Java Encryption & Decryption application

                         Encryption හා Decryption  (සිංහලෙන් ගුප්ත කේතනය හා ගුප්ත කේත විකේතනය) කියන්නෙ යම්කිසි වැදගත් තොරතුරක් (Password වගේ) විශේෂ ඇල්ගොරීතමයක් මගින් එයටම විශේෂිත Key එකක් භාවිතා කරමින් වෙනස් කරන එකට. Encrypt කරපු තොරතුරක් අදාල key එකම භාවිතා කරලා නැවත විකේතනය කරගන්නකම් කියවන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ.  


            මේ විදියට ඇල්ගොරිතමයක් මගින් වෙනස් කරපු තොරතුරු cipher text එකක් කියලා හඳුන්වනවා. මේ විදියට cryptography ( Encryption තමයි) වලට  Triple DES, RSA, Advanced Encryption Standards (AES) වගේ විවිධ වර්ගයේ ඇල්ගොරිතම හඳුනාගන්න පුලුවන්.
            මේ ලිපියෙන් Java පරිගණක භාෂාව භාවිතා කරලා Encryption & Decryption application එකක උදාහරණයක් ඉදිරිපත් කරලා තියෙනවා.
            වැඩසටහනට java.security.MessageDigest කියන class එකෙන් message digest algorithm මගින් ලබාදෙන key එක SHA-1 , SHA-256 වගේ hashing ඇල්ගොරිදමයන් යොදාගන්න භාවිතා කරලා තියෙනවා. ඒ වගේම javax.crypto.Cipher කියන class එක තමයි මේකෙ encryption හා decryption algorithm විදියට වැඩ කරන්නෙ. javax.crypto.spec.SecretKeySpec කියන්නෙ String එකක් විදියට දෙන key එක අවශ්‍ය ඇල්ගොරිතමයක් මගින් byte array එකක් විදියට පරිවර්ථනය කරනවා.java.util.Base64 කියන්නෙ encoding, decoding වලට යොදාගත්තු class එක. මේවා ගැන වැඩිපුර විස්තර දීලා තියෙන ලින්ක් වලින් ගිහින් බලන්න 😇. (මේ කියපු ඒවා එච්චර තේරුනේ නැත්නම් වැඩිය හිතන්න එපා. Download කරලා වැඩ කරන හැටි බලන්න.)
        මීට අමතරව file save, open කරන්නෙ කොහොමද, text file එකක් read කරලා text box එකකට ගන්න විදියත් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ඉගෙන ගන්න පුළුවන්.
          පහල තියෙන GitHub ලිංක් එකෙන් ගිහින් ඕනි කෙනෙකුට source code එක download කරගන්න පුළුවන්. Netbeans project එකක් විදියට තමයි මේක තියෙන්නෙ. මොනවා හරි නොතේරුනු දෙයක් තියෙනවනම් අහන්න පහල comment වලින්. ඒ වගේම දැනටමත් කරන projects වලට මේක යොදාගෙන අලුත් දෙයක් කරන්න try එකක් දෙන්න.!




7 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features