Facebook අලුත් reaction එක

                                Facebook කලින් තිබුණු සාම්ප්‍රදායික පෙනුම වෙනස් කරමින් Like reaction එකට අමතරව like, love, haha, wow, sad, angry reaction එකතු කලා මීට ටික කාලයකට කලින්. දැන් අලුත් ආරංචි අනුව තවත් reaction එකක් එකතු වෙන්න නියමිතයි. ඔවුන් කියන විදිහට නම් මේක ගොඩක් අය ඉල්ලපු reaction එකක්.
                                 අප්‍රේල් 17 වෙනිදා Messenger සඳහා මේ විදිහට අලුත් reaction එකක් එකතු කලා “care” නමින්. Facebook සඳහා හඳුන්වා දෙන මේ අලුත් reaction එක virtual hug ලෙස හඳුන්වා තිබෙනවා. එය හැඩයෙන් දම් පැහැති හදවතක් තුරුල් කර සිටින කහ පැහැති  මුහුණක් 😛. 
                         Facebook හි සන්නිවේදන කළමණාකරුවකු වන Alexandru Voica මේ ගැන පවසා තිබෙන්නේ මේ ගතකරන අපහසු කාලයේ පරිශීලකයින් හට තම මිතුරන් ගැන සිතන බව පෙන්වීමට reaction එකක් අවශ්‍ය තිබූ බවයි. ඒ අනුව මේ නව virtual hug reaction එක හඳුන්වා දෙනු ඇති බවයි.
                               Messenger හි ප්‍රධානියා වෙන Fidji Simo පවසා සිටියේ ඔවුන් හඳුන්වා දුන් care reaction එක දැනට ඇති sad හා love යන reaction ද සමග පරිශීලකයි හට සිය හැඟීම් ප්‍රකාශ කිරීමට භාවිතා කිරීමට ලොකු පිටුවහලක් වූ බවයි. virtual hug reaction එක දැනටමත් Messenger සමග ඇති අතර ඉදිරි සතිය වන විට බොහෝ විට Facebook තුලට එක් වනු ඇති.
                                   ඔවුන් පවසන ආකාරයට reactions නිසා පුද්ගලයෙකුට තම හැඟීම් වචනයෙන් හෝ භාෂාවේ බාධාවකින් තොරව ප්‍රකාෂ කිරීමේ හැකියාව ලැබී ඇති බවයි. අලුත් virtual hug reaction එකද ඉදිරියේදී එයට තවත් පිටුවහලක් වනු ඇත.

2 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. මට නම් හිතෙන්නේ ඔය ඔක්කොටොම කලින් දෙන්න ඕනේ මිඩ් ෆින්ගර් එක. ඇත්තටම කියන්නේ.

    ReplyDelete
    Replies
    1. අම්මෝ.. ඒක විතරයි දාන්න වෙන්නෙ එහෙම උනොත් 😂

      Delete
Previous Post Next Post

Recent Post

Features