VEGA අලුත් තතු!

                     100% අපේ රට තුලම නිපදවන මෝටර් රථයක් වෙන වේගා කාර් එක ගැන මීට කලින් ලිපි කිහිපයක්ම ගෙනාවා මතක ඇති. ඊට පස්සේ ඒ කාර් එක ගොඩනැගෙන හැටි ගැන වේගා ෆේස්බුක් පිටුවේ පළවුණු ෆොටෝ , වීඩියෝ එහෙමත් ලිපියක් විදිහට tech සයුරෙ පළකලා මතක ඇති.

                                           මේ කාර් එක ගැන කෙටි හැදින්වීමක් කරනවනම් මේක සම්පූර්ණයෙන් ලංකාව තුලම නිපදවන ඉලෙක්ට්‍රික් කාර් එකක්. අනෙක් ඉලෙක්ට්‍රික් කාර් වලින් මේක වෙනස් වෙන්න හේතුව තමයි මේක ඒවාට වඩා වේගවත් සුපිරි මෝටර් රථයක් වෙන වෙන එකයි. මේ කාර් එකට තත්:3.5 ඇතුලත 0 -> 60 mph වේගයකට ළඟාවෙන්න පුලුවන්. ඒ වගේම මේ  රථයට පැ.කි.මි 220 ක උපරිම වේගයක් ලබා ගන්න පුලුවන්. එක පාරක් චාර්ජ් කරලා කි.මි 220ක් යන්න පුලුවන්. ලංකාවෙ හදනවා කියන කොට සමහර අය පුදුම වේවි. ඒ තරමට හිත් ඇදගන්න පුලුවන් විදිහට මේ කාර් එක සැලසුම් කරලා තියෙනවා. ගොඩක් අය මේක කරන්න බැරි වැඩක් කියලත් කිව්වා. ඒත් අපේ ඉංජිනේරුවන්ගේ අවුරුදු ගණනක මහන්සියෙන් හා කැපවීමෙන් දැන් මේ සිහිනය සැබෑවක් වෙමින් පවතිනවා. මේ රූප වලින් දැක්වෙන්නෙ පිටත රූපය පමණයි. ඉදිරියේදී මෝටර් රථයේ ඇතුලත ඇති ඉන්ටීරියර් කොටසද දැක ගැනීමට හැකි වේවි.

මීට අමතරව ඔවුන් විසින්ම ඉලෙක්ට්‍රික් බවට පරිවර්ථනය කල මිනි කූපර් රථයක් ද තිබෙනවා.
(වැඩි දුර තොරතුරු සඳහා Vega Innovations ෆේස්බුක් පිටුවට යොමු වෙන්න)
(සියලු පින්තූර සහ වීඩියෝ Vega Innovations හා හර්ෂ සුබසිංහ මහතාගේ ෆේස්බුක් පිටුවලිනි)

7 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ඔ්කම් කරන්න බෑ. හරියන්නෑ හරියන් නෑ

    ඒක නෙමෙයි මගේ පරිගනකයට TV කාර්ඩ් එකක් විකරලා තියෙනවා. නමුතු ටීවී බලන මෘදුකාංගයේ දෝශයක් තියෙනවා. මට ටීවී බලන්න යොදාගතහැකි වෙනත් මෘදුකාංගයක් ගැන දැනුම් දෙන්න.

    මම අහලා තියෙනවා VLC ප්ලේයරයෙන් ඔ්ක කරන්න පුළුවන් කියලා. හැකිනම් ඒ ගැන කියා දෙන්න.

    ReplyDelete
  2. මේක අනිවා කරන්න පුළුවන් ...
    TV card එකේ වර්ගයයි model එකයි කියන්න

    ReplyDelete
    Replies
    1. 10 moons STV5.6S

      TV බලන්න දීපු මෘදුකාංගය Super TV pro
      ඒකෙන් දැන් දවස් දෙකක ඉඳලා ඔඪ පේන්නනෑ. ඒ වෙනුවට පේන්නේ සුදු කොටුවක්. රී සයිස් කලාම ඒක කළු කොටුවක් වෙනවා. කලිනුත් ඔ්ක තිබිලා වින්ඩෝස් නැවත ස්ථාපනය කලාම හරිගිහින් තිබිලා ආයේ දෝශය ආවා.

      Delete
  3. ඕක චාජ් කරන්න තෙල් ගහනවට වඩා ගානක් යනවද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. මෙය ඝෝඨාභයගේ චන්ද ගුන්ඩුවක්ද?

      Delete
Previous Post Next Post

Recent Post

Features