July 28, 2014

IPv6 ගැන දන්නවාද?

      IPv6 යන්නෙහි දිර්ඝ තේරුම Internet Protocol version 6 යන්නයි. එනම් අන්තර්ජාලයෙ භාවිතා වන අයිපි ඇඩ්‍රස් (IP Address) ක්‍රමයේ අලුත්ම සංස්කරණයයි. මෙය හඳුන්වා දුන්නේ 2011 ජූනි 8 වැනිදායි. එයට පෙර භාවිතා කෙරුනේ 1981 දී හඳුන්වාදුන් IPv4 අයිපි ඇඩ්‍රස් ක්‍රමයයි. එය අදටත් ක්‍රියාත්මකයි. අප විසින් අන්තර්ජාලය හා සම්බන්ද කරන ඕනෑම පරිගණක , ජංගම දුරකතන හෝ වෙනත් ඕනෑම උපකරණයකට ඊට ආවේනික විශේෂිත අංකයක් තිබේ. එය අයිපි ඇඩ්‍රස් (IP Address) ලෙස හඳුන්වයි.අලුත්තින් උපාංග අන්තර්ජාලයට එක් කරන සැරයක් පාසා එයට අලුත් අයිපි ඇඩ්‍රසයක් හිමිවේ. 


      IPv4 ප්‍රොටොකෝලය 32 බිට් එකකි. එනම් එමඟින් ලබාගත හැකි උපරිම අයිපි ඇඩ්‍රස් ප්‍රමාණය 232 කි. එනම් 4 294 967 (බිලියන 4.3 ,කෝටි 430) කි. එහෙත් මෙයින් 14% ක ප්‍රමාණයක් භාවිතයට ගත නොහැකිව පවතී. මෙතරම් විශාල ප්‍රමාණයක අයිපි ඇඩ්‍රස් ප්‍රමාණයක් ඉක්මනින් ගෙවී අවසන් වේ යැයි එහි නිර්මාතෘවරු නොසිතූහ. එහෙත් එම දිනය ලඟ ලඟම එන බව ඔවුන්ට දැනෙනට විය. එයට විසඳුමක් ලෙස නව අයිපී ඇඩ්‍රස් ක්‍රමයක් හදුන්වාදුනි. ඒ IPv6 ප්‍රොටොකෝලයයි. IETF නම් සමාගමක් හා අන්තර්ජාල කටයුතු භාර ඇමරිකාවේ ICANN සමාගම් එක්ව IPv6 ප්‍රොටොකෝලය ඉදිරිපත් කරන ලදී.


IPv6 ප්‍රොටොකෝලය 128 බිට් එකකි. මෙයින් ලබාගත හැකි අයිපි ඇඩ්‍රස් සංඛ්‍යාව 2128 ප්‍රමාණයකි. එය විද්‍යාත්මක අංකනයෙන් ලිව්වොත් 3.4x10 38 ලෙස ලැබේ.වෙන්ත් ලෙස පැවසුවොත් එය අන්ඩෙසෙලියන් 340කි! (අන්ඩෙසෙලියනයක් යනු එකයි බින්දු 35 ලියූවිට ලැබෙන අගයයි). මේ දැවැන්ත ඉඩෙහි තරම කොතරම් ද කිව හොත් මේ ක්‍රමයට ලොව සෑම කෙනෙකුටම අයිපි ඇඩ්‍රස් ලක්ෂයක් පමණ ලැබේ. එනම් ලොව සෑම පුද්ගලයෙකුටම උපාංග ලක්ෂයක් අන්තර්ජාලයට එක්කල හැක! මෙය තව දශක ගණනාවකට සෑහෙන ප්‍රමාණයේ ඉඩකි.
මේ අලුත් ප්‍රොටොකෝලය අන්තර්ජාලයට එක්කලද පැරණි IPv4 අයිපි ඇඩ්‍රස් ක්‍රමයයද එලෙසම ක්‍රියාත්මකවේ. එනම් IPv6 අයිපි ඇඩ්‍රස් ක්‍රමය එක් අන්තයකත් IPv4 අයිපි ඇඩ්‍රස් ක්‍රමය තවත් අතකත් ක්‍රියාත්මක වේ. මෙලෙස ප්‍රොටොකෝල් 2ක් ක්‍රියාත්මක වන විට ඒ දෙවිදියටම ක්‍රියාත්මක වන ආකාරයට ලොව ඇති විවිධ ආයතන සිය සේවා වෙනස් කරනලදී. 2011 ජූනි 8 වැනිදා කෙරුනේ ඒ කටයුත්තයි.


July 27, 2014

Shut Down විධානයක් නැවැත්වීමට ක්‍රමයක්..



      දවසේ වැඩ ටික ඉවර කරලා කොම්පියුටරේ Shut Down බොත්තම ඔබලා අත ගන්න කොටම තව මොකක් හරි අමතක වුණු දෙයක් මතක් වෙනවා. දැන් මොකද කරන්නේ? මේ කියන්න යන්නේ ඒ වගේ වෙලාවක දුන්න Shut Down විධානයක් අවලංඟු කරන ක්‍රමයක්.
මේක මහ අමාරු දෙයක් නෙවෙයි. කරන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයක්.

  • මුලින්ම Desktop එකේ Right Click කරලා New-->Shortcut ක්ලික් කරන්න.


දැන් පහල තියෙන විදිහේ window එකක් මතුවෙයි. ඒකෙ Type the location of the item කියලා තියෙන text
box එකේ  shutdown.exe -a  කියලා type  කරන්න. මේක හරියටම type  කරන්න ඕනි.
  • ඊට පස්සේ Next බට්න් එක ක්ලික් කරන්න. ඒකෙ  Type a name for this shortcut කියන තැනට කැමති නමක් දෙන්න. ඊට පස්සේ Finish බට්න් එක ක්ලික් කර්න්න.
  • දැන් මේ Shortcut එකට icon එකක් දෙන්න හදපු shortcut එක උඩ  Right Click කරලා Properties ක්ලික් කරලා Change icon ක්ලික් කරන්න. 
  •  එතකොට පහල තියෙනවා වගේ මැසේජ් එකක් එයි. ඒක ok කරලා මතුවෙන වින්ඩොවෙන් කැමති icon එකක් ‍තෝරලා ok කරන්න. දැන් Properties එකෙත් ok ක්ලික් කරන්න. 


දැන් හරි.  Shut Down කරලා වින්ඩෝ එක නැතිවෙන්න ඉස්සෙල්ලා මේ  Shortcut එක ක්ලික් කරන්න. එතකොට  Shut Down වෙන එක නවතීවි.

තව අලුත් දේකින් හමුවෙමු!

දැන්වීම්


July 26, 2014

Windows 9 සමග පැරණි Start මෙනුව නැවතත්


  කෙතරම් නොමිලේ දෙන පරිගණක මෙහෙයුම් පද්ධති තිබුනත් ඒ හැම එකකටම වඩා ඉදිරියෙන් සිටින්නේ windows මෙහෙයුම් පද්ධතියයි. මුදල් දී මිලදී ගැනීමට නොහැකි වුවත් එහි ව්‍යාජ පිටපතක් හෝ තම පරිගණකයට දමා ගැනීමට ජනයා පුරුදු වී සිටියි. එයට ප්‍රධානම හේතුව  windows මෙහෙයුම් පද්ධතියයේ ඇති නම්‍යශීලී බව හා ආවේනික හැඩයක් පැවතීමයි. Start මෙනුව එහි ප්‍රධානම ලක්ෂණයයි.  

              windows මෙහෙයුම් පද්ධතිය නිකුත් කල මුල් අවදියේ පටන් එය නොනවත්වාම පැමිනියේ ස්ටාර්ට් බොත්තම(start button) සමගය.  windows 7 දක්වාම මෙලෙස පැමිණි සාම්ප්‍රධායික ස්ටාර්ට් මෙනුව windows 8 වලදී සම්පූරණයෙන්ම වාගේ වෙනස් විය. වෙනදාමෙන් desktop එක තුලදීම කුඩා ප්‍රමාණයෙන් මතුවන ස්ටාර්ට් මෙනුව windows 8 වලදී ස්ටාර්ට් බොත්තමද නැතිව වෙනමම තිරය පුරා දිස් වන ආකාරයට ආවේය. මෙහෙයුම් පද්ධති එකිනෙකට වෙනස් අයුරින් ඉදිරිපත් කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගම කටයුතු කලත් windows 8 සමග පැමිණි මේ වෙනසට භාවිත කරන්නන් එතරම් කැමැත්තක් නොදැක්විය. මෙහෙයුම් පද්ධතිය Tablat මාදිලියේ පරිගණක වලට ගැලපෙන ලෙස නිර්මාණය කිරීමට සමාගම උත්සහ ගත් නිසාය. එහෙත් මෙය සාමාන්‍ය desktop පරිගණක භාවිත කරන්නන් හට හිසරදයක් මෙන් විය.මෙය තේරුම් ගත් සමාගම ස්ටාර්ට් බොත්තම සහිතව windows 8.1 නමින් නව සංස්කරණයක් නිකුත් කලේ එම ගැටලුව මගහර වන්නටය. ඒත් තවමත් කසු-කුසුව පවතින බැවින් ආරංචියට අනුව දැන් 2015 එලි දැක්වීමට නියමිත Windows 9 සමග පැරණි Start මෙනුව දීමට යයි. එයට අදාල ඇතැම් තිර සටහන් දැන් අන්තර්ජාලයට නිකුත් වී ඇත. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ හැඩරුව නිර්ණය කරන්නේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ උප සභාපතිනියක් වන ජූලි ලාසන් ග්‍රීන් විසිනි.


     MS office 2007 සමග ආ රිබන් ඉන්ටෆේස් එකද ඇයගේ අදහසකට අනුව නිර්මාණය කරන ලද්දකි. එය ජනප්‍රිය වූ බැවින්  windows මෙහෙයුම් පද්ධතියේද හැඩරුව නිර්ණයට ඇයව පත් කරන් ලදී. 



            කෙසේ වෙතත්  windows භාවිත කරන්නන් වෙනත් මෙහෙයුම් පද්ධති වලට මාරු වීම වැලැක් වීමට නම් මයික්‍රෝසොට් සමාගමට මේ වෙනස් කම සිදුකල යුතුය.


දැන්වීම්


July 24, 2014

බිල් ගෙට්ස්ටත් 8.1 දාගන්න බැරිවෙලා..

                               

               මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව එහි තාක්ෂණික උපදේශකවරයෙකු ලෙස වැඩ භාර ගත් මුල් ම දිනයේ බිල් ගේට්ස් නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණ දී තිබේ. ඒ, ඔහුට පසුගිය බදාදා සම්පූර්ණ දිනය ම වින්ඩෝස් මෘදුකාංගයේ නවතම විශේෂාංගය වන Windows 8.1 මෘදුකාංගය ස්ථාපනය (install) කිරීම සඳහා වැය කිරීමට සිදුවීම හේතුවෙනි. පෙරවරුවේ සිට දිවා ආහාරය තෙක් එය සිදුකිරීමට බිල් ගේට්ස් උත්සහ කර ඇත ත් එය සාර්ථක වී නොමැත. ඉන්පසුව ඔහුගේ සහයට මයික්‍රොසොෆ්ට් නව ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩෙලා පැමිණ ඇත ත් ඔහුගේ උත්සහය ද ව්‍යර්ථ වී තිබේ. මෙය බිල් ගේට්ස් නව තනතුරේ වැඩ භාර ගැනීමෙන් පසුව ලැබූ ‘ධනාත්මක අත්දැකීමක්’ බව විචාරකයෝ පවසති. ඒ අනුව, ඉදිරියේදී Windows 8.1 මෘදුකාංගයේ පවතින දුර්වලතා නිවැරදි කිරීමට පියවර ගනු ඇත.

උපුටා ගැනීම:-http://newsfirst.lk/

දැන්වීම්


July 23, 2014

ගූගල් ඩේටා සෙන්ටර් එකක් ඇතුලට යමුද?

මොකක්ද මේ ඩේටා සෙන්ටර් එකක් කියන්නේ?

     ප්‍රධාන පෙලේ අන්තර්ජාල සේවා සපයන ආයතන වගේම පරිගණක මෘදුකාංග නිපදවන ආයතන, පරිගණක දෘඩාංග නිපදවන ආයතන තම සේවාදායකයන්ගේ තොරතුරු හා අනෙකුත් දෑ ගබඩා කර ඇත්තේ සර්වර් නමින් හඳුන්වන පරිගණක තුලය. ගූගල්, ෆේස් බුක්, මයික්‍රෝසොෆ්ට්,HP ආදී සමාගම් සියල්ලක්ම පාහේ තමන්ගේම සර්වර් භාවිතා කරයි. ඔවුන්ගේ සමාගම් වල වටීනාම සාදකය වන්නේ මේ තොරතුරු සමූහයයි. දිනපතා එක් වෙන මේ තොරතුරු කන්දරාව පාලනය කිරීමට තනි සර්වර් පරිගණකයකට බැරිය. එමනිසා සර්වර් පරිගණක රාශියකින් සමන්විත සර්වර් පද්ධති මේ තොරතුරු මෙහෙය වීමට භාවිතා කරයි. මෙවැනි සර්වර් පද්ධති ගබඩා කර ඇති ස්ථාන 'ඩේටා සෙන්ටර්'(Data Center) ලෙස හඳුන්වයි. සර්වර් සඳහා විදුලිය සැපයීම, සිසිල් කිරීම, ක්‍රියා විරහිත වූ සර්වර් අලුත්වැඩියාව සිදු කිරීම මේවා තුල දී සිදු කෙරේ. අතිමහත් වූ තොරතුරු කන්දරාව තැන්පත් කොට ඇති දෘඩ තැටි(Hard DisK) මිලියන ගණනක් ඩේටා සෙන්ටර් තුල ඇති රාක්ක තුල අසුරා ඇත. එක් සමාගමක් සතු ඩේටා සෙන්ටර් ලොව විවිධ ස්ථාන වල පැවතිය හැක.



           මෙවැනි ඩේටා සෙන්ටර් එකක් මෙසේ යැයි පැවසීමට මේ විස්තරය ප්‍රමාණවත් නොමැත.මා දන්නා තරමින් අපේ රටේ දී නම් මෙවැනි ඩේටා සෙන්ටර් එකක් සොයා ගත නොහැක. ගූගල් සමාගම අපූරු ක්‍රමයකින් මේ 'ඩේටා සෙන්ටර්' කෙසේ දැයි පෙන්වීමට වෙබ් පි‍ටුවක් දියත් කොට තිබේ.මෙහිදී ගූගල් සමාගමට අයත් ඩේටා සෙන්ටර් එකක් ප්‍රදර්ශණය කොට ඇත. www.google.com/about/datacenters/inside/streetview/ යන වෙබ් ලිපිනයට පිවිසෙන ඕනෑම කෙනෙකුට ඩේටා සෙන්ටර් එක තුල ඇවිදිමින් එය නැරඹීමට පුලුවන්.

July 21, 2014

ගේම් හදන කෝඩු කාරයින්ට Microsoft KODU !


      අද අපි ක්‍රිඩාකරන තාලයේ පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කිරීම යනු ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. පරිගණකයට ගැලපෙන පරිදි ත්‍රිමාණ පරිසරයන් නිර්මාණය කිරීම හා ඒවාට වැඩසටහන් ලීවීම තනිව කල නොහැකි සේම උසස් පරිගණක භාෂා දැනුමක්ද තිබිය යුතුය. නිර්මාණශීලී අදහස් ඇති පරිගණක භාෂා පිලිබඳ එතරම් දැනුමක් නොමැති අයට මෙය අපහසුවකි.





මෙයට කදිම විසඳුමක් මයික්‍රෝසොෆ්ට් සමාගමින් දී තිබේ. ඒ කෝඩු (Kodu) ය . වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඇති පරිගණකයට හෝ X box 360 ගේම් කන්ට්‍රෝලයකට  downlad කොට install කරගත් පසු. Drag & Drop ආකාරයට ක්‍රීඩාවට අදාල චරිත හා කොටස් එක් කරමින් පරිගණක භාෂාවක් භාවිත නොකර ගැලීම් සටහන් ආකාරයට උපදෙස් සැකසීමට මෙයින් පුලුවන්. මෙය නොමිලේ ලබා දෙන මෘදුකාංගයකි. මෙය විශේෂයෙන් දරුවන් වෙනුවෙන් සැල්සුම් කලද වැඩිහිටියන්ටද ගැලපේ.



මෙම මෘදුකාංගය නිර්මාණය කලේ මයික්‍රෝසොෆ්ට් රිස(ර්)ච් හි මැතිව් මැක්ලෝරින්ය. දරුවන්ගේ නිර්මාණශිලීත්වය දියුනු කිරීම සඳහා මගක් සොයමින් සිටින අතර තුර උපන් අදහසකට අනුව මෙය නිර්මාණ වී තිබේ. ඔහු මෙයට යොදාගත්තේ අධ්‍යාපන කටයුතු වලට භාවිතා කල ලෙගෝ(LEGO) භාෂාවයි.


-කෝඩු ලබාගැනීමට-

කෝඩු ස්ථාපනයට තිබිය යුතු අවශ්‍යතා
  1. Windows 7 හෝ ඊට ඉහල සංස්කරණයක්
  2. .NET Freamework 4.0 -Download
  3. XNA Freamework  -Download

July 13, 2014

වයිරසයේ වත ගොත..

      වයිරස්  දැන් මිනිස්සුන්ට ,සත්තුන්ට විතරක්  නෙවෙයි පරිගණක වලටත් වින කටින දෙයක් වෙලා. අද පෙන් එකක් , මෙමරි චිප් එකක් ගත්තොත් වයිරස් නැති එකක් හොයාගන්නත් අමාරුයි. ඔය හැමදේකටම වගේ වයිරස් වලටත් ඉතිහාසයක් තියෙනවා.මම මේ ලිපියෙන් කියන්න යන්නේ ඒ ගැන.

ලෝකයේ මුලින්ම ලිව්වේ 1982 දි රිචඩ් ස්ක්‍රෙන්ටා කියන පාසල් සිසුවෙක්. මේක තියෙන ෆ්ලොපි ඩිස්ක් එකක් පරිගණකයට වැඩසටහන ඉබේම කොපි වේ. දැන් පරිගණකයට අලුත් ඩිස්කට් (ෆ්ලොපි ඩිස්ක් එකක්) එකක් ඇතුලත් කලද වැඩසටහන එයටද කොපි වේ. මේ ඩිස්කට් එක තවත් පරිගණකයකට දැමූ විට එයටද කොපි වේ. මෙලෙස ඩිස්ක් හරහා මෙය බෝ වේ. මෙයා මේ ලියපු වැඩසටහනට කිව්වේ එල්ක් ක්ලෝනර් (Elk Cloner) කියලා.
රිචඩ් ස්ක්‍රෙන්ටා


කොහොම වුනත් සාර්ථකව පරිගණක වයිරස් එකක් ලිව්වේ සදර්න් කැලිෆෝනියා විශ්ව ඉංජිනේරු පාසලේ සිසුවෙක් වූ ෆෙඩ්ඩ්‍රික් කොහෙන් විසින්. ඒ 1983 දී. මේ වැඩසටහනත් රිචඩ් ස්ක්‍රෙන්ටා විසින් ලියන ලද වැඩසටහන  වාගේම ඉබේ කොපි වන වන වැඩසටහනකි. මෙවැනි වැඩසටහන් පරිගණක ' වයිරස් ' ලෙස මුලින්ම හඳුන්වන ලද්දේ ඔහු විසිනි. මොහුගේ විශේෂත්වය වූයේ තමා ලියන ලද වැඩසටහනේ ක්‍රියාකාරිත්වය නවතා දැමිය හැකි වැඩසටහන්ද ඒ සමගම ලිවීමයි. එනම් වයිරසයට සරිලන ඇන්ටිවයිරස් (Antivirus) වැඩසටහනද ලිවීමයි.
ෆෙඩ්ඩ්‍රික් කොහෙන්

වයිරසය සොයා පරිගණකයෙන් ඉවත් කිරීමේ ගුණාංගය ඇතිව මුලින්ම ඇන්ටිවයිරස් (Antivirus) වැඩසටහනක් ඉදිරිපත් කරන ලද්දේ 1987 දී බර්න්ඩ් ‍ෆික්ස් විසිනි.
වයිරසය බිහිවූ මුල් කාලයේ තිබූ වයිරස කිසිඳු හානියක් නොමැති කිලෝ බයිට් කිහිපයක් ඇති ඉතා කුඩා වැඩසටහන් විය. නමුත් අද වන විට පරිගණකයේ ලිපිගොණු මකාදමමින් පරිගණක්යේ වේගය අඩාල කරන පරිගණක වයිරස වල පටන් න්‍යෂ්ටික බලාගාර වල වැඩ කඩා කප්පල් කල හැකි තරම් භයානක වයිරස නිපදවී ඇත. ඊට හොඳම උදාහරණය ඉරානයේ බෂීර් න්‍යෂ්ටික බලාගාරයේ කටයුතු කඩාකප්පල් කල ස්ටක්ස්නෙට්(W32.Stuxnet) නම් වයිරසයි. කෙසේ වුවත් වයිරස් නිසා ‍රැකියා වෙළඳ පොලක් අද වන විට නිර්මාණය වී තිබේ. පරිගණක සඳහා ඇන්ටිවයිරස නිපදවීම ඒ වෙළඳ පොලයි.

July 6, 2014

ලෝකෙම ප්‍රසිද්ධ අපේ මෘදුකාංග ඉංජිනේරුවා!

       මේ කියන්න යන්නේ ලෝකෙම ප්‍රසිද්ධ අපේ රටේ මෘදුකාංග ඉංජිනේරුවෙක් ගැනයි. මෙයා තමයි චමත් පලිහපිටිය. ඒත් මෙයා අපේ රටේ කොච්චර දුරට ප්‍රසිද්ධද කියලනම් මම දන්නෙ නෑ.


මෙයා ඉපදුනේ ලංකාවේ. ඊට පස්සෙ වයස අවුරුදු 6 දී චමත් ගෙ පවුලේ අය කැනඩාවේ පදිංචියට යනවා.මේ ගමනෙන් තමයි මෙයාගෙ ගමන පටන් ගන්නෙ.1999 දී එයා මුලින්ම වෝට(ර්)ලූ සරසවියෙන් විදුලි ඉංජිනේරු උපාදියක් ලබාගන්නවා. ඊට පස්සෙ BMO Nesbitt Burns කියන ආයතනයේ අවු:1 වැඩ කරලා 2000 දී කැලිෆෝනියාවට යනවා.

ලෝකෙම දන්න AOL ආයතනයේත් චමත් පණිවිඩ අංශයේ ප්‍රධානියා වෙලා තියෙනවා. ඒ 2004 දී .ඊට පස්සෙ 2005 දී AOL එකෙන් අයින් වෙන මෙයා Mayfield Fund එකෙත් වැඩ කරලා Face book එකට සම්බන්ධ වෙන චමත් Face book  හි ඉහලටම එනවා. ඒ Face book  හි බාවිත කරන්නන් වැඩිකිරීමේ සම්බන්ධයෙන්. පසු කාලයේදී Face book  ලොක්කා ඒ කියන්නේ මාක් ෂූක(ර්)බ(ර්)ග් ට නැතිවම බැරි කෙනක් බවටත් පත්වුනා. 
අපේ රටේ ප්‍රසිද්ධ නැති ඒත් ලෝකෙම ප්‍රසිද්ධ ලංකාවේ මොළයක් තමයි චමත් පලිහපිටිය කියන්නේ. අපේ අතරත් තවත් මේ වගේ අය ඕන තරම් ඇති. ඒත්.. ලෝකේ හොඳ තැනකට එන්න අපේ රටේ අධ්‍යාපනය ප්‍රමාණවත්ද? ඒක එහෙම නම් චමත් පලිහපිටිය, සරත් ගුණපාල වගේ අයගෙන් අපේ රටට වැඩක් ගන්න බැරිද?...

එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ලිපි එකතුව

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.