කී බෝඩ් එකේ එන කොම්පියුටරය - Raspberry Pi 400

                 පරිගණකයක් කිව්වම ඉස්සර දැකපු පැත්තකින් තියෙන පෙට්ටියක් හැඩේ සිස්ටම් යුනිට් එකයි, තඩි මොනිටරයක් එක්ක කීබෝඩ්, මවුස් අමුණපු ඒ පෙනුම දැන් සෑහෙන්න දුරකට වෙනස් වෙලා. 

raspberrypi.org

           Raspberry Pi කියන ක්‍රෙඩිඩ් කාඩ් එකක් තරම් කුඩා පරිගණකයක් හදන Raspberry Pi Foundation එක ගැන සමහර විට දන්නවත් ඇති. Raspberry Pi කියන්නෙ ARM චිප් එකක් එක්ක (SoC - System On Chip) එන කුඩා පරිගණක මොඩියුලයක්. ගොඩක් වෙලාවට මේක ගන්නෙ IoT, Robotics වගේ project වලටමීට කාලෙකට කලින් Raspberry Pi Foundation විසින් Raspberry Pi 4 උපාංගය හඳුන්වා දුන්නා. ඒක කලින් තිබුණු බෝඩ් වලට වඩා අලුත් දෘඩාංඟ යොදාගෙන තිබුණත් පෙණුමෙන් වෙනසක් වෙලා තිබුණෙ නෑ. ඒත් මේ අවුරුද්දෙ හඳුන්වා දුන්නු Raspberry Pi 400 එක වෙනස්ම විදිහට තමයි හදලා තියෙන්නෙ. වෙනස තමයි කීබෝඩ් එකක් වෙනම එනවා වෙනුවට කී බෝඩ් එක අස්සෙම එන කොම්පියුටරයක්! වැඩ කරන්න ඕනි වෙන්නෙ මවුස් එකක් එක්ක ඩිස්ප්ලේ එකක් විතරයි.

raspberrypi.org

        Raspberry Pi 400 එකට 1.8GHz ARM Cortex-A72 CPU එකක්, 4GB RAM එකක් Gigabit Ethernet, Bluetooth 5.0 හා 802.11ac Wi-Fi සබඳතාවයක් තියෙනවා. ඊට අමතරව 4K/60Hz HDMI පෝර්ට් දෙකක් USB 3.0 පෝර්ට් දෙකක් හා USB 2.0 පෝර්ට් එකක් ඇතුලත් වෙනවා. ක්‍රියාත්මක වෙන්න ඕනි බලය ලබා දෙන්න USB-C පෝර්ට් එකක්, Data Store කරන්න microSD කාඩ් ස්ලොට් එකක් වගේම GPIO header එකක් කලින් සංස්කරණ වල තිබුණු විදිහට ඇතුලත් වෙලා තියෙනවා. ඒත් එක්කම මේකට එන කී බෝඩ් එක සාමාන්‍ය ලැප්ටොප් වලට එන key 78-79 තියෙන කීබෝර්ඩ් එකක්. මේක Raspberry Pi Foundation කලින් නිකුත් කරපු කී බෝඩ් එකට බොහෝ දුරට සමානයි.

        කුඩා දරුවන්ට වගේම IoT, Robotics වැඩ කරන අයට Raspberry Pi කියන්නෙ හොඳ platform එකක්. Arduino හරි microBit හරි යොදාගෙන කරන නිර්මාණ වලට වඩා තරමක් සංකීර්ණ වැඩසටහන් හදන්න Raspberry Pi එක වඩාත් සුදුසුයි. කලින් තිබුණු Raspberry Pi 4 වගේ බෝඩ් වලදි තිබුණු පරිපථ කොටසක් වෙනුවට මේ වගේ කීබෝඩ් එකක් එක්ක එන අලුත් Raspberry Pi 400 එක නිසා ඕනෑම කෙනෙකුට පහසුවෙන් එහා මෙහා ගෙනයන්නත්, පහසුවෙන් වැඩ කටයුතු කරන්නත් හැකියාව ලැබෙනවා. 

makeuseof.com

        Raspberry Pi Foundation කියන විදිහට මේ Raspberry Pi 400 එක හුදෙක් නිර්මාණ කටයුතු වලට පමණක් නොව call center වැනි ස්ථාන වලද භාවිතා කල හැකි බවයි. HDMI පෝර්ට් දෙකක් සහිතව මෙය නිර්මාණය කිරීමට හේතුව ද එය බවයි ඔවුන් පවසන්නේ. ඇත්තෙන්ම මහා පරිමාණයේ වැඩ නොකරන Word Processing , Web browsing , E-mailing වගේ එදිනෙදා වැඩකටයුතු පමණක් සිදුකරන කෙනෙකුට Raspberry Pi 400 යනු ඉතාම සුදුසු පරිගණකයක්. Raspberry Pi 400 හි ආරම්භක මිල $70 වන අතර, අමතර උපාංඟ සමග $100 පමණ මිලකට ලබාගත හැකිය.

4 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. බලන්න අපේ නලීන් ද සිල්වා මහත්තයා කී “බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට පරිසරය රකින්න බෑ කියන කතාව කොච්චර ඇත්තද?

    දැන් ඔය පයියට කී බෝඩ් එකක් ඇමිනුවා.
    ඊලඟට ටච්පැඩ් එකක්. ඊලඟට පොඩි මොනිටර් එකක්.
    ඊලඟට වර්චුවල් රියැලිටි ජිල්මාර්ට් එකක්.
    .....................
    ..........................
    .................................
    ...........................................

    ReplyDelete
    Replies
    1. නවීකරණය තමයි ඉතිං. හැමදාම එකතැන ඉන්නත් බෑ නොවැ..

      Delete
Previous Post Next Post

Recent Post

Features