ස්මාර්ට් විදියට නෝට් තියාගන්න Google Keep

    අමතක වෙන දේවල් මතක තියාගන්න අපි කෙටි සටහනක් දාගන්න පුරුදු වෙලා ඉන්නවා. පොඩි නෝට් බුක් වල, නැත්නම් කඩදාසි කෑලි වල මේ විදියට නෝට් තියාගන්නවා වෙනුවට ස්මාර්ට් විදියට නෝට් තියාගන්නෙ කොහොමද? අද පෝස්ට් එක ස්මාර්ට් විදියට නෝට් තියාගන්න උදව් වෙන Google Keep ගැන. 
    Google Keep කියන්නෙ note තියන්න පුලුවන් නොමිලේ ලැබෙන සේවාවක්. හැබැයි මේක නෝට් තබනවාටම වඩා ප්‍රයෝජනවත් සේවාවක්. උදාහරණයක් විදියට මෙය google drive සමග sync වෙන නිසා ලෝකයේ ඕනෑම තැනක ඉඳලා google account එක හරහා මේ ලියමන් වලට පිවිසෙන්න හැකියාව තියෙනවා. ඒ සඳහා ඩෙස්ක්ටොප් එකක්, ලැප්ටොප් එකක්, ස්මාර්ට් ෆෝන් එකක් හෝ ටැබ්ලට් එකක් භාවිතා කරන්න පුළුවන්.
androidauthority.com
    ප්‍රධාන වශයෙන් මේ සේවාව ලබා ගැනීමට keep.google.com තුළින් හෝ play store, apple app store හරහා ලබාගන්න මොබයිල් ඇප් වලින් හැකියාව තියෙනවා. ඒ වගේම gmail හී දකුණු පසින් ඇති toolbar එකෙනුත් keep වල තියෙන note වලට පිවිසෙන්න පුළුවන්.
Google Keep - Gmail

Google Keep වලින් ගන්න පුළුවන් වැඩ

🎤 Voice note තියන්න

Google Keep - Voice note
Keep වල text note වගේම කටහඬෙන් voice note තියන්නත් පුළුවන්. ඒකට කරන්න තියෙන්නෙ keep ඇප් එකේ තියෙන පොඩි microphone icon එක ටච් කරලා ඕනි දේ කියන එකයි.

👦Collaborators

Google Keep - Collaborators
keep වල තියෙන නෝට් එකක් තව කෙනෙක් එක්ක share කරගන්න collaborators option එකෙන් පුලුවන්. මේ නිසා ඔයා හදන check list එකක්, note එකක් තව එක්කෙනෙක් හෝ කීප දෙනෙක් එක්ක එකතුවෙලා සම්පූර්ණ කරන්න පුළුවන්. ඉතිං ඒ නිසා task complete වගේ වැඩකටත් මේක යොදාගන්න පුළුවන්. ඒ වගේම ලේසියෙන්ම මේ නෝට් එකක් Google Docs වලට යවන්න පහසුකම keep වල තියෙනවා (Copy to Google Docs).


Reminder තියන්නත් පුළුවන්

businessinsider.com
    මේ keep වල තියෙන තව විශේෂම අංඟයක්. යම් දවසක, යම් වෙලාවක හෝ යම් ස්ථානයකදී මතක් වෙන්න ඕනි දෙයක් reminder එකක් විදියට keep වලට එක් කරන්න පුළුවන් කම තියෙනවා. ඉතිං මෙහෙම තියෙන note ඉබේම google calendar එකට එකතුවෙන නිසා ඒ හරහා මතක් කිරීමක් කරගන්න පුළුවන්.


📸පින්තූර වැඩ

Google Keep - Image & Drawings
    තව පහසුකමක් තමයි images විදියට සටහන් තබන්න පුළුවන්කම. එතනදි ඒ පින්තූරයෙ තියෙන text එකක් වෙන් කරගන්න පුළුවන් හැකියාව keep වලදී ලැබෙනවා. ඒ වගේම නෝට් වලට අතින් අඳින රූප (drawings) එක් කරගන්නත් පුළුවන්.

    මීට අමතරව මේ නෝට් ලේබල් කරන්න, check list විදියට නෝට් තියාගන්න, වැදගත් නෝට් pin කරලා තියාගන්න වගේම මේ නෝට් විවිධ වර්ණ වලින් වෙන් කරලා තියාගන්නත් පහසුකම keep සේවාවෙන් ලැබෙනවා. ගොඩක් වෙලාවට ස්මාර්ට් ෆෝන් එකේ තියෙන text එකක් වගේ දෙයක් computer එකට ගන්න හොඳම විදියක් තමයි keep කියන්නෙ. ඉතිං කලින් note තිබ්බෙ පරණ ක්‍රමයට නම් Google Keep try කරලා බලන්න.

6 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ට්‍රයි කරල බලමු.
    එකාතකට අපිට ඉතිං මොනව කියල නෝට් කරන්නද ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. අපි හොඳම බ්‍රෑන්ඩ් ටික ලිස්ට් කරලා ඒ ටික ශෙයා කරගමු අයියෙ 🙊

      Delete
    2. ඉදගෙන බැරිනම් හිටගෙන බුදියාගෙන කරන්නත් පුලුවන්ලු

      Delete
  2. ඔහේ වින්ඩෝස්11 දැම්මෙයි.

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features