Samsung වෙතින් Galaxy S11 වෙනුවට Galaxy S20‍ !

                                  තාක්ෂණික සමාගම් අතරින් මෘඳුකාංඟ හා දෘඩාංග නිපදවන බොහෝ සමාගම් සිය නිෂ්පාදන වලට නම් ලබා දීමේදී මේ වන විට තරමක් වෙනස් කරලා තියෙනවා.උදාහරණයක් ලෙස Windows 8.1 වලින් පසු Windows 9 ඒවි යයි බොහෝ අය සිතුවත් එය Windows 10 ලෙස ලබා දීමට ඔවුන් කටයුතු කලා. ඒ අනුව සැම්සුන්ග් සමාගමෙන් ඊළඟට නිකුත් වීමට නියමිත flagship දුරකථනයක් වන Samsung galaxy S දුරකථන පෙලේ Samsung galaxy S10 පසු ඊළඟ සාමාජිකයා Samsung galaxy S11 වෙනුවට Samsung galaxy S20 ලෙස නිකුත් කිරීමට කටයුතු කරන බව දැනට ආරංචි පැතිර යනවා.
                                        Ice universe හා MMDDJ_ නැමැති twitter ගිණූම් දෙකක් ඔස්සේ මේ පිලිබඳ කියා තිබුණා. ඔවුන් එය සඳහන් කර තිබුණේ "2020 වසර සඳහා නව ආරම්භයක්" ලෙස පවසමිනුයි. ඒ අනුව ඉදිරියට පැමිණීමට නියමිත දුර Samsung galaxy S දුරකථන වල නාමයන් Galaxy S20, Galaxy S20e, S20 හා S20 Plus වැනි ආකාරයෙන් වනු ඇත. තවද බොහෝ දුරට Galaxy Note මාදිලියේ දුරකථන පෙලත් මේ ආකරයෙන් Galaxy Note 20 හා Galaxy Note+ ලෙස නිකුත් වේවි යැයි අනුමාන කල හැක.



                                            මේ ආකාරයෙන් නම් කරන ආකාරය වෙනස් වූ තවත් දුරකතන මාදිලි ලෙස Honor 20 හා Huawei P20 දැක්විය හැක. ඒවාද දකුණු කොරියාණු දුරකථන නිෂ්පාදන සමාගම් වේ. එනම් ඔවුන් සියල්ලම එකම අඩිපාරේ ගමන් කරනවා වැනිය.

Samsung Galaxy S20 මොනවගේ වෙයි ද?

                          දැනට පවතින තොරතුරු වලට අනුව එය Snapdragon 865 chipset එකෙන් බල ගැන්වෙනු ඇත. එසේම 5000mAh බැටරියක් හා 108MP විභේදනයක් සහිත කැමරා 3 ක පද්ධතියක් සමග පැමිණෙනු ඇත. එම කැමරා පද්ධතිය 5x optical zoom සහිත ultra-wide sensor හා  time-of-flight sensor සහිත වේවි.

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features