May 28, 2014

CD මවුන්ට් කරන්න කියාපු Power iso

             සීඩී එක රොම් එකේ දාලම රන් කරන්න ඕනි ප්‍රෝග්‍රෑම් (ගේම්) වගේ ඒවා සීඩී එක නැතුව රන් කරන්න කරන්න තියෙන්නේ ඒක මවුන්ට් (Mount) කරන එක.ඒ කියන්නේ සීඩී එකේ image එකක් කොම්පියුටරේ දාගෙන ඒක virtual drive එකකින් mount කරන එක. virtual drive එකක් කියන්නේ කොම්පියුටරේට CD/DVD Rom එකක් විදිහට වැඩ කරන එකක්.මේවා හදන්න විශේෂ software තියෙනවා. Alcohol කියන්නේ ඒ වගේ ප්‍රසිද්ධ software එකක්.ඉස්සර ඉඳන් ගේම් ගහන අය නම් මේ ගැන හොඳට දන්නවා ඇති.අද මම කියන්න යන්නේ ඒ වගේ තවත් එකක් ගැන.http://www.poweriso.comකියන වෙබ් සයිට් එකෙන් මේක බා ගන්න පුලුවන්.




  • Disk image එකක් හදන හැටි

          CD එකක් හරි DVD එකක් හරි ROM එකට දාලා ඒක උඩ Right click කරලා Power iso--> Make Image File  ‍තෝරන්න. ඊට පස්සේ සේව් කරන තැනයි ෆයිල් ෆො(ර්)මැට් එකයි තොරලා OK කරන්න. ඕනි නම් Advance Properties click කරලා පාස්වර්ඩ් එකක් දාන්න පුලුවන්.හැබැයි මේ පහසුකම තියෙන්නේ .daa කියන ෆයිල් ෆො(ර්)මැට් එකේ විතරයි.







  •  Disk image එකක් මවුන්ට් කරන හැටි


               හදාගත්ත image file එක උඩ  right click  කරලා Power iso-->Mount image click  කරන්න. දැන් මේක සාමාන්‍ය CD/DVD  එකක් විදිහට වැඩ කරන්න පුලුවන්.



  • Disk image එකක් Unmount කරන හැටි

          මේක Unmount කරන්න virtual rom එක උඩ right click කරලා Unmount drive click  කරන්න. 




      මේකට අමතරව Boot CD හදන්න වගේ ඒවටත් මේක ගන්න පුලුවන්. වැඩ කරලා බලන්නකෝ! මොකක් හරි ප්‍රශ්ණයක් තිබුනොත් කොමෙන්‍ටුවක් පහලින් දාන්න.
thankZ! අලුත් ලිපියකින් හමුවෙමු..!


May 16, 2014

මෙගා Edit!


අපිට පින්තූර කිහිපයක් එකම විදිහට edit කරගන්න ඕනි වුනාම අපි ටිකක් අමාරුවේ වැටෙනවා.පින්තූර එකක් දෙකක් නම් ගැටලුවක් නෑ.ඒත් පින්තූර 100 - 200 නම්.කොහොමද...! උදාහරණයකට අපිට web site එකකට  දාන්න කියලා හිතමුකෝ. digital කැමරාවකින් ගත්ත ඒවා නම් අනිවාර්ය්‍යෙන් resolution අඩු කරලා image qulity  එහෙම අඩු කරන්න ඕනි.තව water maks එහෙමත් දාන්න ගියොත්  පින්තූර 200 ඉවර වෙනකොට හොඳ පණ ගිහින් තියෙයි. මේකට ඕනිනම් batch converter සොෆ්ට්වෙයා(ර්)ස් පාවිච්චි කරන්න පුලුවන්.ඒත් එවායේත් අපිට ඕනි සියල්ල කරගන්න options නෑ.මේකට විසඳුමක් Adobe Photoshop වලම තියෙනවා.කරන්නේ මෙන්න මෙහෙමයි.

*Photo Shop open කරගෙන window-> Action  click කරන්න.

*ඒකෙන් New Action  click කරලා, මතුවෙන dialog box එකෙන් action එකට කැමති නමක් දෙන්න.

*ඊට පස්සේ Record button එක click කරන්න.දැන් අපි කරන හැමදෙයක්ම action වල record වෙනවා.

*මම උදාහරණයකට පින්තූරයක් open කරලා resolution, image size අඩු කරලා save  කරා.



*දැන් Action window එකේ තියන stop button එක click කරන්න.


*දැන් File->Automate->Batch  click කරන්න.


*එන window එකේ තියන combo box  එකෙන් හදපු  action එක ‍තෝරලා,පහලින් පින්තූර තියෙන folder එකත් ‍තෝරලා OK කරන්න.


දැන් ලස්සනට වැඩේ කෙරෙයි!

May 14, 2014

Life Time Free Hosting!

          සමහර විට මේක අහනකොට පුදුම වෙන්නත් පුලුවන්. විශ්වාස නොකරන්නත් පුලුවන්. ඒත් මේක ඇත්තම ඇත්ත.Joomla!,Word Press ,Magento වගේ ගොඩක් CMS ගැන දැන ගත්තත් ඒවා පාවිච්චි කරලා Web Site එකක් හදලා host කරන්න තියෙන ලොකුම බාධාව තමයි hosting සේවාවක් නොමැති වීම.සල්ලි දීලා ගන්න නම් ඕන තරම් තිබුනත් free දෙන ඒවා තියෙන්නේ අතලොසක් විතරයි.ඒවායේත් disk space නැත්නම් ඉඩ ප්‍රමාණවත් නෑ.
          ඔන්න දැන් ඒකට විසඳුමක් තියෙනවා. විශේෂත්වය තමයි මේ සේවාව ලබා දෙන්නේ අපේම රටේ කට්ටියක්.තවත් දෙයක් තමයි Free Life Time Hosting සේවාවක්!. 10GB space, unlimited bandwidth,My SQL, free script instalation(joomla! Word Press more many..!) ,Free sub domain, 24/7 support,Back up වගේ ගොඩක් පහසුකම් මේ site එකෙන් ලබා ගන්න පුලුවන්. CMS (Joomla! වැනි) එකක් install කරන්න දෙන්න ඕනි පොඩි command 2-3 විතරයි. වැඩි විස්තර වලට site එකට ගිහින්ම බලන්නකෝ..!

Click to go to srilankan.pw 

Control Panel

Control Panel

May 5, 2014

කොපි ගහන Galaxy!


   

දැන් ලෝකයේ බොහෝ අය භාවිතා කරන්නේ ස්පර්ශක තිර සහිත දුරකථන. ස්මාර්ට් ෆොන් කියල කියන්නේ මේවට තමයි (අපේ අය කියන  විදිහට 'කොටන ෆොන්'!).මෙවැනි ජංගම දුරකථන නිපදවන ප්‍රධාන් පෙලේ සමාගම් තමයි  Apple, Samsung, Nokia, LG, Huwawi  යන සමාගම්.මේවා අතරිනුත් Apple, Samsung ඉදිරියෙන්ම සිටිනවා.

Apple සමාගම නිපදවන iPhone යට දැඩි තරඟයක් ලබාදුන් දුරකථනයක් තමයි Samsung Galaxy S4 කියන දුරකථනය.Apple සමාගමේ කොටස් බොහෝමයක් පහත වැටීමටත් මෙය හේතු උනා. ආරන්චිය හැටියට විකුණන ලද දුරකථන විශාල ප්‍රමාණයක්  Apple සමාගම විසින් යලි මිලදීගෙන තිබෙනවා. අදවන විට ආසියානු කලාපයේ වැඩියෙන්ම අලෙවි වන්නේ Samsung මාදිලියේ දුරකථනයි.බොහෝ මිල අධික මුත් එම මාදිලියේ දුරකථන වලට පමනක් සහය දැක් වීම,Apple මෙහෙයුම් පද්ධති සමග පමණක් ක්‍රියා කිරීම වැනි හේතු නිසා බොහෝ අය Apple දුරකථන වලින් ඈත් වී ඇත.නමුත් Samsung සමාගම භාවිතා කරනුයේ android මෙහෙයුම් පද්ධතියයි.මෙය ඒ සියල්ලට පිලිතුරු ලබා දී ඇත.

මේ නිසා බොහෝ දුරකථන සමාගම්  Samsung Galaxy S4 කියන දුරක අනුකරණය කිරීමට පෙලෙඹී තිබෙනවා.Nokia සමාගම පවා සිය Lumia දුරකථන මාදිලියක් නිපදවා තිබෙනවා.එම දුරකථනයම  නොවුනත් ඊට බොහෝ සෙයින් සමාන වන ලෙස මෙවා නිපදවා තිබෙනවා.පහත පින්තුර වලින් ඒ බව ඔබට පෙනේවි.තම සමාගම පාරිභෝගික්යා වෙත ලං කිරීමට මෙම සමාගම් මෙවැනි දේ කිරීමට  පෙලඹී ඇත. වැඩි මුදලක් දී දුරකථනයක් මිලට ගැනීමට වඩා අඩු මිලට ඒ හා සමාන දුරකථනයක් මිලට ගැනීමට ඇතැමුන් පෙලඹී ඇත.

              Galaxy S4

           
     Greentel Safari                        micromax canvas 4


                  Nokia Lumia 1320


May 4, 2014

පෙයාර් ඕඑස් (Pear OS) මෙහෙයුම් පද්ධතිය

        පරිගණක මෙහෙයුම් පද්ධති අතරින් වැඩිම මෙහෙයුම් පද්ධති ප්‍රමාණයක් නිමවී ඇත්තේ ලිනක්ස් (Linux) කර්නලය මතය.තවත් එවැනි මෙහෙයුම් පද්ධතියක් වන පෙයාර් ඕඑස් (Pear OS) මෙහෙයුම් පද්ධතිය ඇප්ල් මැක් (Apple Mac)  මෙහෙයුම් පද්ධතියට සමාන පෙනුමක් ගත් එකකි.
ප්‍රංශයේ ඩේවිඩ් ටාවාරෙස් විසින් මෙම මෙහෙයුම් පද්ධතිය නිමවා අති අතර GNOME3 ඩෙස්ක්ටොප් එන්වයර්මන්ට් එක යොදා ගෙන ඩෙස්ක්ටොප් එක සාදා ඇත.ජනප්‍රිය ලිනක්ස්  මෙහෙයුම් පද්ධතියක් වන Ubuntu මත සිට සදා ඇති නමුත් මෙහි පෙනුම ඊට හාත්පසින්ම වෙනස් ය.


"කලු පෙට්ටිය"

ගුවන් අනතුරක් සිදුවු පසු එතැනට පැමිනෙණ පිරිස් පලමුවෙන්ම සොයන්නේ කලු පෙට්ටිය නම් උපකරණයකි.ඊට හේතුව ගුවන් අනතුරේ සිදුවු අයුරු සොයාගැනීමට ඇති ප්‍රධාන මූලාශ්‍රය වන්නේ එය බැවිනි.එවැනි උපකරණයක් නිර්මාණය කල පුද්ගලයා කව්දැයි සොයාබැලීම වටී.මේ ඔහු පිලිබඳවයි.


                  ඔහු නමින් ඩේවිඩ් වොරන් ඕස්ට්‍රේලියානු ගගනයා පර්යේෂණ ආයතනයේ විද්යාඥයකි.ඔහුට මෙම නිර්මාණය කිරීමට සිතුනේ 1953 සිදු වු ලොව පලමු ජෙට් එයාර්ලයිනර් ගුවන් අනතුර විමර්ශනයට ගිය අවස්ථාවේදීය.අනතුර වෙන සිදුවෙන අවස්ථාවේදී නියමු කුටියේ කතා බහ,ගුවන් යානයේ යාන්ත්‍රික තන්ව ආදියෙහි වාර්ථාවක් ලබා ගැනීමට හැකිනම් අනතුරේ සුලමුල සොයා ගත හැකි බව ඔහුට තෙරුම් ගියේය.


            මේ අනුව යමින් ඔහු 1956 වසරේදී උපකරණයක් තැනීය.සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ඔහු ලබාගෙන ඇති අචාර්ය්‍ය උපාධිය සිය කටයුතු වලට මනා පි‍ටුවහලක් විය.


ඩේවිඩ් වොරන් නිර්මාණය කල මෙම උපකරණය ගුවන් යානා තොරතුරු රෙකෝඩරය(FDR-Flight Data Recoder) ලෙස හඳුන්වන ලබන අතර,උපතින් එය තැඹිලි පැහැති වුවත් අනතුරෙන් පසු එය කලු පැහැ ගන්නා නිසා එයට "කලු පෙට්ටිය" යන නම යෙදී ඇත. 


  මෙය නිකන්ම නිකන් රෙකෝඩරයක් පමණක් නොවේ.එයට දැඩි කම්කටොලු විඳ දරාගැනීමේ හැකියාවකින් යුක්තය.කාල තුවක්කුවකින් කොන්ක්‍රීට් බිත්තියකට වෙඩි තැබුවත් හානි නොවේ. සෙන්ටිග්‍රෙඩ් අංශක 1000 ක උණුසුමක් පවා එයට දරාගැනීමට පුලුවන.මහ මුහුදේ අඩි 20000 ගැඹුරක තිබුනත් තොරතුරු සු‍රැකේ.මුලදී මෙහි තොරතුරු එකතුකිරීමට ටේප් පටි භාවිතා කල අතර දැන් නවීන පරිගණක උපාංග භාවිතා කරයි.


 සෑම කලු පෙට්ටියකම මුද්‍රිත වගන්තියක් වගන්තියක් තිබේ ඒ "ගුවන් ගමන් තොරතුරු රෙකෝඩරය.විවුර්ත නොකරන්න(Flight Recoder; Do not Open) ලෙස සඳහන් කර තිබේ. 2010 ජූලි 19 වැනිදා මෙලොවෙන් සමු ගත් ඩේවිඩ් වොරන් ගේ ශව මංජුසාවේ ඔහුට කරන ගෞරවයක් ලෙස මෙසේ සටහන් කර තිබුණි.ඒ "ගුවන් ගමන් තොරතුරු රෙකෝඩරය සොයාගත් පුද්ගලයා.විවුර්ත නොකරන්න(Flight Recoder Inventor; Do not Open)" ලෙසයි.


                                                                   ඩේවිඩ් වොරන්



                                                       ගුවන් යානා තොරතුරු රෙකෝඩරය

Pen Drive එකකින් Boot වෙන OS එකක්


       තවත් සුපිරි වැඩක් ගැන තමයි මම මේ කියන්න යන්නේ.වැඩ ගොඩ ගැහිල තිබුන හින්දා ගොඩක් කාලෙකට පස්සෙ තමයි post ඒකක් දාන්නේ. හරි...මෙන්න මේකයි වැඩේ.ගොඩක් අය කියනවා Windows,Mac වගේ විකුණන OS වලින් ඈත් වෙලා Ubuntu වගේ free,open source OS එකක් පාවිච්චි කරන්න කියලා.ප්‍රශ්ණෙ තියෙන්නේ ඒක අත්හදා බලන්නත් කොම්පියුටරේ install කරන්න ඕනි මේකට විසඳුමක් තමයි Live CD එකක් පාවිච්චි කරන එක.ඒත් ඒකෙන් ඒකෙ නියම ප්‍රයෝජනය ගන්න බැහැ. මේ කියන්න යන්නෙ ඒ වගේ අපහසුතා නැතුව පාවිච්චි කරන්න පුලුවන් Linux OS එකක්.විශේෂත්වය තමයි මේක Pen එකක උනත් install කරලා බලන්න පුලුවන්!.එකට හේතුව තමයි මේක සම්පූර්ණයෙන් RAM (512 MB ප්‍රමාණවත්) මතකයෙන් පමණක් run කරන්න පුලුවන් වීම. මේකෙ නම තමයි Proteus. මුලින්ම කරන්න ඕනි Proteus website එකට ගිහින් මේකෙ iso image file එක download කරගන්න එක.එතකොට අපිට ඕනි web browser එක වගේ තවත් ගොඩක් සැකසුම් හදන්න පුලුවන්. මේක download කරගෙන virtual drive එකකින් mount කරලා හරි CD එකකට write කරලා හරි ඒකෙ තියන files ටික copy කරලා පෙන් එකකට pest කරන්න.ඊට පස්සේ එකෙ තියන boot කියන folder එක ඇතුලෙ තියන Porteus-installer-for-Windows.exe කියන එක run කරන්න. 





       ඊට පස්සෙ command promt එක ඕපන් වෙයි,දැන් ඒකෙ තියන විදිහට key bord එකේ key එකක් තද කරලා ඉස්සරහට යන්න.වැඩේ හරියට කලා නම් පහල තියෙන විදිහට ලැබේවි.



          ඊට පස්සෙ computer එක restart කරලා boot මෙනු (බයෝස් තිරයේ දි Esc key එක press කරන්න) එකෙන් pen drive එක ‍තෝරන්න.සමහර mother bord වල 3rd boot device එක විදිහට other ලෙස තේරිය යුතු වෙනවා.දැන් Proteus desktop එක ලැබෙයි.දැන් වැඩේ හරි.




කොම්පියුටරය Speed Up කිරීම

               අපි කොම්පියුටරය ටික කාලයක් පාවිච්චි කරන කොට ටික ටික වේගය මුලින් තිබුණ වේගයට වඩා අඩු වෙනවා.ගොඩක් අය මෙහෙම උනාම කරන්නේ කොම්පියුටරය Format කරන එක.පරිගණකයේ වෛරස් වැඩසටහනකින් පරිගණකය අකර්මන්‍ය උනෝතින් පමණක් පරිගණකය Format කලාට කමක් නෑ.මොකද නිතරම Format කලාම කොම්පියුටරයේ Hard Disk ඒ කාලය අඩු කරන්න බලපානවා. දැන් පෙන්නන්න හදන්නේ එහෙම නොකර පරිගණකය වේගවත් කරන විදිහයි.මෙහෙම වෙන්න හේතු ගොඩක් බලපාන්න පුලුවන්


*Hard Disk  එකෙහි ධාරිතාව අවසන් වී තිබීම.
*අනවශ්‍යය Files පිරී තිබීම.
*Hard Disk ය කොටස් වලට බෙදී(Fragmant) තිබීම.

              ඉහත දැක්වු හේතු වලින් වෛරස් වැඩසටහනකට පරිගණකය නතු වී ඇත්දැයි බැලීමට වෛරස් ගා(ර්)ඩ් එකකින් ස්කෑන් කොට බැලිය යුතුය.එසේ ස්කෑන් කරන් විට වෛරස් තිබෙන බව අසුවුවහොත් පමණක් පරිගණකය Format කලාට කමක් නෑ.දැන් Hard Disk  එකේ ඉඩ අවසන් වී දැයි බැලිය යුතුය.ඒකට My Computer ගොස් බැලිය යුතුය.එසේ වී ඇත්නම් තමාට නිතරම ඕනි වෙන Files හැර අනෙක් ඒවා Delete කරන්න.නැත්නම් වෙන Extarnal ඩ්‍රයිව් එකකට හරි CD,DVD වල හරි Backup කරන්න.


                                 මුලින් කිව්ව විදිහට Hard එක පිරිලද කියල අපිට සරලව දැනගන්න පුලුවන්.ඒත් අපි නොදන්නා ගොඩක් දේවල් Computer එකේ වෙනවා.ඒ වගේ දෙයක් තමයි අනවශ්‍යය Files ‍රැස් වීම.මේවා අනවශ්‍ය කියලා කිව්වට අපේ සමහර වැඩ පහසු කරගන්න තමයි මේවා එකතුවෙන්නෙ.උදාහරණයක් ලෙස අපි ලඟදි වැඩකරපු Files, 'Recent Files' කියල එකතු වෙනවා.මේවා Tempory Files කියලා හඳුන්වනවා. ඒත් ටික කාලයක් යනකොට මේවා හිසරදයක් වෙනවා.දැන් මේවා Clean කරන්න ඕනි.ඒකට මුලින්ම My Computer යන්න.දැන් Windows Install කරලා තියෙන Drive එක උඩ Right Click කරලා Properties ‍තෝරන්න.ධැන් Genaral කියනන tab එක ‍තෝරන්න.මේක බොහෝ වෙලාවට ඉබේම තේරිලා තියෙනව.ඒකෙ තියෙන වට ප්‍රස්තරෙට දකුනු පැත්තෙ Disk Cleanup කියල බට්න් එක click කරන්න.ඊට පස්සෙ පහල තියෙන window එක මතුවෙයි.




*Downloaded Programe Files:-ඩව්න්ලෝඩ් කරන ලද වැඩසටහන්.
*Tempory Internet Files:- වෙබ් බ්‍රව්සරයෙන් ගබඩාකරන කරන ලද History,Book marks වැනි දේ.
*Recycle Bin:- ඩිලීට් කරන ලද Recycle Bin හි ඇති Files.
*Tempory Files:-වැඩසටහන් මගින් තාවකාලිකව ගබඩාකරන ලද දත්ත.
*Thumbnails:-මෙහෙයුම් පද්ධතිය මඟින් ගබඩාකරන ලද Recent Document වැනි දේ.
*Error Reports:-මෙහෙයුම් පද්ධතිය මඟින් ගන්නා ලද දෝෂ සටහන්.


 


මෙහි  අවශ්‍ය නොවන සියලු දේ තොරා OK click කරන්න.සාමාන්‍යයෙන් මෙහි සියලු සැකසුම් තොරා තිබුණාට ගැටලුවක් නැත.මෙම ක්‍රියාවලිය සිදුකිරීම සඳහා සැකසු විශේෂ මෘදුකාංග ද පවතී.CCleaner කියන්නේ ඒ වැනි software එකක්.මේක install කලාට පස්සෙ Clean කරන්න Recycle Bin එක Right Click කරලා එන මෙනු එකෙන් Run CCleaner යන්න තේරීම ප්‍රමාණවත්.ඒ වගේම Registry Clean කරන්නත්, සොෆ්ට්වෙයා Uninstall කරන්නත් මේක පාවිච්චි කරන්න පුලුවන්. 



                     ඊළඟ කාරණය තමයි Hard Disk එක Difragment කරන එක.පරිගණකයේ කටයුතු වලදී  Files තැන්පත් වනවා.ඒත් ඒවා delete කිරීම හා නැවත තැන්පත් වීමේදී hard එක කොටස් වලට බෙදී යනවා (Fragment).මේ හේතුව නිසා hard එකේ ඉඩ ඉක්මනින් නැති වෙනවා.මෙය යතාතත්වයට පත්කිරීම මේ ක්‍රියාවලියෙන් සිදු වෙනවා.

මේ සඳහා පලමුවෙන් Computer වෙත ගොස් ඕනෑම drive එකක් මත Right Click කරලා Properties ‍තෝරන්න.දැන් Tools කියනන tab එක ‍තෝරන්න.එකෙන් Defragment Now.. කියන බට්න් එක click කරන්න.මේ window එකේ තියෙන Drive List එකෙන් drive එක ‍තෝරල Difragment Disk කියන බට්න් එක click කරන්න.Analyze Disk කියන බට්න් එකෙන් Disk එක කොච්චර fragment වෙලාද කියලා බලන්න පුලුවන්.මේ වැඩේ අපිට shedule එකක් විදිහට කරන්න ඕනි නම් configure shedule බට්න් එක click කරලා අවශ්‍ය සැකසුම් සකසන්න .මේ විදිහට හැම drive එකක්ම defrag කරලා close බට්න් එක click කරන්න.



මේ ටික හරියට කලා නම් දැන් computer එක speed වෙලා ඇති.අපි හරියට computer එක නඩත්තු කරනවා නම් Disk cleanup කරන එක සතියකට වතාවක් වත් කරන්න ඕනි

Metro Interface එක Windows 7 වලටත්

                       Microsoft සමාගමේ අලුත්ම OS එක වෙන්නේ Windows 8.මෙකේ තියන එක විශේෂත්වයක් තමයි Metro Interface  එකත් එක්ක එන start menu එක .දැන් ඒක Windows 7  වලටත් ගන්න පුලුවන්.
               කරන්න තියෙන්නේ http://www.iobit.com/iobit-winmetro.php  කියන වෙබ් සයිට් එකෙන් WinMetro කියන සොෆ්ට්වෙයා(ර්) එක ඩව්න්ලෝඩ් කරගෙන Install කරන එක විතරයි.

Mobile phone සීක්‍රට් කෝඩ්

         ජංගම දුරකතනයක් පාවිච්චි කිරීමට එහි සපයා තිබෙන මෙනු, නොයෙක් පහසුකම් හා විස්තරවලට අමතර වශයෙන් තවත් තාක්ෂණික තොරතුරු රැසක් එහි රැස් කොට තිබේ. මෙසේ සඟවා ඇති තොරතුරු  හෙවත් සීක්‍රට් ඩේටා (Secret Data) මොනවාද කියා කියවාගන්නට භාවිතා කරන විශේෂ කේත තිබේ. සීක්‍රට් කෝඩ් (Secret Codes) කියා හඳුන්වන්නේ මේවායි. දුරකතනයේ යතුරු පුවරුවෙන් මේවා ටයිප් කළ විට ඊට අදාළ විස්තර ඩිස්ප්ලේ එකේ පෙන්වයි. දුරකතන වර්ගය අනුව මේ කේත වෙනස් වෙයි.




Nokia දුරකතන වල සීක්‍රට් කෝඩ්.


  1. *#92702689# - දුරකතන භාවිතා කර ඇති කාලය, නිෂ්පාදනය කර ඇති වර්ෂය, දිනය සහ විකිණු දිනය වැනි විස්තර ඇතුළත් මෙනු එකක් ලබා ගත හැක.
  2. *#0000# - මෘදුකාංග සංස්කරණ අංකය, මෘදුකාංග සංස්කරනයේ දිනය සහ දුරකතනයේ මාදිලිය යන විස්තර ලබාගත හැක.
  3. *#7780# - කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ මුල් සැකසුම් වලට දුරකතනය නැවත සකසයි.
  4. 0 - ප්‍රධාන තිරයේදී 0 මඳ වේලාවක් ගෙන සිටි විට වැප් බ්‍රව්සර් එකට යොමුවෙයි.
  5. *#06# - IMEI අංකය බලා ගත හැක.

Sony Ericsson දුරකතනවල සීක්‍රට් කෝඩ්.


  1. සෝනි එරික්සන් දුරකතනවල සීක්‍රට් මෙනු එක ලබා ගැනීම සඳහා ඇරෝ කී හෝ ජොයිස්ටික් සමඟ * ලකුණ භාවිතයෙන් පහත ක්‍රියාකාරකම් කළ යුතුය.
  2. -->*<--<--*<--* - ජොයිස්ටික් එක දකුණු පසට / ඇස්ට්‍රික් ලකුණ / ජොයිස්ටික් එක වම් පසට දෙවරක් / ඇස්ට්‍රික් ලකුණ / ජොයිස්ටික් එක වම් පසට / ඇස්ට්‍රික් ලකුණ.
  3. #82# - මෘදුකාංග සංස්කරණයේ අංකය හා දිනය ලබාගත හැකිය.
  4. 0# - අවසන්වරට ඩයල් කරන ලද අංක ලබා ගැනීමට ෂෝට්කට් එකකි.

Samsung Android දුරකතනවල සීක්‍රට් කෝඩ්.


  1. *#*#7780#*# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත් කරයි.
  2. *#*#232331#*#* - බ්ලූටූත් පරික්ෂාව සිදුකරගත හැක.
  3. *#*#0*#*#* - LCD පරික්ෂාව කළ හැක.
  4. *#*#2663#*#* - ටච් ස්ක්‍රීනයෙහි සංස්කරණය පරික්ෂා කල හැක.

Samsung දුරකතනවල සීක්‍රට් කෝඩ්.


  1. *#9999# හෝ *#0837 - මෘදුකාංග සංස්කරණ අංකය, මෘදුකාංග සංස්කරණයේ දිනය සහ දුරකතන මාදිලිය යන විස්තර ලබාගත හැකිය.
  2. #9125# - මෘදුකාංග සංස්කරණය පෙනවයි.
  3. *#9998*246# - ඩීබග් මෙනුව පෙන්වයි.
  4. *#8999*837# - හාඩ්වෙයාර් සංස්කරණය පෙන්වයි.
  5. #*2562# හෝ #*3849# - දුරකතනය රීස්ටාර්ට් කල හැකිය.


LG දුරකතනවල සීක්‍රට් කෝඩ්.


  1. 2945#*# හෝ 2945*#01*# - දුරකතනවල සීක්‍රට් මෙනු එක ලබාගත හැකිය.
  2. *#07# -  මෙමගින් LG B1200 කාණ්ඩයේ දුරකතනවල මෘදුකාංග සංස්කරණ අංකය හා මෘදුකාංග සංස්කරණයේ දිනය ලබාගත හැකිය.
  3. *6861# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත් කරයි.
  4. 2945#*# - මෘදුකාංග සංස්කරණයේ අංකය ලබා ගත හැකිය.

Blackbery දුරකතනවල සීක්‍රට් කෝඩ්.


සැඟවුණු පහසුකම්

  1. ALT+NMLL සිග්නල් මීටරයේ වෙනස්වීම්
  2. ALT+LSHIFT+H දුරකථනයේ තාක්ෂණික තොරතුරු ලබාගැනීමට
  3. ALT+VALD Address book හි වලංඟු භාවය. (Address book හී දී පමණි)
  4. ALT+RBLD Address book නැවත සෑදීමට.(Address book හී දී පමණි)
  5. *#06# සාමාන්‍ය පරිදි IMEI අංකය ලබා ගැනීමට
  6. ALT+RBVS වෙබ් බ්‍රවුසරය තුලදී වෙබ් පි‍ටුවේ කේතය බලා ගැනීමට.
  7. ALT+LGLG BES/BIS ක්‍රියාකාරී තොරතුරු ලබා ගැනීමට.
  8. ALT+SHIFT+DEL සාමාන්‍ය නැවත සැකසුම. මෙය සම්පූර්ණ සැකසුමක් නොවන අතර දුරකථනය reboot වීමක් පමණක් සිදුවේ.

පහත කේත e-mail එකක වැනි massage box එකක් තුල ලියන්න.

  1. MYVER උපකරණයේ මෘදුකාංඟ සංස්කරණය හා මොඩලය ලබා ගැනීමට
  2. LD දිනය
  3. LT වේලාව
  4. MYSIQ උපකරණයේ අයිතිකරුගේ විස්තර බලාගැනීමට
  5. MYPIN උපකරණයේ PIN අංකය බලා ගැනීමට.

වෙනත් කේත

  1. ALT+LEFTCAPS භාෂාව තේරිමට.
  2. LOLO ජාලයේ දිනය/වේලාව ලබා ගැනීමට.
  3. ALT+VIEW කෙටි පණිවිඩ වල ID ලබා ගැනීමට.
  4. ALT+THMN Themes වල සැකසුම්.
  5. ALT+THMD Themes වල සැකසුම් සාමාන්‍ය තත්වයට හැරවීමට.
  6. ALT+SMON WLAN  මෙනුව ක්‍රියා කරවීමට.
  7. ALT+SMOF WLAN  මෙනුව අක්‍රිය කරවීමට.
  8. BUYR options>status
  9. TEST සම්පූර්ණ උපාංග පරික්ෂාවකට

SIM කාඩ් එක සඳහා

  1. MEP1 Sim personalization ක්‍රියාකරවීමට හා අක්‍රිය කිරීමට.
  2. MEP2 Network personalization ක්‍රියාකරවීමට හා අක්‍රිය කිරීමට.
  3. MEP3 Network subset personalization ක්‍රියාකරවීමට හා අක්‍රිය කිරීමට.
  4. MEP4 Service provider personalization ක්‍රියාකරවීමට හා අක්‍රිය කිරීමට.
  5. MEP5 Corporate personalization ක්‍රියාකරවීමට හා අක්‍රිය කිරීමට.
  6. MEPD MEP තොරතුරු.


එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.