2016 දී ඇමරිකාව හා ජපානය රොබෝ යුද්ධයක්

               මීට ටික දිනකට ඉහතදී ඇමරිකාව යුධ රොබෝවක් තැනුවා. විද්‍යා ප්‍රබන්ධ කතා වල එන රොබෝ වරයකුට සමාන හැඩයකින් යුතු මෙම රොබෝව Megabot  (Megabot MK II) ලෙස හඳුන්වා දී ඇත. මෙම රොබෝව නිපද වූ ඇමරිකාව ජපානයට අභියෝගයක්ද දෙනු ලැබුවා. ඒ අභියෝගය බාර ගත් ජපානය ඔවුන්ගේම  Kuratas (Suidobashi Kuratas) නමින්  යුධ රොබෝවක් එළිදක්වනු ලැබුවා
Megabot රොබෝව අඩි 15ක් පමණ උසින් යුතු අතර 5500 kg තරම් බරකින් යුක්තය. ගමන් කිරීමට යුධ ටැංකි වලදී යොදා ගන්නා ආකාරයේ පථයක් යොදා ගනී.මෙය පාලනය කිරීමට නියමුවන් දෙදෙනක් සිටින අතර එක් අයකු රොබෝව ධාවනය කරන අතර අනෙක් නියමුවා යුධ උපකරණ හසුරවයි.
ජපානයේ  Kuratas රොබෝව අඩි 13 ක් පමණ උසින් යුතු වන අතර 4000 kg තරම් බරකින් යුක්තයි. Megabot  හිදී මෙන් නොව මෙය ගමන් කිරීමට යොදාගෙන ඇත්තේ සාමාන්‍ය ආකාරයේ රෝද 3කි. එමගින් රොබෝවට ඉක්මනින් හැරීමට මෙන්ම ගමන් කිරීමට හැකියාව ලැබී ඇත. එසේම මෙය පාලනය කිරීමට අවශ්‍ය වන්නේ එක් නියමුවකු පමණි. ගුවන් යානා පාලනයේදී මෙන් මෙහිදී cockpit එකක් මගින් පාලනය කරනු ලබයි. හෙඩප් ඩිස්ප්ලේ, ස්ව්‍යංක්‍රීය ඉලක්ක අනාවරකයක් (automated target acquisition) කින්ද යුක්ත වනවා.
මෙම රොබොවන් දෙකෙහිම ප්‍රහාර සඳහා ජල මිසයිල හා අත්, පා පහරවල් යොදා ගනු ලබයි. මෙම කණ්ඩායම් දෙකටම මාස 12ක් කාලයක් සිය රොබෝවන් තව දුරටත් වැඩි දියුණු කිරීමට කාලය ලබා දී ඇත. ඉන් පසු 2016 වසරේ දී ලොව මුල්ම රොබෝවරුන් අතර ද්වන්ද සටන ඇතිවනු ඇත! රියල් ස්ටීල් චිත්‍ර පටියේ සැබෑ ආකාරය නැරඹීමට ලොවට අවස්ථාව උදා වනු ඇත.
කෙසේ වෙතත් මෙය නිකන්ම නිකන් රොබෝ සටනක් ලෙස සැලකිය නොහැක. ඇමරිකාව හෝ ජපානය මේ සැරසෙන්නේ නව යුධ උපකරණ අත්හදා බැලීමකටද....? 

6 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. හොඳ පොස්ටුව. http://nelumyaya.com/?p=3495

    ReplyDelete
  2. ට්‍රාන්ස්ෆෝමර්ස්
    රියල් ස්ටීල්
    අයි ලෙව් දැටි පිලුම්ස්
    අපි බලමු මුං මොකාට එන්න හදන්නෙ කියල

    ReplyDelete
  3. නියම පෝස්ටුවක් ආ...!

    ReplyDelete
    Replies
    1. Thank you.. Thank you විලියම් හර්ෂල්!

      Delete
Previous Post Next Post

Recent Post

Features