Facebook, WhatsApp හා Instagram වලට මොකද වුණේ?

         Facebook, WhatsApp හා Instagram  සේවා මේ වන විටත් ලොව පුරා ක්‍රියා විරහිත වීමක් සිදුවී තිබේ. වෙබ් අඩවි බිඳ වැටීම් පිළිබඳ දැනුම් දීම් සිදු කරන DownDetector.com වෙබ් අඩවිය ඔස්සෙ ලොව නන් දෙසින් මේ වන විට පිරිස මෙම බිඳ වැටීම ගැන දැනුම් දී ඇත. මෙය හුදෙක් වෙබ් අඩවි දෝෂයක් නොව මුළු වෙබ් අඩවියම පිවිසිය නොහැකි ලෙස අක්‍රිය වී තිබේ.

        මේ හේතුව නිසා Facebook හා සම්බන්ධ අනෙකුත් සේවා සියල්ලම පාහේ ක්‍රියා විරහිත තත්වයකට පත්ව තිබේ. Instagram මෙන්ම WatsApp සේවාද Facebook ආයතනයට අයත් බැවින් මෙම සේවාද දැන් අක්‍රිය වී ඇත. එමනිසා එම ඇප් ඔස්සේ යවන පණිවිඩ යැවීම හෝ ලබා ගැනීම මෙන්ම අලුත් තොරතුරු ලබා ගැනීම(news feeds) ද අකර්මන්‍ය වී පවතී. මෙම බිඳ වැටීම ගැන Facebook, Instagram හා WatsApp නිල ට්විටර් ගිනුම් ඔස්සේ ඔවුන් දන්වා ඇත. එසේම ගූගල් වැනි සමාගම් මෙම බිද වැටීම හාස්‍යකට ලක් කර ඇති ආකාරයද දැකීමට හැකිය.

(ගූගල් සමාගම මෙම බිද වැටීම හාස්‍යකට ලක් කර ඇති ආකාරය)


මොකක්ද හේතුව?

        ඇතැම් අය ට්විටර් මගින් පවසා ඇති අකාරයට facebook වෙබ් අඩවියේ domain name එක නැවත මිලදී ගැනීමට හැකියාව ලැබී ඇති ආකාරයට තිබේ. එනම් බොහෝ විට මෙය DNS (Domain Name System) හි දෝෂයක් නිසා සිදුවූ බිඳ වැටීමක් විය හැකි බවයි ඔවුන් පවසන්නේ.

        කෙසේ වෙතත් තවමත් Facebook සමාගම මේ ගැන තවමත් නිෂ්චිත හේතුවක් සඳහන් කර නොමැති නිසා නිවැරදිම හේතුව තවමත් පැහැදිළි නොමැත.

    මීට පෙර මෙම වසරේම මෙම සේවා බිඳ වැටීමක් සිදුවිය. නමුත් එය ඉක්මනින් යතාතත්වයට පත් කිරීමට හැකියාව ලැබුණ මුත් මෙවර එය තරමක් ප්‍රමාද වී ඇත.

7 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ඇතුලෙ බුවෙක් මඤ්ඤං කෙලලයි උනේ කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ. ජොබ් එකටත් සොට් එක හම්බවෙලා කියලා ආරංචි

      Delete
  2. පේස්බුකියත් පිස්සු කෙලිනව නං අපි කවුද මෙයා

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ අපි තමයි හොඳටම කලේ අයියා 😂

      Delete
  3. domain name එක අපි ගත්තා නම් උන්ටම කොටිගානකට විකනන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ. එක සැරයක් Google එකට ඔහොම වැඩක් උනා. වැඩේ තියෙන්නෙ ඒ වගේ ඩොමේන් එකක් ගන්නත් කෝටි ගානක් යන එකනෙ.

      Delete
Previous Post Next Post

Recent Post

Features