විදුලිය නිපදවන ගූගල් සරුංගලය...

         මේක කියවනකොට හිතෙයි සමහරවිට පිස්සු අදහසක් නේද කියලා. ඒ තරමට මේක ටිකක් අමුතු විදිහෙ වැඩක්. ගූගල් එකේ අය කොහොමත් පුදුම හිතෙන් වැඩ කරන අයනේ. මේක ගූගල් එක්ස් ප්‍රොජෙක්ට්  (Google X) ට අයත් කොටසක්. ගූගල් එක්ස්  කියන්නේ අධි තාක්ෂණික මෙවලම් දියුණු කරන්න ගූගල් සමාගමෙන් පටන් ගත්ත ව්‍යාපෘතියක්. දැනට ටික දවසකට ඉස්සර ලොවට හඳුන්වල දුන්න රියදුරෙක් නැති කාර් එක (Google Self-driving car), ගූගල් ග්ලාස් (Google Glass) එහෙමත් මේ ව්‍යාපෘතියෙම කොටස්. ඒ විදියට දියුණු කරපු තවත් විශේෂ තාක්ෂණයක් තමයි සුළඟ මගින් විදුලිය නිපදවන්න අලුත් ක්‍රමයක් යොදාගන්න එක.
           මේ ප්‍රොජෙක්ට් එකේ නම මකානි (MAKANI) සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන සුළං විදුලි බලාගාර තියෙන්නෙ පොළොවෙ එක තැනක සවි කරලා. ඒත් මේ ක්‍රමයේදී කරන්නේ විදුලිය නිපදවන ටර්බයින සරුංගලයක සවිකරලා ගුවනේ පා කරන එක. මේ සරුංඟලය සාමාන්‍ය එකක් නම් නෙවෙයි. ඒක මේ වැඩේටම හදපු විශේෂිත සරුංඟලයක්. හරියට පොඩි ප්ලේන් එකක් වගේ එකක්. කාබන් ෆයිබර් වලින් තමයි හදලා තියෙන්නෙ. කම්බියකින් සරුංඟලය පොළවේ සම්බන්ධකය එක්ක සම්බන්ධ කරලා තියෙනවා.
       මුලින්ම සරුඟලය ගුවනට යවනවා. ඒකට සරුංගලයේ තියෙන අවරපෙති  ම යොදා ගන්නවා මෙහෙම සරුංගලය ගුවනට යැව්වට පස්සෙ ඒක වෘත්තයක ගමන් කරනවා. දැන් සරුංගලයෙ තියෙන ටර්බයින සරුංගලය හරහා හමන සුළඟට කැරකෙනවා. ඉතින් මේ ටර්බයින වලින් නිපදවෙන විදුලිය නැවත පහළට ගන්න පුලුවන්. ඒකට සරුංගලය සම්බන්ද කරලා තියෙන කම්බියම යොදා ගන්නවා. මේ ක්‍රමය අඩු සම්පත් භාවිතයකින් වැඩි බලශක්තියක් නිපදවන්න පුලුවන් කියලා ගූගල් සමාගම  විසින් පෙන්නලා දීලා තියෙනවා. තව ටික දිනකින් අපිටත් අහසෙ තැනින් තැන මේ වගේ සරුංඟල් දකින්නට ලැබේවි...!


1 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features