Magicbit එකකින් weather station එකක් හදමු

                             

    Magicbit එකකින් කිසිම සෙන්සර් එකක් නැතුව weather station එකක්  නැත්නම් කාලගුණ තොරතුරු බලාගන්න පුළුවන් වැඩසටහනක් හදන්න කැමතියි ද? මේ වීඩියෝ එකෙන් පෙන්නන්නෙ ඒ වගේ weather station එකක් හදාගන්නෙ කොහොමද කියලා.


      Magicbit වගේ device එකකින් ගන්න පුලුවන් වැඩ ගොඩක් තියෙනවා. IoT තාක්ෂණය එක්ක එදිනෙදා වැඩවලට ලොකු ප්‍රයෝජනයක් ගන්න magicbit එකෙන් නව නිපැයුම් කරන්න පුළුවන්. මේ ප්‍රොජෙක්ට් එකෙන් දැනට තියෙන කාලගුණ තත්ත්වය විතරක් බලන්න පුළුවන් උනාට මේක කාලගුණ අනාවැකි (Weather forecast) බලන්න පුළුවන් විදියට වෙනස් කරගන්න හැකියාව තියෙනවා. කෘෂි කර්මාන්තය වගේ රැකියාවල නිරතවෙන අයට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. 

    වීඩියෝ එකේ ආර්ඩුඉනෝ ප්‍රෝග්‍රෑම් එක ගැන ලොකු විස්තරයක් කරලා නැති උනත් ඒ ගැන විස්තරයක් ඕනි උනොත්, තව වීඩියෝ එකක් විදියට ගේන්න පුළුවන්. මේ  ප්‍රොජෙක්ට් එක ගැන පොඩි හරි ගැටලුවක් තියෙනවනම් මේ පෝස්ට් එකේ හරි youtube comment section එකේ හරි සටහනක් තියන්න. එහෙනම් වීඩියෝ එක හොඳින් බලලා මේ ප්‍රොජෙක්ට් එක කරන්න ට්‍රයි එකක් දෙන්න. අලුත් වීඩියෝ ආපු ගමන් බලන්න මතක ඇතුව subscribe කරන්න 😊.




Source code : https://github.com/rohandhananjaya/MagicBit-Weather-Station

5 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ඔය මැජික් නැති උනත් මෙහෙට ගලන්න වහිනව කියන එකනං කියන්න පුලුවං. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒක නියතයක් අයියේ.. අද හතරෙ ඉඳලා තාම වහිනවා 😛😂

      Delete
  2. බිට් කොයින් කැනීම වැදගත් සිංහල බෞද්ධයෙක්ට සුදුසු රැකියාවක්ද?

    ReplyDelete
    Replies
    1. ඒක හරියට ගොවියෙක් වාහන හයර් කරාට කමක් නැද්ද වගේ ප්‍රශ්නයක්නෙ

      Delete
  3. mage duvata ardyino ekakian robo kenek hadann project ekak uni eken dila c programming code ekak ekka. mama thamaa avule vatune

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features