස් කිහිපයකට ඇනවුම් දැනටමත් ඔවුනට ලැබී තිබෙනවා.
                                             කෘතීම ගස් සිටුවීම තරමක් අමුතු වැඩක් වුවද ඉඩකඩ අඩු නගර වලට මෙය ඉතා ප්‍රයෝජනවත් වේ. ඉඩකඩ අඩු නගරවල ස්වාබාවික ගස් සිටුවනවාට වඩා මෙය ප්‍රායෝගික වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව පුරා මිලියන 7 ක පමණ පිරිසක් විෂ වායු වලට නිරාවරණය වීමෙන් මරණයට පත්වේ. එය ලොව පුරා සිදුවන රිය අනතුරු වලින් සිදුවන මරණ ප්‍රමාණය මෙන් 7 ගුණයකි! Biourban ගසක මිල ඩොලර් 50,000 ක් පමණ වේ.
veme.digital
                                           Biourban කෘතීම ගස් සංස්කරණ කිහිපයකින් නිර්මාණය කර ඇති අතර පහතින් දක්වා ඇත්තේ Biourban 2.0 හි විශේෂතායි.


Purification
Capture capacity: 13, 140,000 m3 of air / annual
Volume of purification: 975.2 kg / year
Flow of air flow: 3,000 m3 / h
Particle Capture PM 2.5 and 10: Filters up to 99.7%
Equivalent to the breath of people per day: 2,850 people
Equivalent to the release of O2 from young trees: 368 trees


වැඩි විස්තර : http://biomitech.com/en/solutions/
                                                 
                                                     දැන් ලෝකයේ සීග්‍රයෙන් පරිසර දූෂණය වැඩි වෙනවා. ලෝකයේ තියෙන වනාන්තර විනාශ වීම, වායු දූෂණය නිසා ගෝලීය උණුසුම ඉහල ගොස් ග්ලැසියර් දියවීමට පටන් අරගෙන. ඉතින් ඉදිරියේදී කෘතීම ගස්, කෘතීම ඔක්සිජන් මත යැපෙන කාලයක් ඉදිරියට උදාවේවි ද?

6 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. honda adahasa (sinhalen type venne naha e mokada?)

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම!
      (ටයිප් වෙන්නෑ කිව්වේ.. ටයිප් වෙන එක පෙන්නන්නෙ නැද්ද?)

      Delete
  2. හදමුද නව නිර්මානයක් විදිහට වායු පිරිසිදු කරනයක්?

    ReplyDelete
    Replies
    1. මේකේ තාක්ෂණය අධ්‍යනය කරන්නම වටිනවා අයියේ.

      Delete
  3. It was wondering if I could use this write-up on my other website, I will link it back to your website though.Great Thanks. green football visor

    ReplyDelete
  4. ผลบอลสด888 You there, this is really good post here. Thanks for taking the time to post such valuable information. Quality content is what always gets the visitors coming.

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features