අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 4

                   අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් කරන හැටි ගැන මීට කලින් පෝස්ට් කීපයක් tech සයුරෙන් කියලා දුන්නා. මේ කියන්න යන්නෙත් ඒ ප්‍රොජෙක්ට් එකට උදව්වක් වෙන අඩුවට හොයා ගන්න පුළුවන් සෝලා චාජර් එකක් ගැනයි.
                    මේ චාජර් එක ගෙන්නුවේ Ali express එකෙන්. මේකේ ප්‍රමාණය 120*65.5*1.5mm විතර ඇති. ඒ කියන්නෙ ප්‍රමාණයෙන් කුඩා ඉඩක තියන්න හරි ඇණ තවු වලින් බිත්තියක හයි කරලා තියාගන්න හරි පුළුවන්. 12V/24V Auto Switch නිසා බැටරිය 12V උනත් 24V උනත් කිසිම ගැටලුවක් නැතුව චාජරය වැඩ කරනවා.
                මේ චාජර් එක ඩිජිටල් එකක්. ඒ නිසා බැටරිය චාජ් කරන්න PWM (Pulse Width Modulation - ස්පන්දයක පළල සැකැස්ම) විදිහට. ඒ නිසා බැටරිය Over Charge වෙන්නෙ නෑ. බැටරියේ ආරක්ෂාවට Short Circuit Protection, Over Load Protection තියෙනවා. 5V USB Power Outlet 2 න් මොබයිල් ෆෝන් චාර්ජ් කරගන්න පුළුවන්.
             බැටරිය චාර්ජ් වෙන එක, චාර්ජ් වෙලා තියෙන ප්‍රමාණය බලන්න, චාර්ජ් වෙන්න ඕනි වෝල්ට් ප්‍රමාණය, Overload වෙනකොට Disconnect වෙන්න ඕනි වෝල්ට් ප්‍රමාණය ට අදාල සැකසුම් අපිටම හදාගන්න පුළුවන්.
           චාර්ජර් එක හයි කරන විදිහ ගැන එවන පෙට්ටියෙම තියෙනවා. සරලව ඒක කරන්නෙ මෙහෙමයි. මුලින්ම චාර්ජර් එක බැටරියට කනෙක්ට් කරලා දෙවෙනියට පැනල් එක කනෙක්ට් කරන්න ඕනි. අන්තිමට තමයි output එකෙන් උපකරණ සම්බන්ධ කරන්නෙ.

            දැනට මාස දෙකක් විතර ටෙස්ට් එකකට පස්සෙ මේ පෝස්ට් එක දාන්න හිතුනේ මේ ඩිවයිස් එක හොඳට වැඩ කරනවද කියලා බලන්න ඕනි නිසයි. ලංකාවෙ මුදලින් රු.1,140 ක් විතර වෙනවා. ගානෙ හැටියට නම් සෑහෙන්න වටිනවා. බැටරියේ ප්‍රමාණය අනුව 10A,20A,30A ධාරාවන් වලින් ගන්න පුළුවන්. මේ වගේ සොලා චාජර් එකක් හොයපු කෙනෙක් ඉන්නවන්ම් මෙතනින් ගිහින් ගන්න පුළුවන්.

10 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. අපිටනං වැස්ස. ඔහේට අවුව පායනවැයි මේ දවස්වල. හැක්..

    ReplyDelete
    Replies
    1. අම්මපා????? යකෝ මෙහෙට නියඟෙ වතුර බවුසරයක් එවන්ඩකෝ
      හැක්!

      Delete
  2. ඔය පොස්ට් එක දාපු දවසේ ඉදන් මෙහෙට ඉර පායන්නේ නැතිව ගියා නොවෑ.

    ReplyDelete
    Replies
    1. ඉක්කන්ට සෝලා පැනල් එකක් හයි කරන්න එතකොට පායයි අයියන්ඩී...
      හැක්!

      Delete
  3. Good. Keep it up. ආටිකල් සීරීස් එකම ඉවර කරල එක පටනක දාන්න.

    ReplyDelete
    Replies
    1. Thank you Madhawa!
      ඔක්කොම ඉවර කරලා දාන්න හිටියොත් කවදාවත් වෙන්නෙ නෑ. ඒ හින්දා පුලුවන් වෙලාවට එකින් එක ඉවර කරවනවා bro!

      Delete
  4. පරණ පෝස්ට් වලට තියෙන ලින්ක් ටික හදන්න. බ්ලොගර් පෝස්ට් එඩිටිං පේජ් එකේ ලින්ක් එක දාල තියෙන්නෙ. පෝස්ට් ලින්ක් එක නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. යකඩෝ ඔව් නේ! ඕං ඒක හැදුවා!
      ස්තූතියි !

      Delete
Previous Post Next Post

Recent Post

Features