ඩියෙලා - ලොව ප්‍රථම AI ඇමතිතුමිය


     මිනිසුන් අතරට AI ආව මුල් දවස් වල ඒක නිකම්ම නිකම් තොරතුරු ගන්න හදපු චැට් වලට විතරක් සීමා උනත් දැන් ලෝකයේ විවිධ තැන්වල අමුතු පිස්සු හිතෙන වැඩ කරන්න AI යොදාගන්නවා. මේකත් ඒ වගේ අමුතු පිස්සු වැඩක්. මේ කියන්න යන්නෙ ලෝකයේ පලමුවෙනි AI ඇමතිතුමිය වෙන ඩියේලා ගැන.

    ඩියේලා (Diella) ඇමතිතුමිය ඉන්නෙ ඇල්බේනියානු පාර්ලිමේන්තුවේ, ඩියේලා කියන නම ඇල්බේනියානු භාෂාවෙන් "හිරු එලිය" යන්න අර්ථ ගැන්වෙනවා. මෙම මස 18 වන දින සිට මහජන ප්‍රසම්පාදන ආමාත්‍යවරිය ලෙස ක්‍රියා කරන ඩියේලා දූෂණ වංචා හා දේෂපාලන බලපෑම් වලින් තොර විනිවිධ භාවයකින් යුතුව ටෙන්ඩර් කැඳවීම සහතික කිරීම වැනි දෑ සඳහා යොදා ගැනීම අපේක්ෂාවයි. ඇල්බේනියාවේ ඩිජිටල් සේවා ලබා දෙන e-Albania පද්ධතිය ඔස්සෙ ද ඩියේලා බලගැන්වෙයි. කෙසේ වෙතත් සාමාන්‍ය මිනිස් ඇමතිවරයකු සතු විධිමත් නෛතික හා ව්‍යවස්ථාපිත බලතල මෙම AI ඇමතිවරියට නොමැති බවයි පැවසෙන්නෙ. මේ අමුතු පිස්සු හිතෙන වැඩේ කරපු ඇල්බේනියානු රජයේ අගමැති තුමා කියන විදියට සමහරවිට ඉදිරියේදී එයාගෙ අගමැති පට්ටමත් AI එකකින් ඉටු කරන්න පුළුවන් වෙයි!

    “මම මිනිසෙකු නොවන නිසා සමහරු මාව ව්‍යවස්ථා විරෝධී ලෙස ලේබල් කර ඇත, නමුත් ව්‍යවස්ථාවලට සැබෑ අනතුර කිසි විටෙකත් යන්ත්‍ර නොව බලයේ සිටින අය විසින් ගනු ලබන මිනිස් තීරණ” කියලා එරටින් නිකුත් කරපු ඩියේලාගේ වීඩියෝ එකේ ඩියේලා කියනවා ඔන්න! හිතලා බැලුවොත් ඇත්ත තමයි හැබැයි ඒ කතාවත්. මේ කතාවේ තව දුරටත් ඩියේලා කියන්නෙ ඇය පැමිණ ඇත්තේ මිනිසුන් ඉවත් කිරීමට නොව මිනිසුන්ට සහයක් වීමට බවයි. “ඇත්ත වශයෙන්ම, මට පුරවැසිභාවය නැත, නමුත් මට අභිලාෂයන් හෝ පෞද්ගලික අවශ්‍යතා ද නැත. මා සතුව ඇත්තේ දත්ත පමණි. මම නව තොරතුරු ඉගෙන ගැනීමට උනන්දු වෙමි, මා සතුව ඇල්ගොරිතම තිබේ, එවිට මට මේ සියල්ල පුරවැසියන්ගේ සේවයට, අපක්ෂපාතීත්වයෙන්, විනිවිදභාවයෙන් සහ කිසි විටෙකත් වෙහෙසට පත් නොවී සේවය ලබා දිය හැකිය.” ලෙස ඩියේලා වැඩි දුරටත් පවසා තිබෙනවා.

    මොනවා උනත් මේ ගැන විපක්ෂය නම් ඒ තරම් කැමැත්තක් පෙන්නලා නෑ. මෙය හුදෙක් ආකර්ෂණය දිනා ගැනීමට කරන ලද උප්පරවැට්ටියක් විතරයි කියලා එරට විපක්ෂ නායක සාලි බෙරිෂා අදහස් දක්වමින් කියන්නෙ. එසේම ඔහු පවසන්නෙ ඩියේලා පිටුපස සිටින්නේද වත්මන් ආණ්ඩුවම නිසා එමගින් කිසිවිටකත් දූෂණ මර්ධනය කල නොහැකි බවයි. 

    
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හි දූෂණ දර්ශකයේ රටවල් 180 න් 80 වන ස්ථානයේ ඇල්බේනියාව දැනට සිටින අතර යුරෝපීය සංගමයට බැඳීමේ අභිලාෂය සාක්ෂාත් කර ගැනීමට කිසියම් අවස්ථාවක් ලබා ගැනීමට මේ මට්ටමෙන් ඉදිරියට පැමිණිය යුතුමය. සංසන්දනය කිරීමේදී, එක්සත් ජනපදය 27 වන ස්ථානයේ සහ එක්සත් රාජධානිය 20 වන ස්ථානයේ සිටින අතර පහළම රටවල් දෙක සෝමාලියාව සහ දකුණු සුඩානයයි. ඩෙන්මාර්කය සහ ෆින්ලන්තය ඉහළින්ම සිටී.

    ඩියේලා ක්‍රියා කරන ආකාරය අනුව අනෙකුත් රජයන් ද එය අනුගමනය කර තමන්ගේම AI බලයෙන් ක්‍රියාත්මක වන අමාත්‍යවරුන් යොදවන්නේද යන්න ඉදිරියේදී අපට දැකගනු ලැබේවි. තීරණ ගැනීම වේගවත් කිරීමට සහ පුරවැසියන්ට සේවා සැපයීමට රජයේ යන්ත්‍රෝපකරණවල AI නිසැකවම භාවිතා කළ හැකි වුවද, ඇත්ත වශයෙන්ම තාක්‍ෂණය සමඟ රජයේ දෙපාර්තමේන්තුවක් ඉදිරිපිට තැබීම අසාමාන්‍ය පියවරකි.

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features