ඉලෙක්ට්‍රික් කාර් එකට එන්ජිමක හඬ!

                                       ඉලෙක්ට්‍රික් වාහන වලට කැමති අයත් කොහෙත්ම කැමති නැති ඛනිජ තෙල් වලින් දුවන් වාහන වලට කැමති අයත් ලෝකෙ හැමතැනම ඉන්නවා. ඉලෙක්ට්‍රික් වලට සමහර අය කැමති නැත්තෙ ඩීසල්, පෙට්‍රල් වලින් යන වාහන වල වගේ හඬක් (Exhaust sound) නැති නිසා. දැන් ඒකටත් විසඳුමක් ඇවිල්ලා.
                                     ඉලෙක්ට්‍රික්, හයිබ්‍රිඩ් වාහන වලට කෘතීමව මවපු හඬක් ලබාදෙන්න වගේම මිලදීගන්න කෙනාට තමන් කැමත් හඬක් තෝරාගැනීමේ හැකියාව ලබා දෙන්නත් ඇමරිකානු රජය තීරණය කරලා තියෙනවා. පාරේ ගමන් කරන පදිකයන්ගෙ ආරක්ෂාව ගැන සලකලා තමයි මේ වගේ දෙයක් කරන්න හේතු වෙලා තියෙන්නෙ.
                                        ඇමරිකානු ජාතික ගමනාගමන ආරක්ෂක අධිකාරිය පවසන ආකාරයට රියදුරු හට කැමති හඬක් ඒ වාහනයට එක් කරගන්න පුළුවන් වෙන විදිහට නිෂ්පාදකයින් විසින් එම වාහන සඳහා ඇතුලත් කල යුතුයි. ඒ වගේම මේ හඬවල් සියල්ල අධිකාරියේ අනුමැතිය ඇතුව ඇතුලත් කලයුතු අතර ඒවා නිෂ්චිත ගණනකට පමණක් සීමා වේ.
                                          ඉලෙක්ට්‍රික් වාහන සෙමෙන් ගමන් කරන අවස්ථාවලදී හඬක් නිකුත් කිරීමට යෝජනාව පැමිණියේ 2018 වසරේදී පමණය. ඒ පාරේ ගමන් ගන්නා මගීන් හා අන්ධ පුද්ගලයින් හට සිදුවන අනතුරු වලක්වා ගැනීමටයි. ඉලෙක්ට්‍රික් වාහන අනෙක් දහන එන්ජින් ඇති වාහන වලට වඩා බෙහෙවින් නිෂ්ශබ්ධ වේ. ශබ්ධ ඇති වුණත් ඇතිවෙන්නේ සුලඟ මගින් හා ටයර් මගිනි. එයත් තරමක් වේගයෙන් යන විටදීය. මේ හින්දා කිසිම ශබ්ධයක් නැතුව දුවන්න හදන ඉලෙක්ට්‍රික් වාහන වලට පවතින්න ඕනි අවම හඬක් නිර්දේශ කරන්න සිද්ධවෙලා. මහජන මත විමසීමකිනුත් පසුව තමයි මේ නීතිය ගෙන එන්න තීරණය කරලා තියෙන්නෙ. ඒ අනුව වසර 2020 සිට අලුතින් නිපදවන සෑම 4500Kg වලට වඩා වැඩි ඉලෙක්ට්‍රික්  වාහන වලට මේ හඬ එක් කල යුතු වෙනවා. ඉදිරියට මෙන්ම පිටුපසට 19mph හෝ ඊට අඩු වේගයකින් ධාවනය විට දී හඬ ඇතිවිය යුතුවේ. නමුත් වේගයෙන් යන විට මෙය අදාල නොවේ. Mercedes-Benz, Volkswagen හා BMW වැනි වාහන නිෂ්පාදකයින් සිය විදුලි වාහන සඳහා දැනටමත් ඔවුන්ගේම හඬ නිපදවන පද්ධති එක් කර තිබේ.
                                                  ආරක්ෂාව වෙනුවෙන් හඬ එක් කලත් විශේෂ අවශ්‍යතා සඳහා යොදාගන්න ආරක්ෂක අංශයේ වාහන වලට නම් මේ හඬ එතරම් ගැලපෙන්නෙ නෑ. ඒ නිසා එවැනි වාහන වලට මේ විශේෂාංඟය අක්‍රිය කල හැකි වන පරිදි නිපදවන්න නිර්දේෂ වෙලා තියෙන්නෙ.

9 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. හඩක් නැත්නම් කිසිම ගතියක් නෑ නොවැ
    හඩ ගැන කිව්වාම මතක්වුනේ ඉන්දියාවේ තියෙන බොහොමයක් ලොරිවල පිටුපස Sound Horn කියලා තින්තෙන් ඇදලා තියෙනවා. බැලින්නම් ඒ කියන්නේ දෙන්න හඩ මෙන්න ඉඩ කියලා නේ.

    ReplyDelete
    Replies
    1. //Sound Horn// ඒක මරු!
      අපේ එවුන් ඉතිං හෝන් එක උඩ නැගගෙන නේ යන්නෙ... හැක්!

      Delete
  2. ඛණිජ තෙල්වල ශක්තිය කෙලින්ම විදුලියට හරවන්න ක්‍රමයක් හොයා ගත්තොත් කොච්චර හොඳද

    ReplyDelete
    Replies
    1. ඒක ලොකු ප්‍රයෝජනයක් වෙන එකක් නෑ. මොකද ඛණිජ තෙල් නැතිවේගන යන නිසා තමයි විදුලි වාහන වලට ලෝකය යොමුවෙලා තියෙන්නෙ..

      Delete
  3. ඩූම් මචාලේ එකක් හයි කළානං ඉවරයිනෙ.

    ReplyDelete
    Replies
    1. ඕ ඒක හයි කරන්න තමයි ඉන්නේ.. 😂😂

      Delete
  4. https://www.youtube.com/watch?v=V3WWPe6MMjs

    මේක කරන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. කරන්න පුළුවන්. ඒත් හැම port එකක්ම data transfer කරන්න (ඒ කියන්නෙ එකපාර pen drive දෙකක් තුනක් ගහන්න) නම් බෑ. එක usb storange හරි වෙනින් usb data transfer device එකක් එක්ක අනිත් port , power outlet විදිහට ගන්න පුළුවන්. ඒත් ඒකත් එතරම් සාර්ථක නෑ.

      Delete
  5. මේක හොද ලිපියක්.අපේ බ්ලොග් එකෙත් දල තියනවා
    Helakuru application 1දගන්නෙ කියලා.ගිහින් බලන්න

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features